නිදහස් දිනයට එරෙහිව යාපනේ හර්තාල්

අද (පෙබ 04) දිනය කළු නිදහස් දිනය සනිටුහන් කිරීමට උතුරු-නැගෙනහිර දෙමළ ජනයා කටයුතු යොදා ඇත. ඒ අනුව යාපනය නගරයේ කඩ සාප්පු වසා කළු කොඩි දමමින් හර්තාලයක් ක්‍රියාත්මක වේ.

ඊට අමතරව යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සහ සිවිල් සමාජය එක්ව පෙබරවාරි 4 සිට 7 දක්වා යාපනයේ සිට මඩකලපුවට රැළියක් පැවැත්වීමට නියමිතය.

ජාතික නිදහස් දිනය ලෙස හඳුන්වනු ලබන පෙබරවාරි 4 වනදා දෙමළ ජනයා විසින් හඳුන්වනු ලබන්නේ ‘දෙමළ ජනයාට එරෙහි පීඩනයේ දිනය’ (Tamil Oppression Day) ලෙස යි. වසර කිහිපයක් පුරා දෙමළ ජනයා විසින් යුක්තිය ඉල්ලමින් තමන් කරන අරගල ඉස්මතු කරමින් එදිනට කළු කොඩි ඔසවනු ලබයි. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක්කිරීම් හි සත්‍ය හෙළිකර යුක්තිය ඉටු කරන ලෙස, හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින ඉඩම් නැවත ලබාදෙන ලෙස, දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස, හමුදාකරණය නවත්වන ලෙස බල කිරීම එකී යුක්තිය උදෙසා වන අරගල අතර වේ.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...