නිදහස් දිනයට එරෙහිව යාපනේ හර්තාල්

අද (පෙබ 04) දිනය කළු නිදහස් දිනය සනිටුහන් කිරීමට උතුරු-නැගෙනහිර දෙමළ ජනයා කටයුතු යොදා ඇත. ඒ අනුව යාපනය නගරයේ කඩ සාප්පු වසා කළු කොඩි දමමින් හර්තාලයක් ක්‍රියාත්මක වේ.

ඊට අමතරව යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සහ සිවිල් සමාජය එක්ව පෙබරවාරි 4 සිට 7 දක්වා යාපනයේ සිට මඩකලපුවට රැළියක් පැවැත්වීමට නියමිතය.

ජාතික නිදහස් දිනය ලෙස හඳුන්වනු ලබන පෙබරවාරි 4 වනදා දෙමළ ජනයා විසින් හඳුන්වනු ලබන්නේ ‘දෙමළ ජනයාට එරෙහි පීඩනයේ දිනය’ (Tamil Oppression Day) ලෙස යි. වසර කිහිපයක් පුරා දෙමළ ජනයා විසින් යුක්තිය ඉල්ලමින් තමන් කරන අරගල ඉස්මතු කරමින් එදිනට කළු කොඩි ඔසවනු ලබයි. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක්කිරීම් හි සත්‍ය හෙළිකර යුක්තිය ඉටු කරන ලෙස, හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින ඉඩම් නැවත ලබාදෙන ලෙස, දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස, හමුදාකරණය නවත්වන ලෙස බල කිරීම එකී යුක්තිය උදෙසා වන අරගල අතර වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...