වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ අවම ප්‍රමිතිය ගැසට් කිරීමෙන් වෙන්නෙ මොකක්ද? – අන්තරෙන් පැහැදිලි කිරීමක්

Date:

අවම ප්‍රමිතිය පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට හේතුව වෛද්‍ය අධ්‍යපනය මුදලට විකිණීමේ අරමුණ බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ අවම ප්‍රමිතිය සඳහා ආණ්ඩුව ඉදිරිපත් කල යෝජනාව පාර්ලිමේන්තුවේදී අද සම්මත වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු රත්කරව්වේ ජිනරතන හිමි මේ බව පවසා තිබේ. එම හිමියන් පවසන්නේ දැනටත් වෛද්‍ය ප්‍රමිතියේ අවම ප්‍රමිතිය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නිකුත් කරන කඩයිම් ලකුණු හරහා ඉදිරිපත් කෙරෙමින් තිබූ බවයි.

ඊට අමතරව විදෙස් ගතව අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකුට වුවද ලංකාවේදී ERPM පරීක්ෂණය අවම ප්‍රමිතිය නිර්ණායකය බවට පත්වෙන බවයි. එම හිමියන් ප්‍රශ්න කර සිටින්නේ සිසුන් බඳවා ගන්නේ රජයේ වෛද්‍ය පීඨ සඳහා පමණක් නම් අලුතින් අවම ප්‍රමිති ගැසට් පත්‍රයක් අවශ්‍ය වන්නේ ඇයිද යන්නයි. රජයේ වෛද්‍ය අධ්‍යාපනයෙන් පිට වෙනත් ආයතන පවතින්නේ නම් පමණක් මෙවැනි ආකාරයෙන් අවම ප්‍රමිතිය ගැසට් කිරීම අවශ්‍ය වෙන බවද ජිනරතන හිමි පවසා තිබේ.

” පහුගිය ආණ්ඩුව විසිනුත් C 2යි S 1 අවම ප්‍රමිතිය ලෙස ගෙන හැදුවා. දැන් ආණ්ඩුවෙනුත් ඒකම ගෙනල්ලා තියෙනවා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා නිර්දේශ කර ඇති අවම ප්‍රමිතිය සහ නව අවම ප්‍රමිතිය ගැසට් එක අතර ගැප් එකක් තියෙනවා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිර්දේශවලට අනුව රාජ්‍ය විශ්ව විද්‍යාලවලට සිසු සිසුවියන් බඳවා ගත්තට පස්සෙ මෙම නවතම අලුත් අවම ප්‍රමිතිය යටතේ සුදුසුකම් ලැබූ තව පිරිසක් ඉතිරි වෙනවා. ඒක ලොකු වෙළඳපොළක්. ඒ පිරිස තමයි පෞද්ගලික විශ්ව විද්‍යාලවලට බදවා ගැනීම කරන්නෙ. ”

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...