වැරදි හැදෙන්නේ නැමුණු කොඳු දිගහැරුණු දාකය

අත දැරූ තැනෙක කපු කැටියක්
ගල් පහර කා මැරුණු හැටියක්
ඉතිහාස පොත ලිව්වාද?
විජයගේ චපල වූ ප්‍රේමය…..
දරු පැටව් අත නොහැරි අම්මෙක් ය
කුවේණිය, දැන යුතු ය ලෝකය……

වනේ ලා කොටා කිරි කැටියෙක්
මරා ලේ හලා විරු පැටියෙක්
ඉතින් සංහිඳුනාද?
නිරිඳුගේ අසම්මත කාමය…..
මවක් බෝගම්බරත්, නුවර
වැසි කියා වැටෙන්නෙම ශෝකය…..

ගිනි ලමින් එක ටයර් වැටියක්
අළු වුණේ කාගෙ හෝ පැටියෙක්..
බිය මිසක රටට හිමි වුණාදෝ
ආණ්ඩුව කියූ ඒ සාමය..
අම්මලා කඳුළු ගඟ හලන්නේ
ලොවම නිදි ගත් නිහඬ රෑක ය

බැටන් පොලු,බට බම්බු අතරින්
කඳුළු වැසි ජල කඳන් නහමින්
සඳළුතල හොලවාවි දූ පුතුන්
අත් මිටින් විසිරුවා ප්‍රේමය
එදා සිට කළ වැරදි හැදෙන්නේ
නැමුණු කොඳු දිගහැරුණු දාකය

එපා යැයි නොකියාම අම්මලා
බත් මුලත් එවන්නේ ඒකය…

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...