වතුකරයේ පවුල් අතර දුප්පත්කම දෙගුණ තෙගුණ වෙලා

මලෙයග ජන ප්‍රජාව අතර දුප්පත්කම දෙගුණ තෙගුණ වී ඇති බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

මධ්‍යම කඳුකරයේ වතු ආශ්‍රිත පවුල්වල දිළිඳුකම සියයට පනස් හයක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ජාත්‍යන්තර සහ දේශීය ආයතන රැසක් සිදු කළ පර්යේෂණ වලදී අනාවරණය වී ඇතැයි දිවයින පුවත්පත වාර්තා කර තිබේ.

ආර්ථික දරිද්‍රතාවයෙන් පීඩාවට පත් වතු පවුල් දිනකට ආහාර වේල් දෙකකට සීමා වී සිටින අතර ඔවුන්ගේ දෛනික ආදායම ස්ථාවර නොවීම පවුල්වල පෝෂණ ඌනතාවය උග්‍රවීමට බලපා තිබෙන බව ද අනාවරණය වී ඇත.
2024-2025 වසර වලදී සිදු කළ සමීක්ෂණයට අනුව වතු අංශයේ දුප්පත්කම සියයට 56 ක් බවත් 14000 ආසන්න පවුල් සංඛ්‍යාවක් අස්වැසුම ප්‍රතිලාභීන් බවත් සඳහන් වෙයි.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවට අනුව ඒක පුද්ගල මාසික වියදම රුපියල් 17117 ක් වුවත් වතු පවුල්වල රැකියා අස්ථාවරත්වය මත මාසික වියදමට සාපේක්ෂව ආදායම නොලැබෙන තත්ත්වයක් පවතින බව වාර්තා පෙන්වා දී ඇත.

වතුකරයේ පවුල් දෙකකින් එකක් දැඩි ආහාර අනාරක්ෂිත තත්ත්වයෙන් පෙළෙන අතර ඉතාම අඩු ආහාර ප්‍රමාණයක් ගන්නා පවුල් සංඛ්‍යාව ද ඉහළ මට්ටමක පවතින බව ද සියයට 30 වැඩි පවුල් සංඛ්‍යාවක් සතියකට එක දිනක් හෝ කිරි නිෂ්පාදන පරිභෝජනය නොකරන බව ද සමීක්ෂණ වලින් තහවුරු වී ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...