22වන ව්‍යවස්ථා සංශෝධනය රාජපක්ෂලාගේ ද සහායෙන් සම්මතයි

22 වන ව්‍යවස්ථා සංශෝධනය මීට සුළු මොහොතකට පෙර වැඩි ඡන්දයෙන් සම්මත විය.

ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පක්ෂව ඡන්ද 179ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණේ 1ක් ඡන්දයක් පමණි.

මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරයි.

ඒ අනුව පනත් කෙටුම්පත දෙවන වර කියවීම සම්මත බව කථානායකවරයා සභාවට දැන්විය.

ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ සිටි ආණ්ඩු පක්ෂයේ සෙසු සියලු මන්ත්‍රීවරු සහ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු (සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

ඡන්දය විමසන අවස්ථාවේදී ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු හතළිස් හයදෙනෙක් සභාවේ සිට නැත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සංජීව එදිරිමාන්න, පවිත්‍රා වන්නිආරච්චි, අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්, එම පක්ෂයේ එම්.ඒ සුමන්දිරන් සහ ෂ්‍යානක්කම් රාසමානික්කම් එසේ නොපැමිණි මන්ත්‍රීවරු අතර වෙති.

චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් මෙම සංශෝධනය හරහා ජනතාවගේ අභිලාශ ඉටුවී නැත. අරගලයේදී ජනතාව ඉල්ලා සිටියේ නව ව්‍යවස්ථාවක් , විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමක් මිස මෙවැනි ඉතාමත් සුළු ප්‍රතිසංස්කරන නොවේ. අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ධූරය පවතින තාක් කල් සහ ජනතා සහභාගීත්වය තහවුරු නොකරන තාක් ඉතිහාසයේ සිදුවූ දේ නැවත නැවත සිදුවීම වැළක්වීමට නොහැකි වනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...