සභානායක දන්නේ නැතිද වලිමුණිලගේ වැඩ ගැන.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටහිර කන්ද රක්ෂිතයේ දෙබරආර වරිමාර්ග වැව හරස් කර වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ සහෝදරයන් වෙනම අමුණක් හදලා වතුර හරවන බවට අද පාර්ලිමේන්තුවේදී චාමර සම්පත් මන්ත්‍රීවරයා ආණ්ඩුවට විවේචනයක් ඉදිරිපත් කළා.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගැටලුව විසඳන්න මැදිහත් වුණත් ඒය සිද්ධ නොවන බවද ඔහු ප්‍රකාශ කර සිටියා.

චාමර සම්පත් මන්ත්‍රීවරයාගේ චෝදනාව සම්බන්ධයෙන් සභානායක බිමල් රත්නායක ඒ මොහොතේම මැදිහත්වීමක් කරමින් ඒගැන කරුණු විමසා සිටියා.

ඔබතුමාට සීයට සීයක්ම විශ්වාසද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කළ චෝදනාව ගැන. මොකද මේ චෝදනාව නිවැරදි නොවුනොත් එතුමාට ඉදිරිපත් වෙලා මෙතන උත්තර දෙන්න පුළුවන්කමක් නැහැ. ඔබතුමා ඒ වගකීම අරගෙන නේද ඔය ප්‍රකාශය කරන්නේ. අපි ඒ ගැන හොයලා බලන්නම්.

බිමල් රත්නායක සභානායක වරයාගේ මැදිහත්වීම හරහා මතුවන ගැටලුව වන්නේ ඔය කියන වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පමණක් නොව NPP පාර්ලිමේන්තු මන්ත්‍රීනි චතුරි ගංගානිට එරෙහි ව ද එම ප්‍රදේශයේ රක්ෂිත විනාශ කිරීමට පිඹුරුපත් සකසන බවට චෝදනා එල්ල වී තියනවා. ඒවා පිළිබඳව ප්‍රසිද්ධ මාධ්‍ය වල වාර්තා පළ වී තියන පසුබිමක් යටතේ තමයි ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී මතුවෙන්නේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන ගංගානි මන්ත්‍රීවරිය තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නැහැ .

බිමල් රත්නායකගේ පිළිතුරෙන් සනාථ වන අනිත් කරුණ වන්නේ ඔවුන්ට එරෙහිව පරිසරවේදීන් එල්ල කර තිබෙන චෝදනාවන් සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වා ඇති බවයි.

වලිමුණිගේ සහ ගංගානිට එරෙහිව ඉදිරිපත් වන චෝදනා පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමට වුවමනා නම් අපි සභානායකගෙන් ඉල්ලා සිටිනවා මේ වීඩියෝවට සවන් දෙන්න කියා.

එමෙන්ම ඔය කියන සභාපතිවරයාගේ සහෝදරයන් රක්ෂිත ඉඩම් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් විශාල චෝදනා එල්ල වී කියනවා.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...