2025 අයවැයෙන් අධ්‍යාපනයට අවම වශයෙන් 3% ඉල්ලා අන්තරේ උද්ඝෝෂණය

දීර්ඝ කාලයක් තිස්සේ පැවති අධ්‍යාපනයට 6% ක් පමණවත් වෙන් කරන්න කියන ඉල්ලීම වර්තමාන රජය බලයට පත්වීම සඳහා යොදාගත් සටන් පාඨ අතර එකක් වෙනවා.

අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය උද්ඝෝෂණයක නිරත වුණේ ආණ්ඩුවට මේ කාරණය මතක් කරදීම සඳහායි. ඒ වගේම රනිල් රාජපක්ෂ පාලනය විසින් පාසල් උපකරණ සඳහා පනවා ඇති බද්ද අහෝසි කිරීමට ද මෙහිදී ආණ්ඩුවට යෝජනා කළ අතර මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් දහ දහ දක්වා වැඩි කරන ලෙසද යෝජනා කළා.

කෙසේ වෙතත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පෙන්වා දෙන්නේ අවම වශයෙන් 2025 අයවැය තුළදී අධ්‍යාපනයට වෙන් කරන මුදල 3% දක්වා වැඩිකර ක්‍රමානුකූලව 6% සීමාව කරා යන ලෙසයි.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද අන්තරේට එරෙහිව නියෝගයක්ද පනවනු ලැබුවා. ජනාධිපති කාර්යාලය මුදල් අමාත්‍යාංශය වෙත උද්ඝෝෂකයන්ට යෑම අවහිර කරමිනුයි එම නියෝගය පනවනු ලැබුවේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...