ටීචර් කෙනෙක් ඉන්න ඕන කොහොමද

ඇයි ඔහොම සින්දු කියන්නේ?
ඔයා ටීචර් කෙනෙක් නේද?

අපෝ ඔහොමත් නටනවද?
ටීචර් කෙනෙක්නේ ඔයා. හා නැද්ද?

ඇයි ඔය හයියෙන් කතා කරන්නේ?
අප්පා…ටීචර් කෙනෙක් නේද ?

මොකක්ද ඔය ඇඳුම?
ටීචර්ලා ඔහොම අඳිනවද?

ඔයාගේ කොණ්ඩේ ඇයි ඔහොම?
ටීචර් කෙනෙක් නේද හැබෑටම?

මොනවද අනේ ඔය කන කඩචෝරු?
ටීචර්ලා ඕවත් කනවද?

ඔහොම උඩ පැන පැන සෙල්ලම් කරන්න?
වටිනවද ටීචර් කෙනෙකුට?

ඔය යන එන ඇවිදින විදිය?
ටීචර් කෙනෙකුට ඔබිනවද?

ඔහොමත් හිනාවෙනවද?
ඕවා ටීචර් කෙනෙක්ට ගැලපෙනවද?

සත්ගුණවත් මිනිසුනේ
ඇත්තටම මට කියනවද?
ටීචර් කෙනෙක් ඉන්න ඕන කොහොමද?

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...