ටීචර් කෙනෙක් ඉන්න ඕන කොහොමද

ඇයි ඔහොම සින්දු කියන්නේ?
ඔයා ටීචර් කෙනෙක් නේද?

අපෝ ඔහොමත් නටනවද?
ටීචර් කෙනෙක්නේ ඔයා. හා නැද්ද?

ඇයි ඔය හයියෙන් කතා කරන්නේ?
අප්පා…ටීචර් කෙනෙක් නේද ?

මොකක්ද ඔය ඇඳුම?
ටීචර්ලා ඔහොම අඳිනවද?

ඔයාගේ කොණ්ඩේ ඇයි ඔහොම?
ටීචර් කෙනෙක් නේද හැබෑටම?

මොනවද අනේ ඔය කන කඩචෝරු?
ටීචර්ලා ඕවත් කනවද?

ඔහොම උඩ පැන පැන සෙල්ලම් කරන්න?
වටිනවද ටීචර් කෙනෙකුට?

ඔය යන එන ඇවිදින විදිය?
ටීචර් කෙනෙකුට ඔබිනවද?

ඔහොමත් හිනාවෙනවද?
ඕවා ටීචර් කෙනෙක්ට ගැලපෙනවද?

සත්ගුණවත් මිනිසුනේ
ඇත්තටම මට කියනවද?
ටීචර් කෙනෙක් ඉන්න ඕන කොහොමද?

 

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...