බුදුන්ටත් කෙලවලා ගොවියාටත් කෙළවන්න සූදානමින්

කෘෂිකර්ම ඇමතිවරයා මේ වන විට කරන්නේ ගොවියා නොපෙනෙන ඈතක ඉඳගෙන  උම්බෑ ගාන එකයි. ගොවිතැනට අවශ්‍ය කරන තෙල් බෙහෙත් පොහොර ඉල්ලන ගොවියන්ට අවලාද නගන එකයි.

කෘෂිකර්ම ඇමති වරයාට අනුව නම් දැන් 480 000 වැඩි ගොවියන් ගොවිතැන් කිරීම ආරම්භ කරල තියෙනවා. මෙය සමස්ත කුඹුරු අක්කර ප්‍රමාණයෙන් 60% ක් 65 ක විතර ප්‍රමාණයක්.  තව සුමාන දෙකක් විතර යනකොට  ලංකාවේ තියෙන කුඹුරු අක්කර හෙක්ටයාර ලක්ෂ අටම ගොවියන් වගා කටයුතු ආරම්භ කරලා සම්පූර්ණ කරනවා. මේ ඔක්කොම කියන අතරතුර කෘෂිකර්ම ඇමැතිවරයා කියනවා බය නැතුව වී වගා කරන්න  කාබනික වී කිලෝ එකක් රුපියල් සීයට රජය ගන්න සූදානම් කියලා. මේ කියමන හරියට ගොවියා ම අන්දලා පාරිභෝගිකයාව කබලෙන් ලිපට දානවා වගේ එකක්. වී කිලෝවක් රුපියල් සීයකට ගත්තහම හාල් කිලෝවක මිල කීයද

වත්මන් ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව මේ වන විට සියලුම භාණ්ඩවල පාලන මිල එකිනෙක අත්හරිමින් ඉන්නේ. අවසාන වශයෙන් සීනි පාලන මිලත්  ඊයේ අත් හරිනු ලැබුවා. මෙසේ ගත් විට පාලනයක් නැති ආණ්ඩුවක් තුළ වී කිලෝවක මිල රුපියල් සීයට ගිය විට හාල් කිලෝ 1 මිල පාරිභෝගිකයාට දරන්න බැරි තරම් ඉහළ අගයක් ගන්න බව අපි කාටත් වැටහෙනවා.

ඉතින් මේ කෘෂිකර්ම ඇමතිවරයා ඇතුළු  කණ්ඩායම් එකතු වී කරන්නේ රටේ සමස්ත ජනතාව ඇන්දවීම පමණයි.

Share post:

Popular

වෙනත් පුවත්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...