බන්ධනාගාරයේ සිදුවූ පහරදීමකින් රැඳවියෙකු මරුට – නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාර ජේලර්වරයෙකු සහ පාලිකාවක බොරැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සදහන් කළේ, ඊයේ (27) පෙරවරුවේ බන්ධනාගාරය තුළ සිදු වූ නොසන්සුන්කාරී තත්ත්වයකින් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි 38 හැවිරිදි රැඳවියෙකු මියගොස් ඇති අතර, එම මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුනේ මත්ද්‍රව්‍ය චෝදනා මත රඳවා සිටි රැඳවියන් දෙදෙනෙකු සිර මැදිරිවලින් පිටතට පැමිණ පලායාමට උත්සාහ කර ඇති අතර එය වැළැක්වීමට බන්ධනාගාර නියාමකවරයෙකු කටයුතු කිරීමේදී ඇති වූ ගැටුමකින් රැඳවියන් දෙදෙනා සහ අදාළ නිලධාරියා තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් එහිදී එක් රැඳවියෙකු මියගොස් ඇති බවත්ය.

කෙසේවෙතත් බොරැල්ල පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව මෙම නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව විශේෂ අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවයි.

කෙසේවෙතත් මිය ගිය සහ තුවාල ලැබූ රැඳවියන්ගේ ඥාතීන් චෝදනා කරන්නේ මෙම රැඳවියන්ට පහරදීමක් සිදුව ඇති බවයි.
මේ පිළිබඳ සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වමින් මාධ්‍යවේදී කසුන් පුස්සවෙල ප්‍රකාශ කර තිබුනේ මෙය පහරදීමකින් සිදුවූ ඝාතනයක් බවයි. ඔහුගේ facebook පෝස්ටුව පහත පළවේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...