Breaking News

කෝවිඞ් 19 අර්බුදයෙන් ගොඩයෑමට කැස කවන (ඉතාලි) දක්ශිණාංශිකය

තීමස් විජිත්

ඉල්ලා අස්වූ අගමැති කොන්තේගේ තුන්වන ආණ්ඩුව පිහිටුවීමේ උත්සහය බිඳවැටීමත් සමග ජනාධිපති සේර්ජෝ මතරෙල්ල විසින් තාක්ෂණික/භාරකාර ආණ්ඩුවක් ගොඩ නැගීම වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය ධූරය බාරගන්නා ලෙස මහචාර්ය මාරියෝ ඩ‍්‍රාගි වෙත කල ආරාධනය පිළිගත් ඔහු මේ වන විට පාර්ලිමෙහ්න්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ සමග සාකච්ඡුා කරමින් නව ආණ්ඩුව පිහිටුවීමට කටයුතු කරමින් සිටී. ඒ අනුව දෙවන වටයේ සාකච්ඡුා පෙබරවාරි 9වන දින පස්වරුවේ අවසන් වීමට නියමිතව තිබූ අතර සිකුරාදා වන විට නව ආණ්ඩුව ප‍්‍රකාෂයට පත්කිරීමට නියමිතය. පාර්ලිමේන්තුව නියෝජනය කරන (Fdi)ෆ‍්‍රතෙල්ලි දි ඉතාලියා හැර සෙසු පක්ෂ සියල්ලම පාහේ නව ආණ්ඩුවට සහය දක්වන බව ප‍්‍රකාෂ කර ඇත.

තාක්ෂණික/භාරකාර ආණ්ඩුවක් යනු නැවත මැතිවරණයකට යන තුරු ආණ්ඩු කටයුතු මෙහෙයවන විධායකයයි. එහි අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩළය මංත‍්‍රීවරු නොවන අයගෙන් සමන්විත විය හැකිය. එහිදී ඔවුන්ට පැවරෙන මූලික වගකීම වන්නේ පරිපාලනය පවත්වාගෙන යෑමයි. එහෙත් දේශපාලනයෙන් තොරව එය දිගටම කල නොහැකි නිසා පාර්ලිමේන්තුවේ සහ සෙනෙට් සභාවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඔවුන්ගේද සහය ලබා ගැනීම අවශ්‍ය වනු ඇත. එහිදී බොහෝ දුරට සිදුවන්නේ මූල්‍ය ප‍්‍රතිපාදන වැඩියෙන් වෙන්කෙරෙන බරපතල අමාත්‍යංශ සඳහා බාහිර විද්වතුන් නම් කිරීමත් එතරම් වගකීම් සහගත නොවන ඇමතිකම් ප‍්‍රමානයක් සහය දෙන පක්ෂ අතර බෙදා හැරීමත්ය. එනම් ඔවුන්ගේ සහය ලබා ගැනීම සඳහා යම් විදිහකට අමාත්‍ය මණ්ඩළයට ඔවුන් එක්කර ගැනීමයි. අනෙක් පසින් පක්ෂ නියෝජිතයින් මේබව දන්නේ වුවද ඊලග මැතිවරණයේදී තමන්ට යම් වාසියක් අත්පත් කර ගැනීමට ආණ්ඩුවේ සිටීම වැදගත්යැයි සිතන හෙයින් ඒවා සමග කේවල් නොකර ලැබෙන දෙයකින් සතුටුවී එල්ලී සිටීමට කටයුතු කිරීම ඔවුන්ගේ පාර්ෂවයෙන් සිදුවේ.

2018 මැතිවරණයට දක්ෂිණාංශිකය තරග කලේ සංධානයක් ලෙසිනි. එහෙත් පලමු කොන්තෙ ආණ්ඩුවට එකතු වූයේ එම සංධානයේ කොටස් කරුවකු වූ සල්වීනි (ලේග නෝර්ඞ්) පමනි. එහිදී පාර්ලිමේන්තුවෙන් පිට වෙනත් ආයතන තුල බලය සම්බන්ධ කාරණයේදී බෙර්ලූස්කෝනි (ෆෝර්ස ඉතාලියා)සමග කටයුතු කිරීමේ වෙනත් එකගතාවයක් අනුව එය සිදුවිය. මෙවර ඒ ක‍්‍රීඩාවේ යෙදෙන්නේ (ෆ‍්‍රතෙල්ලි දි ඉතාලියා* මෙලෝනිය. යම් හෙයකින් නව ආණ්ඩුවට එකතුවීමට විරුද්ධ පිරිස් නැතිනම් ආණ්ඩුවේ යම් කටයුතු වලට විරුද්ධ පිරිස් මොවුන් අතහැර වෙනත් බලවේගයක් වෙත විතැන්වීම වලක්වා තම කඳවුර තුලම ඔවුන් තබාගැනීමේ උපක‍්‍රමයක් ලෙස මෙය සැලකිය හැකිය. එය ගම්‍යවන්නේ සහය නොදුන්නත් දැඩි විරෝධයක්ද එල්ල කිරීමට තමන් අදහස් නොකරන බව මෙලෝනි පැවසීමෙනි. කෙසේ වෙතත් මේ සියල්ලන්ම කටයුතු කරමින් සිටින්නේ ඊලග මැතිවරණය වෙනුවෙනි. මෙලෝනි සහ සල්වීනි අතර පවතින්නේ ද අනෙක් පක්ෂ තුල තිබෙන්නේද ඊට අදාල වැඩපිළිවෙලය. කිසිදු ප‍්‍රතිපත්තිමය එකගතාවයක් නැතිවුන් පවා ආණ්ඩුවට සහය පල කරන්නේ ඒ අරමුණ ඇතිවය. ඒ අතර තරු පහ ව්‍යාපාරය නව විධායකයට සහය දෙන්නේද නොදෙන්නේද යන්න තවම නිශ්චිත වී නැත. ඒ වෙනුවෙන් එහි නිර්මාතෘ මේ වන විට අධ්‍යාත්මික නායකයා ලෙස කටයුතු කරන බෙප්පෙ ග්රිල්ලෝ විසින් අභ්‍යන්තර සාකච්ඡුා කැඳවා ඇත. යම් පිරිසක් ආණ්ඩුවට එක්වීමට කැමැත්ත ප‍්‍රකාෂ කරන විට තව පිරිසකගේ අදහසවී තිබුනේ එය නොකල යුතු බවයි. මේ තත්වය හමුවේ ව්‍යාපාරය දෙකඩවීමටද ඇති ඉඩකඩ සලකා මෙසේ ඔහුගේ මැදිහත්වීම සිදුවෙමින් පවතී.

කෙසේ වෙතත් පැවති කොන්තෙ ආණ්ඩුව බිඳ වැටුනේ රෙන්සි විසින් ප‍්‍රකාෂකල කරුණු පදනම් කරගෙනමද එසේත් නැතිනම් අප‍්‍රකාෂිත බළල් අතක් ක‍්‍රියාත්මක වූවාදැයි අවධානය යොමු කල යුතුවේ. යම් පමනකට කොන්තෙ අගමැතිවරයා විසින්ද මෙය මතුකර තිබූ අතර දක්ෂිණාංශිකයේ මැදිහත්වීමක ලක්ෂණ කලින්ම දකින්නට තිබීම ඔහුගේ නිරීක්ෂණයට හසුවී තිබුනි. ඔහුගේ ඉල්ලා අස්වීමත් සමග මාරියෝ ඩ‍්‍රාගි කරලියට ඒමද එය තවදුරටත් තහවුරු කරයි.

මාරියෝ ඩ‍්‍රාගි යනු යුරෝපා බැංකු අධිපතිවරයා වූ අතර පැවති මූල්‍ය අර්බුදයෙන් යුරෝපා සංගම් රටවල් ගොඩ දැමීමට සමත්වූ පුද්ගලයා ලෙස හැඳින්වේ. ඒ වගේම දැනට යුරෝපයේ සිටින (සමහරවිට ලෝකයේ* ඉහලම ගනයේ ආර්ථික විශේෂග\යකු ලෙසද සැලකේ. එසේනම් ඔහුවෙත මෙම වගකීම පැවරී ඇත්තේ කුමන දිසානතියකින්ද යන්න පැහැදිළිය. විශේෂයෙන්ම ආණ්ඩුව වැටීමට සහ නව ආණ්ඩුව මොහුගේ මූලිකත්වයෙන් ගොඩ නැගීමට ආසන්නම කාරණය වන්නේ යුරෝපා බැංකුවෙන් ඉතාලියට ලැබීමට නියමිත යුරෝ මිලියාර්දි (බිලියන) 210ක මුදලයි. එම මුදල් යෙදවීමේ ප‍්‍රමුඛතාවය පිළිබඳ විවාදයයි. එය කොන්තේගේ ක‍්‍රමයට සිදු වෙනවාට යුරෝපා සංගමය ඉතාලියේ දක්ෂිණාංශිකය හෝ පොදුවේ ලෝක ධනේශ්වරය එකගවූයේ නැත. වෙනත් කරුණු වලින් කියැවෙමින් තිබුනේ ජනාධිපති මත්තරෙල්ලා විසින් යුරෝපා සංගමයට එරෙහිව කටයුතු කරන විවිධ ප‍්‍රකාෂ නිකුත්කරන සල්වීනි වැන්නකුගේ ක‍්‍රියාලකාපය හරහා ඉතාලිය හා යුරෝපා සංගම් සබඳතාවය පලූදුවීමට ඉඩ නොතබව බවත් මැතිවරණයකට නොයන්නේද එසේ වුවහොත් සල්වීනි පාර්ෂවය බලයට ඒමට ඇති හැකියාව සලකා බලා බවත් ඒ නිසා කොන්තෙ සමග යුරෝපා සංගමයේ විරසකභාවය සමනය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කල බවත්ය. එහෙත් හදිසියේම නව විධායකයට සහාය පලකිරීමට ඉදිරිපත්වූ මතේයෝ සල්වීනි විසින් තමන් යුරෝපීය සංක‍්‍රමණික ප‍්‍රතිපත්තියට පක්ෂව සිටින බව ප‍්‍රකාෂ කිරීමත් ජනාධිපතිවරයා විසින් තාක්ෂණික ආණ්ඩුවක් සඳහා මාරියෝ ඩ‍්‍රාගි වෙත ඇරයුම් කිරීමත් යන මේ සියල්ල විසින් මේ පසුපස ඇති ධනේෂ්වර දේශපාලන වුවමනාව පැහැදිළි වනු ඇත. සමහරවිට ට‍්‍රම්ප් ජනාධිපතිවරයාගේ ඉරණම තීරණය වූයේද මේ වසංගත තත්වය හමුවේ වුවද ලෝක දේශපාලනය හැසිරවීමේ බලය තමන් අතම රඳවා ගැනීමට හෝ එය ගිලිහී යෑම වැලැක්වීමේ අරමුණ සහිතව විය හැක.

තීමස් විජිත්

leave a reply