ගනේෂ්කුමාර් සංගීත්තන්ට PTA වෙනුවට රාජද්‍රෝහී චෝදනාවක් පටවයි

පසුගියදා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් රැප් ගායක ගනේෂ්කුමාර් සංගීත්තන්ට දණ්ඩ නීති සංග්‍රහයේ 120වන වගන්තිය යටතේ චෝදනා එල්ල කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇත. ඒ අනුව ඔහු ඊයේ ඇප මත නිදහස් කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෙවත් PTA වෙනුවට දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ “රාජද්‍රෝහී” චෝදනා එල්ල කරන ලෙස ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා උපදෙස් දී ඇති බව පොලිසිය දැනුම් දීමෙන් පසු මෙම ඇප ලබාදීම සිදුකර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

යුද්ධයෙන් මියගිය අය සිහිපත් කරමින් ගීතයක් ගායනා කළ බවට චෝදනා කරමින් කිලිනොච්චි පොලිසිය විසින් ජුනි මස 02 වැනි දින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෙවත් PTA යටතේ අත්අඩංගුවට ගත් කිලිනොච්චි, උදයනගර්-බටහිර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණ දෙමළ සංගීතඥ ගනේෂ් කුමාර් සංකේතන් දින 14 ක රැඳවුම් නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස චාවකච්චේරි මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.

දැන් ආණ්ඩුව තම චෝදනාව රජා ද්‍රෝහීත්වය දක්වා වෙනස් කර තිබේ. දීපචෙල්වම් සම්බන්ධ සිදුවීමේදී ද ආණ්ඩුව පවසන්නේ මෙම චෝදනාව යටතේ කටයුතු කරන බවයි.

ආණ්ඩුව සහ පොලීසිය බාර ඇමතිවරයා දැන් කලාකරුවන් වෙත රාජද්‍රෝහී ලේබලය ඇලවීමට පටන් ගෙන තිබේ. කලා කෘතියක් රාජද්‍රෝහී බව තීරණය කරන්නේ කෙසේද යන්න ආණ්ඩුව පැහැදිලි කළ යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...