කිනුරු තටුවක කතාව

මේ ලෝකෙ බහුතරයක් ගෑණුන්ට තියෙන්නෙ එකම හැඩය.
ඒ අස්සෙ දෙවියො වෙනස් කෙනෙක් මවනවනම් ඒ වැරදීමකින් වෙන්න බෑ .
එහෙම ගැහැණියකට පියාඹන්න හිතුනොත් ඒකි පියාඹනව .
ඒක ආයෙ සක්කරයටවත් නවත්තන්න බෑ .
වැරදීම වෙලා තියෙන්නෙ දෙවියො අතින් නෙවෙයි , මිනිස්සු වෙච්ච අපි අතින්මයි.
උඹට තියෙන්නෙ තටු දිගහැරල හුළග බදාගන්න විතරයි .
පියාඹන එක හීනයක් නෙවෙයි බං …..

ඒ නාමලී පෙරේරාගේ (මලී) කිනුරු තටුවෙන් ගලවා ගත් පුංචි පිහාටක් . කිනුරු තටුවෙන් පුංචි පිහාටුවක් ගලවලා ඒකෙ උණුසුම ගැන අපි කියන්න යන්නේ නැහැ ,පිහාටුවෙන් අපිට තට්ට ගැන පුංචි අදහසක් ගන්න පුළුවන්.

ඔවු ඒ උණුසුම් අදහස ඔබ සමීපයට ගෙන එන්න අපිට පුළුවන් , නමුත් කිනුරු තටුවක උණුසුම ඔබට දෙන්න අපිට බැහැ . ඒ නිසයි අපි ඔබට ආරාධනා කරන්නේ සැප්තැම්බර්  13 වැනිදා කිනුරු තටුවක උණුසුම විඳගන්න එන්න කියා හොරණ නගර සභා ශාලාවට සවස 2.00 ට. කිනුරු තටුවක දෙසුම් මාධ්‍යවේදී විමල් කැටපේ ආරච්චි සහ නුවන් හෙට්ටිආරච්චි

විවර අපි සමඟ  අත්වැල් බැඳගෙන කලක් සිට විවර ළමා කතාවෙන් පුංචි දරු දැරියන්ගේ මනස පෝෂණය කරන්න දායකත්වය සැපයූ හොඳම දේ තෝරා පරපුරක අනාගතය ආලෝකමත් කරන්නට වෙහෙස වූ මලී ඔබගේ කුළුඳුල් සාහිත්‍යමය ව්‍යායාමයට විවර අපගේ සුභ පැතුම්.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්