මේ ලෝකේ ඉන්නේ හරි පුදුම මිනිස්සූ කියලා මං කිව්වොත්..

ඔව්, ඔව්..
එකඟයි .
මාත් ඒ පුදුම කුලකයට අයත් එක් අවයවය ක් තමා.

බොහොම ජනප්‍රිය මාතෘකාව “ආදරය” හෝ “ප්‍රේමය ” සම්බන්ධයෙන් මේ පුදුම මිනිසා පුදුමාකාර ලෙස හැසිරේ.

මේ පුදුම මනුස්සයා, ආදරයේදී නොහොත් ප්‍රේමයේදී හැසිරෙන්නේ ඉතාම මුග්ධ ආකාරයෙනි.

තමාට අතිශය ප්‍රේම කරන පුද්ගලයාට ප්‍රේම නොකරන අතර, තමන් අතිශය ප්‍රේම කරන පුද්ගලයා, තමන්ට ප්‍රේම නොකරයි.

තමන් වෙනූවෙන් කාලය ශ්‍රමය වැය කරන පුද්ගලයා වෙනුවෙන් හිතේ කොණක වත් ඉඩක් වෙන් නොකරන අතර, තමන් මතකයේ වත් නොමැති පුද්ගලයාට මුලු හදවතම වෙන් කර බලා සිටී.

තමන්ට මුලු හිතින් ප්‍රේම කරන අය වෙනුවෙන් කිසිවක් නොකරන නමුදු, තමන්ට ප්‍රේම නොකරන නමුත්, තමාට කල හැකි සීමාවෙන් ඔබ්බට පවා යමක් කිරීමට ඕනෑම විටෙක සූදානම් වෙති.

ඒ එසේ නොවී, ආදරය, ප්‍රේමය සම සමව හුවමාරු වන, තමන් ප්‍රේම කරන්නා ම තමාටද ප්‍රේම කරන, ප්‍රේමයේ උත්කෘෂ්ට සන්තුෂ්ටිය ම සාක්ෂාත් කර ගත්තවුන් අභිනන්දනීය ලෙස සතුටින්ම ඇතැයි ද සැක සංකාවක් මේ පුදුම මිනිසුන් චින්තනයේ උපදී නම් ඒ පිළිබඳව ද පුදුම නොවිය යුත්තේමය.

ලැබුණ තරමට දෙන, දෙන තරමට ලැබෙන ගනුදෙනු කාණ්ඩයට අයත් නොවන්නා වූ භෞතිකමය භාණ්ඩයක් නොවන ප්‍රේමය විෂයයෙහි උක්ත කී ‘තම තමන්ට’ නිර්වචන නොමැත්තේමය.

ආදරය, ප්‍රේමය වනාහී, තම තමන්ට දැනෙන ආකාරයට විඳ ගත යුතු භාවමය හැඟීමකියි පුදුම හිතක් ඇත්තවුන් හොඳ හැටියට දනිති.

කිසිදා දෑසට මුණ නොගැසී ම ප්‍රේම කරන්නවුන්, මෙන්ම කිසිදා ප්‍රේමය ප්‍රකාශ නොකර ප්‍රේම කරන්නවුන් සිටින්නේ එහෙයිනි.

දිනපතා කෙසේ වතුදු, කල්ප කාල ගෙවී වුව, හඬ මාත්‍රයකදී වුව, දැකුම් ක්ෂණයකදී වුව, හදවත දඩිබිඩි හඬින් ගැහෙන තරමට ප්‍රේමය දැනී යා හැකිය. දැනි යාම වටී.

ප්‍රේමණීය සිතිවිලි දරන ප්‍රේමණීය වූ මේ පුදුම මිනිසාගේ හදවතේ දරන ප්‍රේමය, දෑස් තුලින් තරු කාන්තිය සේ පිටාර ගලා යනු දකින ප්‍රේමයේ හිමිකාරීත්වය ඇත්තා පුදුමාකාර ලෙස ඒ වින්දනය කරන්නාහුය. ඒ ප්‍රේමයේ අහ්ලාදයයි.

ප්‍රේමය වනාහී තැන්පත් සමාධිගත සිතක අපුරුමය කාව්‍ය අරවින්දයක් ලෙස සුපිපෙන, භෞතික ශරීරය මිය ගියද, මිය යා නොහී, භවගාමී සසර තුල යලි යලිත් මුණ ගැසෙන, සුවඳ සලන පුෂ්පයකැයි ඒ පුදුම මනුෂ්‍ය හිතක්ම ඇති මට හිතෙන අයුරු ගැන පුදුම නොවන්නැයි පුදුම මිනිසුනේ මම ඔබෙන් ඉල්ලමි.

 

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...