අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් හෝ නැති බව ජනාධිපතිම පිළිඅරගෙන

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව පසුගිය 6/10 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවක් අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා තවම නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැති බව ප්‍රසිද්ධියේ පිළිගන්නා ලද බව මධුෂාන් චන්ද්‍රජිත් පවසයි.

ඔහු පවසන්නේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුවේ වැඩකටයුතු මසක් ඇතුළත අවසන් කරන ලෙස උපදෙස් දුන්බව ජනාධිපතිවරයා තම facebook ගිණුමේ සටහන් කිරීමෙන් පෙනී යන්නේ මෙම ප්‍රතිසංස්කරන සම්බන්ධයෙන් මූලික ප්‍රතිපත්ති රාමුවක් හෝ නොමැති බවයි.

ආණ්ඩුව මේ වසරේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පලවෙනු ශ්‍රේණියට සහ 6 ශ්‍රේණියට ක්‍රියාත්මක කිරීමට උත්සහ ගත්තද එල්ල වූ විරෝධය හමුවේ 6 ශ්‍රේණියට ක්‍රියාත්මක කිරීම කල් දමන ලදී.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාස 06ක් පුරා 1වන ශ්‍රේණියේ දරුවන්ට ක්‍රියාත්මක කර තිබෙන වටපිටාවක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ ප්‍රතිපත්ති රාමුව දැන්වත් සකස්කරන ලෙස කීමෙන් පෙනී යන්නේ මේ කිසිදු කෙනෙකුට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කිසිදු අදහසක් නොමැති බවයි.

මෙම ප්‍රතිසංස්කරණවල අරමුණු මොනවද, කුමන විදිහට කෙරෙන්නේදේ මෙය කුමන දිසාවකට ගමන් කරන්නේද යන්න ගැන කිසිදු අදහසක් කිසිවෙකුට නොමැති බව මේ හරහා පැහැදිලිවන බව අන්තරේ කැඳවුම්කරු පෙන්වා දෙයි.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...