අවමංගල්‍යයට සහභාගි වූවන් අතර

විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් සහ ඔහුගේ පවුලේ අය වතිකානුවේ බැතිමතුන් සමඟ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යයට සහභාගී . ඉතාලි මාධ්‍ය වාර්තා කරලා තිබුණා.. ඒ අතර ඔහුගේ බිරිඳ ස්ටෙලා ද X නිවේදනයක් මගින් ඒ බව සනාථ කර තිබුණි. “දැන් ජූලියන් නිදහස් ” ජූලියන්ගේ හිංසා පීඩා දුරුකරන්න පාප් වහන්සේ දැක්වූ සහයෝගයට අපගේ පවුලේ කෘතඥතාව පළ කිරීමට අපි සියලු දෙනාම රෝමයට පැමිණියෙමු යැයි ඇය පවසනවා.

එක්සත් ජනපද රජයේ රහසිගත ලේඛන ලක්ෂ ගණනක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ වසර ගණනාවක් සිරගතව සිටීමෙන් පසු ජූලියන් අසාන්ජ් 2024 දී නිදහස ලබා ගන්නා ලදී. පසුගිය වසර 14 න් වැඩි කාලයක් ඔහු ගත කර ඇත්තේ අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීම සඳහා ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ සැඟවී සිටීම සහ බ්‍රිතාන්‍ය අගනුවර බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ සිරකරුවෙකු ලෙස සිරවී සිටීමයි. “ජූලියන් බෙල්මාර්ෂ් බන්ධනාගාරයෙන් නිදහස් කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීම සඳහා 2023 ජුනි මාසයේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවීමට භාග්‍යය මට සහ අපේ දරුවන්ට ලැබුණා. වටිකානුව ඔහු වෙනුවෙන් ගොඩක් දේවල් කළා .ඒ වගේම වතිකානුවේ සරණාගතභාවය පවා ලබා දුන්නා. ඒ සියලු දේ වෙනුවෙන් කෘතඥතාව පළ කිරීම අපගේ වගකීමක් වෙනවා .


යුක්‍රෙනයේ ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර අමුතු සාකච්ඡාවක් සිදුවීම පිළිබඳව ඉතාලි මාධ්‍ය තුළ ඡායාරූප ඵල වෙලා තිබුණා. මේ දෙදෙනාම අද වතිකානුව වෙත පැමිණියේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යයට සහභාගී වීමේ අරමුණ ඇතිවයි . එහිදී මුණගැසුණු රාජ්‍ය නායකයන් දෙදෙනා පුටු දෙකක් ඇදගෙන පුංචි සාකච්ඡාවක නියැළී තියෙනවා . එහිදී සිද්ධ වුණේ කුමක්ද කියන එක පිළිබඳව වාර්තා වෙන්නේ නැහැ . නමුත් ඔවුන් ළංව යමක් කතා කරන ආකාරය ඡායාරූපවල පලවෙනවා .

පහුගිය දවසක දවලා මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ඇමරිකානු ජනාධිපතිවරයාගේ යෝජනාවට සාර්ථක එකඟතාවක් පළ නොකිරීම හේතුවෙන් දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව තිබුණි . මේ සිද්ධිය දේශපාලනිකව විශාල අර්බුදයක් නිර්මාණය කරනු ඇතැයි උපකල්පනය කර තිබුණද පසුව යුක්‍රෙන ජනාධිපතිවරයා ඒ සිදුවීම සම්බන්ධයෙන් තමන්ගේ කනගාටුව ප්‍රකාශ කර නැවත ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡා කිරීමට එකඟතාවය පළකිරීම මත ගැටුම නිරාකරණය විය .

ඉතින් එවන් වටපිටාවක් යටතේදී තමයි මේ දෙන්නමුල්ලකට වෙලා සාකච්ඡා කරන්නේ .

තැන කුමක් වුවත් මොකද
ප්‍රශ්නය විසඳෙනවනං හොඳට

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...