වර්තමාන ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව අභිබවා ගිය බලයක් විධායක ජනාධිපතිවරයාට තිබේ. පාර්ලිමේන්තුව සතුව යම් බලයක් තිබුණා නම් එය ද තමන් සතු කර ගනිමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ විට 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඇවිත් විධායක ජනාධිපතිවරයෙකු සතු බලය තවදුරටත් ශක්තිමත් කර ගත්තා. 78 ව්‍යවස්ථාව ආරම්භයේ සිට අද දක්වාම එම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත විධායක ජනාධිපති බලයට ප්‍රතිවිරුද්ධ හැමෝම කියා සිටියේ ජනාධිපතිවරයා සතු යම් බලයක් කප්පාදු කර එය පාර්ලිමේන්තුවට ලබාදී තුලනය කළ යුතු බවයි. පුද්ගලයෙකුට බලය හිමි වු පසු ඔහුගේ අභිමතය රටේ නීතිය හෝ බලය බවට පරිවර්තනය වන හෙයින් පාර්ලිමේන්තුවේ සමූහය ඒ බලය ලබාදීම වඩා ප්‍රජාතන්ත්‍රවාදී කියන මතය රට තුළ තිබුණා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු සටන්පාඨය ගෙන ඇවිත් ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකාට සහාය දෙන්නේ ජනාධිපති සතු විධායක බලතල පාර්ලිමේන්තුව තුළ දියකර හැරීමේ දේශපාලන වුවමනාව මතයි. මුත් අද වන තුරු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියා ඒ පුටුවට පැමිණි කිසිවෙක් එහි බලතල කප්පාදු කර ගත්තේ නැහැ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා යම් සංශෝධන කීපයක් කලත් එය විධායක ජනාධිපති වරයාගේ බලතල පාර්ලිමේන්තුවට වඩා පහත හෙලන එකක් නෙමෙයි.
විධායක ජනාධිපති වරයෙකු ධුරයෙන් නෙරපා හැරීමට ව්‍යවස්ථා ප්‍රතිපාදන තිබුනත්,ඒ ප්‍රතිපාදන හැමවිටම ජනාධිපති වරයාගේ බලයට හෝ එහෙම නැත්නම් ආණ්ඩු පක්ෂයේ බහුතර බලයට හෝ යටත් වෙමින් කේවල් වෙමින් තිබුණි. ඒ හෙයින් 78 ව්‍යවස්ථාව උපන්දා සිට 2022 ජූලි මාසේ 13 වැනිදා දක්වා වන තුරු විධායක ජනාධිපති වරයෙකු ඒ ධූරයෙන් ඉවත් කරන්නෙ කොහොමද කියන ගැටලුව ප්‍රශ්නාර්ථයක් මත ලැගුම් ගෙන හිටියා. දැන් අපිට සක්සුදක් සේ පැහැදිලියි විධායක ජනාධිපතිවරයකු ධුරයෙන් නෙරපා හැරිය හැකි වන්නේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලින් නොව ජනතා පරමාධිපත්‍ය බලය එක මිටකට ගොනු කිරීමෙන් පමණක් බව.
පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා බලය ඒකරාශීව පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේ ගෝඨාභය රාජපක්ෂ නැමැති අසාර්ථක පාලකයාව ඉවත් කරන ලෙසයි. නමුත් රටේ ජනතාවගේ හඬට කන් දීමට පාර්ලිමේන්තුව අවනත නොවුණු අතර ගෝඨාභය නියෝජනය කරන පාර්ශවය පාර්ලිමේන්තුවේ බහුතරය බැවින් දිගින් දිගටම ඔහු වෙනුවෙන් පෙනී සිටීම සිදු කරනු ලැබුවා. ර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නැමැති බොරුව තුළ තවදුරටත් එල්ලී සිටින්නට බැරි බව වටහා ගත් ජනතාව තමන්ගේ බලය පාවිච්චි කරමින් විධායක ජනාධිපතිවරයකු ධුරයෙන් නෙරපා හැරීමේ නතා බලය ප්‍රථම වතාවට අත්හදා බලා ජයග්‍රහණය ද අත්කර ගනු ලැබුවා. ඉදිරියට එන සියලු ජනාදිපතිවරුන් නෙරපා හැරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවෙන් පිටත කියන එක ජනතාව මේ වන විට සම්මත කර අවසන්.ගෝඨාභය රාජපක්ෂව ධුරයෙන් ද නෙරපා හැරියා පමණක් නොව රටින්ද පිටුවහල් කරනු ලැබුවේ ජනතා පරමාධිපත්‍යයයි
ජනතා කැමැත්තෙන් තේරී පත්වුණු විධායක ජනාධිපති වරයාව ජනතාව පලවා හැර තිබෙනවා. දැන් ඉතිරි වී ඉන්නේ වැඩබලන තාවකාලික ජනාධිපති කෙනෙක්. ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කිරීම සඳහා පාර්ලිමේන්තුවට, විධායක ජනාධිපතිවරයා රටේ ජනතාව පලවා හැරීමෙන් පසුව අවස්ථාවක් ලැබී තිබෙනවා. ඉහත අපි සඳහන් කළ ආකාරයට පාර්ලිමේන්තුවට බලය ලැබුණොත් ඒ බලය ජනතා අභිලාෂය නිරූපණය වන ආකාරයෙන් ක්‍රියාවට නැගෙන වාද කියන එක උදාහරණයක් මගින් ඔප්පු කර ගැනීමටත් දැන් අවස්ථාව උදාවෙලා තියෙනවා.
වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ බහුතර ජනතාව ප්‍රතික්ෂේප කරන මොහොතක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උවමනාව මත අද අනුප්‍රාප්තික ජනාධිපති අපේක්ෂකයා ලෙස දිනේෂ් ගුණවර්ධන රනිල්ගේ නම යෝජනා කළා. සමගි ජන බලවේගයේ මනුෂ නානායක්කාර එම නම ස්ථිර කරනු ලැබුවා. පාර්ලිමේන්තුවට බහුතර බලයක් හිමි වුණොත් ජනතා අභිලාෂය පාර්ලිමේන්තුව තුළින් ඉෂ්ට කරගැනීමට හැකියාව තිබේද කියන පැනයට මෙන්න මෙතනදී අපට උත්තරයක් ලැබෙනවා. ඒ තමයි පාර්ලිමේන්තුව තුළ බහුතර බලය හිමිකර ගන්නා පාර්ශවයේ උවමනාව තමයි පාර්ලිමේන්තුව තුළ යළිත් නිරූපණය වීමට නියමිත. එය හැම විටම ජනතා අභිලාෂය නෙවෙයි. පුද්ගල කණ්ඩායමකගේ පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ උවමනාවයි.
මේ අනුව පාර්ලිමේන්තුවට බලය දීම යනු ජනතා අභිලාෂය නිරූපණය වීමක් ලෙස වැරදි අර්ථකතනයක් ලබා දීම තවදුරටත් සාධාරණ නොවේ. ජනතාවට තමන්ගේ අභිලාශය පාර්ලිමේන්තුව තුළින් ඉෂ්ට කර ගැනීමට නම් දැන් තිබෙන 78 ව්‍යවස්ථාව සහමුලින්ම ඉවත්කර ජනතා අභිලාෂයන් මත පදනම්ව නිර්මාණය වුණු ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍ය බව මේ පවතින තත්ත්වය තුළ සනාථ වී තිබේ.
හෙට මැතිවරණය රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කළද , ඩලස් අලහප්පෙරුම ජයග්රහණය කළ ද ක්‍රියාවට නැගෙන්නේ බහුතර ජනතාවගේ කැමැත්ත මත ගෝල්ෆේස් අරගල බිමෙන් නිර්මාණය කළ වැඩපිළිවෙළ නොවෙන බව මැතිවරණ ව්‍යාපාරයේ නියැලී සිටින පාර්ශව ගෙන යන ක්‍රියාවලිය හරහා සනාථ වෙමින් තිබේ. ඒ අනුව ජනතා අභිලාෂය වෙනුවෙන් අලුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පවතින පාර්ලිමේන්තු ක්‍රමය කුඩුපට්ටම් කර ඒ මත අලුතෙන් නව පාර්ලිමේන්තුවක් සහ ව්‍යවස්ථාවක් ගොඩ නැගිය යුතුය.
රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ විධායක ජනාධිපති ධූරයෙන් පන්නා දැමීමෙන් පසුව ව්‍යවස්ථානුකූලව අනුප්‍රාප්තික ජනාධිපති වරයෙක් ගෝඨාභයගේ ඉදිරි කාලය සඳහා තෝරාපත්කර ගත යුත්තේ පාර්ලිමේන්තුව තුළින්. ඒ සඳහා 2022 ජූලි මාසේ 19 වැනිදා නාමයෝජනා කැඳවනු ලැබුවා. මේ තරගයට හතර දෙනෙක් නාමයෝජනා දෙන්නට නම් ජනගත කර තිබුනත් සජිත් ප්‍රේමදාස ඉල්ලා අස්වී ඩලස් අලහප්පෙරුමට සහාය පළ කරන හෙයින් 19 වැනි දා නාමයෝජනා භාර දෙනු ලැබුවේ තිබෙන පමණයි. පහත සඳහන් වන්නේ එම තිදෙනාගේ නාම යෝජනා සහ ස්ථිර කිරීම් පිළිවෙලයි.
* රනිල් වික්‍රමසිංහ – යෝජනා කළේ , දිනේෂ් ගුණවර්ධන ස්ථිර කළේ මනූෂ නානායක්කාර
* ඩලස් අලහප්පෙරුම – යෝජනා කළේ සජිත් ප්‍රේමදාස , ස්ථිර කළේ G L පීරිස්
*අනුර කුමාර දිසානායක – යෝජනා කළේ , විජිත හේරත් ස්ථිර කළේ හරිනි අමරසූරිය