Breaking News

ආණ්ඩුව තුන්පාරක් අසාර්ථකයි – හාල් මාෆියාව ළඟ දණගැහුවා – විදුර වික්‍රමනායක

වත්මන් ආණ්ඩුව විසින් සහල් මාෆියාව ඉදිරියේ දණ ගැසූ බවත් සහල් මිල පාලනයට ජනාධිපතිවරයා ගත් උත්සාහය අසාර්ථකව ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහල් මිල සම්බන්ධව කළ මැදිහත්වීමක් සම්බන්ධ මාධ්‍යයේ ප්‍රචාරය කරමින් පාලන මිලක් හඳුන්වා දෙන්නට පෙබරවාරි මාසයේ කටයුතු කළද ඒය ඇත්ත වශයෙන්ම සහල් ව්‍යාපාරිකයන් අධික ලාභ උපයන්නට ගත් උත්සාහයට වාසිදායක මිල නියමයක් බවට ජනතාව අතර අප්‍රසාදයට පත් විය. ඒයින් සිදුවන අපකීර්තිය වසා ගන්නට නැවත වරක් අප්‍රේල් 10 වැනිදා සහල් මිල අඩු කරන්නට නැවත ගැසට් නිවේදනයක් නිකුත් කරන්නට ජනාධිපතිවරයා කටයුතු කළේය. ඒ් වනවිට මාස දෙකක කාලයක් තිස්සේ වැඩි මිලකට සහග් අලෙවි කිරීමට සහල් මා‌ෆියාවට හැකිව තිබිණි. සහල් තො අවසන්ව සහල් හිගයක් ඇතිව තිබෙන තත්වය තුළ අප්‍රේල් මස සහල් මිල අඩු කිරීම ජනතාවට කිසිදු වාසියක් අත්කර දුන්නේ නැත. විශේෂයෙන් මිල අඩු කළ සම්බා, නාඩු සහ කැකුළු සහල් වෙළඳපොලේ නොමැතිකම නිසා කොරෝනා වසංගත සමයේ ඇඳිරි නීතිය යටතේ අධික මිල ගණන්වලට පවා සහල් අලෙවි කරන්නට වෙළඳුන් කටයුතු කළ අතර පාලන මිලට සහල් සපයන්නට සතොසට පවා නොහැකි විය. මේ ආකාරයෙන් අවස්ථා දෙකකදී ආණ්ඩුව ගත් පියවර අසාර්ථක වී සහල් මාෆියාවට ඒරෙහිව කිසිවක් කළ නොහැකි වූ ගෝඨාභය රාජපක්ෂ පාලනය හමුදා නිලධාරියකු පාරිභෝගික සේවා අධිකාරියට පත් කරමින් සහල් මාෆියාවට ඒරෙහිව කටයුතු කරන බව පෙන්වන්නට ‘සහල් මෝල් වැටලීමේ මාධ්‍ය සංදර්ශනයක්’ පැවැත්වීය. ඒහෙත් අවසානයේ තුන්වන උථ්සාහයද නිශ්පල බවට පත් කරමින් පසුගිය දා සහල් මිල වැඩි කිරීමේ තත්වයට ආණ්ඩුව ඇද වැටුණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක අද(29) මාධ්‍ය හමුවක් පවත්වමින් මේ අසාර්ථකභාවය සම්බන්ධයෙන් ප්‍රහාරාත්මක අදහස් පළ කරමින් ආණ්ඩුව සහල් මාෆියාව පාමුල දණ ගැසූ බව කියා සිටියේය.

leave a reply