Breaking News

මේ අපේ “ජීවිතය”

තුෂී සංජීවනී

උණ බටෙන් පෙති ගැසී
සව්කොලෙන් එතී එතී
කැටයමෙන් හැඩ වෙවී
වටේටම රැළි රැළී

බෝ පතේ සිල් සුවඳ
එක් වුණා මද නලට
පන්දමේ කහ එළිය
හිනැහුනා පුර සඳට

බැස ගියේ පුරා සඳ
ලං වුණේ අමාවක
හසුවුණේ සුළඟකට
පාට රැළි එකින් එක

හිරු රැසට කර වුණා
වැසි දියට හිල් වුණා
සායමත් බොඳ වුණා
කැටයමත් ඇද වුණා

සැකිල්ලක් ඉතිරි විය
කුණු ගොඩට විසික් විය
දුම් නැගී අළුව ගිය
මේ අපේ “ජීවිතය”

 

leave a reply