මේ අපේ “ජීවිතය”

උණ බටෙන් පෙති ගැසී
සව්කොලෙන් එතී එතී
කැටයමෙන් හැඩ වෙවී
වටේටම රැළි රැළී

බෝ පතේ සිල් සුවඳ
එක් වුණා මද නලට
පන්දමේ කහ එළිය
හිනැහුනා පුර සඳට

බැස ගියේ පුරා සඳ
ලං වුණේ අමාවක
හසුවුණේ සුළඟකට
පාට රැළි එකින් එක

හිරු රැසට කර වුණා
වැසි දියට හිල් වුණා
සායමත් බොඳ වුණා
කැටයමත් ඇද වුණා

සැකිල්ලක් ඉතිරි විය
කුණු ගොඩට විසික් විය
දුම් නැගී අළුව ගිය
මේ අපේ “ජීවිතය”

 

Share post:

Popular

වෙනත් පුවත්

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පොලීසියට යන්නත් කලින් ඥානසාර හැංගිලා

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව...