අනුප්‍රාප්තික ජනාධිපති තෝරන තරඟයේ අනුර කුමාර භූමිකාව

Date:

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මේ අදහස් පළකළේ පැලවත්ත, ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි . මේ අවස්ථාවට ජාතික ජන බලවේගයේ ලේකම් නිහාල් අබේසිංහ සහ මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි ද සහබාගි විය.

“කවුරු මේ ආණ්ඩුව හැදුවත් මේ පාර්ලිමේන්තුවේ ගොඩනැගිය යුතු වන්නේ, අන්තර්කාලින ආණ්ඩුවක්. නමුත් මම දන්නා පරිදි රනිල් වික්‍රමසිංහ හෝ ඩලස් අලහප්පෙරුම කියල නෑ මේ ගොඩනගන ආණ්ඩුව අන්තර්කාලිනද ඒ කී කාලයකටද කියල.

මොකද රනිල් වික්‍රමසිංහ හෙට කිව්වොත් මේක මාස හයකට කියල පාර්ලිමේන්තුවේ ඉතුරු අවුරුදු තුනම ඉන්ඩ කැමැත්තෙන් ඉන්න මන්ත්‍රීවරු ඔහුට ඡන්දේ දෙන්නෙ නෑ. ඒ වගේමයි ඩලස් අලහප්පෙරුම කිව්වොත් එයා හදන ආණ්ඩුව මාස හයයි කියල. පාර්ලිමේන්තුවේ පෙන්ෂන් එකත් අරගෙන ඉතුරු අවුරුදු තුනත් ඉඳල යන්න ඉන්න ය ඡන්දෙ දෙන්නෙ නෑ . හැබැයි මම කියනවා. ගොඩනැගෙන්න ඕනෙ අන්තර්කාලීන ආණ්ඩුවක්.

මේක තව අවුරුදු තුනක් ඉදිරියට ගෙනියන්න පුළුවන් වලංගු සහිත පාර්ලිමේන්තුවක් නෙමෙයි. රටේ ජනමතයයි පාර්ලිමේන්තුවේ මතයයි අතර විශාල වෙනසක් තියනවා. ඒ නිසා මේක අන්තර්කාලීන ආණ්ඩුවක් විය යුතුයි. පාර්ලිමේන්තුවේ සංයුතිය ඇමතිමන්ඩලය 10 දෙනෙකුට නොවැඩි විය යුතුයි. ඒ කාලය තුළ ජනපතිට, ඇමතිවරුන්ට සංස්ථා සභාපතිවරුන්ට, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට මූලික වැටුප පමණක් වියයුතුයි. හැබැයි මේක හෙට රනිල් වික්‍රමසිංහට කියන්න පුලුවන්ද. නෑ රනිල් සුදානම් වෙලා ඉන්නේ ඡන්ද ලබාගැනීම වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට වන්දි ගෙවන්නත් සමහර මන්ත්‍රීවරුන්ට. මේක ඩලස් අලහප්පෙරුමට කියන්න පුලුවන්ද. හැබැයි අපිට බලය ආවොත් අපි කරනවා. අපිට බලය නාවත් ඒගොල්ලෝ එය කළ යුතුයි.

රනිල් වික්‍රමසිංහ ගැන කතාකරලා වැඩක් නෑ. ඩලස් අලහප්පෙරුම ට මොන ප්‍රතිපත්තියද ඩලස් යනු 17 වන සංසෝධනයට අත උස්සපු, 18 වන සංසෝධනයට අත උස්සපු, 19 වන සංසෝධනයට අත උස්සපු, 20 වන සංසෝධනයට අත උස්සපු කෙනෙක්. ඩලස්ට මොන හර්ද සාක්ශීයක්ද. අඩුම තරමේ රටේ ජනතාවගේ ඒකායන ඉල්ලීම වෙච්ච දුෂිතයන්ට දඬුවම් දෙන්නෙත් නෑ . දුෂිතයන්ට දඬුවම් දෙනවා කිව්වොත් රනිල්ට ප්‍රසන්නගෙ ඡන්දෙ නැතුවයනවා. ඩලස් දුෂිතයන්ට දඬුවම් දෙනවා කිව්වොත් ඩලස්ට සජිත්ගේ ඡන්දෙත් නතුවයනවා.”

උ. ගැ . ලංකා 

 

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...