Breaking News

කරුණා අම්මාන්ට පානා සෙනෙහස දේශප්‍රේමින් දේශපාලන සිරකරුවන්ට නොදෙන්නේ මන්ද

සමන්සිරි හේරත්

කරුණා අම්මාන් ගේ ප්‍රකාශයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගෙන තිබෙන බව අපට පෙන්වීම සඳහා දැන් ක්‍රියාවලියක් ආරම්භ කරලා තියෙනවා . ආණ්ඩුවට පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයෙන්ම කරුණාට එරෙහි විවේචන එල්ල වෙමින් තිබෙනවා. පළමු පියවර හැටියට කරුණා අම්මාන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් ඊයේ දිනයේ (25) සිද්ධ වෙලා තියෙනවා .ඒ ප්‍රශ්න කිරීම පැය හතක්ලු .

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එල්ටීටීඊ සාමාජිකයන් දෙදහකට පමණ පොදු සමාවක් ලබා දුන් බව කරුණා අම්මාන් ප්‍රකාශ කළ බවත් ඒ හේතුව නිසා කරුණාට එරෙහිව කිසිවක් කිරීමට නොහැකි බව කරුණා ප්‍රකාශ කළා යැයි කියා මාධ්‍ය අද වාර්තා කරලා තිබුණා .

පහතින් අප උපුටා දක්වන්නේ කරුණා අම්මාන්ව ආරක්ෂා කරගැනීම සඳහා ආණ්ඩුව පාර්ශවය නියෝජනය කරන කීප දෙනෙක්ගේ ප්‍රකාශ කීපයක්

  • පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්ක අපේක්ෂකයා රියර් අද්මිරාල් සරත් වීරසේකර කියනවා ත්‍රස්තවාදීන් 11 600 ක් පුනරුත්තාපනය කරලා සමාජයට යවලා තියෙනවා කියලා,මිනී මරපු ළමා සොල්දාදුවන් 500ක් පුනරුත්ථාපනය කරල යවලා තියනවා මධ්‍යා වේදියාගෙන් ඔහු අහනවා ඒකත් වැරදිද කියලා. ප්‍රජාතන්ත්‍රවාදී රටක, මෙවැනි ත්‍රස්තවාදයක් තිබුණු රටක නායකයෝ හිතන්නේ මේ අපේම රටේ වැසියන් කියලා, ඔවුන්ට නැවත වරක් හැදෙන්ඩ අවස්ථාව දීලා තියෙනවා, කරුණා අම්මාන්ට හැදෙන්ට අවස්ථාව දීලා තියෙනවා .මොකද අපි ඔහුගෙන් උදව් ලබාගත්ත මේ යුද්ධය ජයග්‍රහණය කරන්න.
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක එස් එම් චන්ද්‍රසේන සජිත් ප්‍රේමදාසගේ තාත්තා රණසිංහ ප්‍රේමදාස කරුණා අම්මාන්ට සල්ලි දුන්නා, ආයුධ සැපයුවා. අමු අමුවේ මඩකලපුවේ පොලිස් නිලධාරීන් 600ක් ඝාතනය කරන්න අවශ්‍ය පසුබිම සකසා දුන්නේ ප්‍රේමදාස.
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක ගොවිඳු කුමාරතුංග මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කලේ ඒ ත්‍රස්තවාදියා පාලනය කරලා යුද්දයට අවශ්‍ය ආකාරයට පාවිච්චි කිරීම.

එළඹෙන මැතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කරත් කවුරු පරාජයට පත් වුණත් කරුණා අම්මාන්ට එරෙහිව මේ ගෙන යන නාටකය මැතිවරණයෙන් පසුව අවසාන වේවි .

කරුණා අම්මාන්ගේ ප්‍රකාශයට අනුව ඔහු අතින් හමුදාවේ දෙතුන් දාහක් මරණයට පත් වෙලා තියෙනවා .ඒ මරා දැමීම් සෘජුව ඔහු අතිනුත් ඔහු අණදුන් කණ්ඩායම් අතින් සිදු වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් ඒ මරණවලට ඔහුගේ වගකීමක් තියෙන බව ඔහු ප්‍රකාශ කරනවා .එය සදාචාරය අතින් ගත්තත් නීතිය පැත්තෙන් බැලුවත් මිනිස් ඝාතනයක් සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් .

විමල් වීරවංශලා මේ ප්‍රශ්නය හමුවේ දී දැන් ප්‍රකාශ කරන්නේ අංගුලිමාලත් මිනිසුන් මැරුවා නමුත් බුදු හාමුදුරුවන්ගෙන් ධර්ම දේශනා අහලා හොඳ මිනිහෙක් වුණා ,කරුණා අම්මානුත් මිනී මැරුවා. නමුත් එල්ටීටීඊ එකට විරුද්ධව ලංකා ආණ්ඩුව පැත්තෙ හිටගෙන එල්ටීටීඊ සංවිධානය මර්දනය කරන්න උදව් දුන්නා ඒ නිසා ඒ හේතුව නිසාම කරුණා දැන් හොඳ මිනිහෙක් කියලා .

දැන් අපි විමල් වීරවංශ ලාට ගෝඨාභය රාජපක්ෂලාට මහින්ද රාජපක්ෂලට ආරක්ෂක ලේකම්වරුන්ට පැනයක් ඉදිරිපත් කරන්නම්.

මහත්වරුණි මිනිසුන් දෙතුන් දාහක් ඝාතනය කළා යැයි කියන කරුණා අම්මාන්ට ඔබට හැකි නම් මෛත්‍රිය පාන්න .ඇයි ඔබට බැරි කිසිම මිනිහෙක්ව නො මරපු ,ජීවිතය බේරගන්න ඇවිත් බාර වුණු ,සුළු වැරදි කළ ,කරුණා අම්මාන්ලාගේ අණට වැඩ කළ දැනටමත් හිර ගෙවල් ඇතුළට කොටුවෙලා ඒ සඳහා වන්දි ගෙවා ඇති දේශපාලන සිරකරුවන් ටික නිදහස් කරන්න .

මේ මොහොතේ මේ බෙදීම ඉස්මතු කරන එක වැදගත් ,දේශප්‍රේමී තක්කඩින්ගේ නිරුවත හෙළි කරන්න .

leave a reply