සමහර ජීවිත බේර ගන්නෙ වෛද්‍යවරුන්ගේ කැපවීමෙන්

Date:

2012දී අනුරාධපුරයේ පළමු වකුගඩු බද්ධ කිරීම කල ඉරේශා අද​ ආයෙත් මාව බලන්න ආවා. මට ගොඩක් සතුටුයි.
මම විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට සම්බන්ධ වුනු පළවෙනි බද්ධ කිරීම​ මේක. ඇය දැන් මගේ රෝගියෙක් නොවෙන නිසා චායාරූප දාන්නත් විස්තර කියන්නත් බාධාවක් නෑ. කොහොමත් චායාරූපය සහ විස්‍තර දාන්නේ ඇගේ අවසරය ඇතුව​. ඒ දවස් වල මාධ්‍ය වලත් මේ විස්තර සහ චායාරූප පලඋනා.

2012දී මොළය මියගිය කෙනෙකුගේ වකුගඩු දෙකක් ලැබුනා. එයින් එකක් වෙනත් රෝහලක බද්ධ කිරීමක් සඳහා යවන්න පුලුවන් උනත් අනිත් එක යවන්න තැනක් හොයාගන්න බැරි උනා. ඒ අනුව අපි අනුරාධපුරයේදී ඒ වකුගඩුව බද්ධ කරන්න හිතුවා.

මේ වෙනකොට ඉරේශා වකුගඩු අක්‍රීය වෙලා ලේ පිරිසිදු කරමින් හිටියේ. ඇයගේ මව ඇයට වකුගඩුවක් දෙන්න සූදානම් වෙලා, ඒ සඳහා දෙන්නම​ වෙනත් රෝහලකට යවලා තිබ්බේ. නමුත් මවගේ වකුගඩුව ලබා ගැනීමේදී ඇතිවූ සංකූලතාවයක් නිසා වකුගඩුව ලබා ගැනීමට බැරි වෙලා. මව ඒ රෝහලේ ඉඳිද්දීම ලේ පිරිසිදු කිරීම සඳහා ඉරේශා ආපහු අනුරාධපුරයට ආවා.

මේ වෙනකොට අනුරාධපුරයේ වකුගඩු බද්ධ කිරීම සඳහා පහසුකම් තිබ්බේ නෑ. (කොටින්ම methyl prednisolone වත් තිබ්බේ නෑ. දැන් වයඹ වෛද්‍යපීඨ පීඨාදිපති ලෙස කටයුතු කරන බෝවත්ත අයියා නුවරින් හොයලා එව්වේ). නමුත් සියලු දෙනාගේම සහයෝගයෙන් මේ බද්ධ කිරීම සාර්ථකව කලා.

මේ විදිහට පටන් ගත්ත අනුරාධපුරයේ අවයව බද්ධ කිරීමේ වැඩසටහන දැන් ලංකාවේ පළමු වරට කල බද්ධකිරීම් දෙකක් (වකුගඩුවක් හා අග්න්‍යාශය එකවර බද්ධ කිරීම හා පාදයක් බද්ධ කිරීම​) කරන තරමට ඉදිරියට ඇවිත් තියෙනවා. රජීව දසනායක

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...