සමහර ජීවිත බේර ගන්නෙ වෛද්‍යවරුන්ගේ කැපවීමෙන්

2012දී අනුරාධපුරයේ පළමු වකුගඩු බද්ධ කිරීම කල ඉරේශා අද​ ආයෙත් මාව බලන්න ආවා. මට ගොඩක් සතුටුයි.
මම විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට සම්බන්ධ වුනු පළවෙනි බද්ධ කිරීම​ මේක. ඇය දැන් මගේ රෝගියෙක් නොවෙන නිසා චායාරූප දාන්නත් විස්තර කියන්නත් බාධාවක් නෑ. කොහොමත් චායාරූපය සහ විස්‍තර දාන්නේ ඇගේ අවසරය ඇතුව​. ඒ දවස් වල මාධ්‍ය වලත් මේ විස්තර සහ චායාරූප පලඋනා.

2012දී මොළය මියගිය කෙනෙකුගේ වකුගඩු දෙකක් ලැබුනා. එයින් එකක් වෙනත් රෝහලක බද්ධ කිරීමක් සඳහා යවන්න පුලුවන් උනත් අනිත් එක යවන්න තැනක් හොයාගන්න බැරි උනා. ඒ අනුව අපි අනුරාධපුරයේදී ඒ වකුගඩුව බද්ධ කරන්න හිතුවා.

මේ වෙනකොට ඉරේශා වකුගඩු අක්‍රීය වෙලා ලේ පිරිසිදු කරමින් හිටියේ. ඇයගේ මව ඇයට වකුගඩුවක් දෙන්න සූදානම් වෙලා, ඒ සඳහා දෙන්නම​ වෙනත් රෝහලකට යවලා තිබ්බේ. නමුත් මවගේ වකුගඩුව ලබා ගැනීමේදී ඇතිවූ සංකූලතාවයක් නිසා වකුගඩුව ලබා ගැනීමට බැරි වෙලා. මව ඒ රෝහලේ ඉඳිද්දීම ලේ පිරිසිදු කිරීම සඳහා ඉරේශා ආපහු අනුරාධපුරයට ආවා.

මේ වෙනකොට අනුරාධපුරයේ වකුගඩු බද්ධ කිරීම සඳහා පහසුකම් තිබ්බේ නෑ. (කොටින්ම methyl prednisolone වත් තිබ්බේ නෑ. දැන් වයඹ වෛද්‍යපීඨ පීඨාදිපති ලෙස කටයුතු කරන බෝවත්ත අයියා නුවරින් හොයලා එව්වේ). නමුත් සියලු දෙනාගේම සහයෝගයෙන් මේ බද්ධ කිරීම සාර්ථකව කලා.

මේ විදිහට පටන් ගත්ත අනුරාධපුරයේ අවයව බද්ධ කිරීමේ වැඩසටහන දැන් ලංකාවේ පළමු වරට කල බද්ධකිරීම් දෙකක් (වකුගඩුවක් හා අග්න්‍යාශය එකවර බද්ධ කිරීම හා පාදයක් බද්ධ කිරීම​) කරන තරමට ඉදිරියට ඇවිත් තියෙනවා. රජීව දසනායක

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...