බිත්තර සහ කුකුළු මස් මිල ඉහළට – දරුවන්ගේ පෝෂණය පහළට

බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යාම රට තුළ විශාල මන්දපෝෂණ තත්ත්වයක් ඇතිවීම සඳහා බලපෑමේ අනතුරක් මතුව ඇත. මෙම තත්ත්වයට වැඩිපුර ගොදුරු විය හැකි කොටස කුඩා ළමුන් වේ.

ප්‍රෝටීන අවශ්‍යතාව පහසුවෙන්ම සපුරාගත හැකි ආහාරයක් ලෙස කුකුල් මස් සහ බිත්තර හඳුන්වා දිය හැකිය. එහිදී මන්දපෝෂණයෙන් මිදීම සඳහා ජනතාවට සැපයිය හැකි පහසුම විසඳුම වුණේ මේ කුකුළු නිෂ්පාදනයයි. නමුත් මේ වනවිට කුකුල් සහ බිත්තර මිල බොහොමයක් ජනතාවට දැරිය හැකි මට්ටමක නැත.

කුකුළු මස් හා බිත්තර මිල තවදුරටත් ඉහළ යා හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පසුගියදා පැවසීය. ඉදිරියේදී බිත්තරයක මිල රුපියල් 70ක් දක්වා ද කුකුළු මස් කිලෝවක මිල 1600 දක්වාත් ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දෙයි.

කර්මාන්තය පවත්වාගෙන යෑමට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා මාසිකව ඇමරිකානු ඩොලර් මිලියන 40ක මුදලක් අවශ්‍ය බව ද ඔහු පේනවා දෙයි.

එහිදී ඔහු පවසන්නේ පසුගිය මාර්තු මාසයේ ඉඳලා සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනය කිරීමට විශාල වශයෙන් බාධා ඇතිවීම මෙම මිල ඉහළ යාමට බලපා ඇති බවයි.

ලෝක ආහාර වැඩසටහනට අනුව බොහෝ මධ්‍යම ආදායම් ලබන රටවලට වඩා ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ළමුන් ඉතා ඉහළ මන්දපෝෂණ අනුපාතයකින් පීඩා විඳියි. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5 ට අඩු ළමුන්ගෙන් සියයට 17 ක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා උසින් අඩුය; සියයට 15 ක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා බරින් අඩුය. ආර්ථික අර්බුදයට සහ වසංගතයට පෙර සිටම ශ්‍රී ලංකාව පුරා මන්දපෝෂණ අනුපාතය ඉහළ මට්ටමක පැවතුනි.මේ අනුව ආහාර මිල මේ අයුරින් ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය තවත් උග්‍ර කරනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...