ජාතික ජන බලවේගය රජයක් යටතේ ක්‍රියාත්මක කිරීමට තීන්දු කර ඇති ණය ප්‍රතිව්‍යුහගතරණ සැලසුම ශ්‍රී ලංකාවට දැඩි ලෙස අවාසිදායක, ඩොලර් බිලියන දෙකකින් ණය කන්ද ඉහළ දමන අන්දමේ වැඩසටහනක් බව ආර්ථික විශ්ලේෂක ධනූෂ පතිරණ පෙන්වා දුන්නේය.
ඔහු මේ පිළිබඳ ලිපියක් ප්‍රසිද්ධ කරමින් පෙන්වා දුන්නේ, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු තමන්ගේම ප්‍රතිපත්ති ප්‍රකාශය අමතක කරමින් ලංකා වාණිජ මණ්ඩලයේ උපදෙස් මත පදනම් වී මෙරට ජනතාවට විශාල පාඩුවක් වන කොල්ලකාරී ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලසුමකට එකඟ වී ඇති ආකාරය එමගින් පෙන්වා තිබේ.
වාණිජ මණ්ඩලයේ උපදෙස්
ලංකා වාණිජ මණ්ඩලය යනු මෙරට බලගතුම ව්‍යාපාරිකයන් පිරිසගේ සංගමයි. ව්‍යාපාරිකයන්ගේ එකමුතුවයි. ඔවුන් දැන් ණය හිමියන්ගේ ප්‍රකාකයෙකු ලෙස හැසිරෙමින් සිටින අතර, ජනතාවගේ උන්නතිය පැත්තකට දමා, තමන්ගේ මජර ලාභය වෙනුවෙන් අනුර කුමාර දිසානායක ආණ්ඩුව හසුරුවමින් සිටී.
ඔවුන් සතුව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ඩොලර් බිලියන 1.8ක ප්‍රමාණයක් පවතී. වාණිජ මණ්ඩලයේ ප්‍රධානියා ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායකට උපදෙස් දෙමින් සිටින අතර, ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග වොෂිංටනයේ පැවති සාකච්ඡාවලටත්, එහි නියෝජිතයන් සමග ලංකාවේ පැවති සාකච්ඡාවලටත් ඔහු සහභාගී විය.
නව ජනාධිපතිවරයා පත් වූ විගසම, වහා දේශීය බැඳුම්කර හිමියන්ගෙන්ද සමන්විත ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කළේය. එහි කරුණු 10ක් ඇතුළත් විය. එය ඔවුන්ිරටේ යහපත වෙනුවෙන්‘ කරන්නක් ලෙස හුවා දැක්වුවත් සැබෑ ලෙසම එහි ආරම්භක යෝජනාව වුණේ, ණය හිමියන්ට වාසිදායක උක්ත ගිවිසුම තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙසයි.
සැප්තැම්බර් 19 යෝජනාව සරලව
යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල කල් පිරෙන කාලය 2030 සිට 2038 දක්වා දීර්ඝ කර ඇත. එය කර ඇත්තේ, දළ දේශීය නිෂ්පාදිතය වෙනස් වන ආකාරය අනුව, බැඳුම්කරවල ණය කොන්දේසිත් වෙනස් වෙන ආකාරයටය. ඒ අනුව, අපට ලැබෙන්නේ ණය ගිවිසුමක් නොවේ. අපේ ආර්ථිකය වර්ධනය වන ආකාරය අනුව වෙනස් වන ණය ගිවිසුම් කිහිපයකි.
ණයවලින් ලැබෙන අසහනය තීන්දු වන්නේ දළ දේශීය නිෂ්පාදිතය වෙනස් වන ආකාරයටය. මේ ආකාරයට ණය කල්පිරෙන කාලය වැඩි වෙන නිසා, ණය ගෙවා අවසාන වෙද්දී ගෙවන්නට සිදු වන පොළී ප්‍රමාණයත් වැඩි වේ.
දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ පුරෝකථනයන් පහක් මත පදනම්ව ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම් පහක් ඇතුළත් බැඳුම්කර නිකුත් කිරීමට එකඟ වී ඇත. දළ දේශීය නිෂ්පාදනය අනුව ඒ පහ අතරින් කුමනාකාරයට ණය ප්‍රතිව්‍යුහගතකරණය කෙසේ සිදු වේද යන්න තීන්දු වන්නේ අපේ දළ දේශීය නිෂ්පාදිතය අනුවය.
මෙහි ඇති ගණනය කිරීම් කර ඇත්තේ සිදුවිය හැකි පුරෝකථනයන් දෙකක් මත පදනම්වය.
පළවැනි පුරෝකථනය අනුව 2025 සිට 2027 දක්වා කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඩොලර් බිලියන 107ක් ඉක්මවුවහොත්, සමස්ත ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීම් ප්‍රමාණය සීයට 14කින් වැඩි වනු ඇත. එනම්, සම්පූර්ණ ගෙවන්නට සිදු වන ණය ප්‍රමාණය ඩොලර් බිලියන 16.3ක සිට ඩොලර් බිලියන 18.56 දක්වා වැඩි වනු ඇත. එනම්, ඩොලර් බිලියන 2.3කින් අපට ගෙවන්නට සිදු වන ණය ප්‍රමාණය වැඩි වනු ඇත.
මෙම ක්‍රමවේදය යටතේ බරිත කූපන් පොළී අනුපාතය 2028 සිට සීයට 6.8 වනු ඇත. සාමාන්‍ය කූපන් අනුපාතය 2032 සිට සීයට 9.65 දක්වා ඉහළ නගිනු ඇත. එසේ වැඩි වනු ඇත්තේ ප්‍රතිව්‍යුහගතකරණයට කලින් පැවති 6.95ක අගයක සිටය.
එළියට පෙන්වා ඇත්තේ, මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන යටතේ සමස්ත ණය ගෙවීමෙන් සීයට 14.9ක ණය කප්පාදුවක් සිදුවනු ඇති බවයි. ණය කප්පාදුවට ඉංග්‍රීසියෙන්ිහෙයාකට්‘ කියන නිසා, කොණ්ඩය කපා දැමීමක් වැනිය. එහෙත්, මෙය තේරුමක් නැති කොණ්ඩය කැපීමකි. අවුරුදු දෙකක් යද්දී, කැපූ කොණ්ඩය පොළී ගෙවීමෙන් පමණක් නැවත වැවෙනු ඇත. පොළියත් සමග ණය ගෙවා ඉවර වෙද්දී, සම්පූර්ණයෙන් ගෙවන්නට සිදු වන ණය ප්‍රමාණය මුලින්ම ගෙවන්නට තිබූ ණය ප්‍රමාණය ඉක්මවා යෑම තුළින් එය මනාව තහවුරු වේ.
දෙවැනි පුරෝකථනය ඇත්තේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දළ දේශීය නිෂ්පාදිතය 2025- 2027 කාලසීමාවේදී ඩොලර් බිලියන 99 ඉක්මවා ගියහොත් ලැබෙන ණය ගිවිසුමය. ණය ගෙවීම අතින් මෙය පෙර ගිවිසුමට වඩා වෙනස් නැත. ඇත්තටම සොච්චමක් පමණක් බරිත කූපන් පොළිය අඩු වෙයි. එය සිදුවන්නේ 2028න් පසුවය. ඒ සීයට 6.8 සිට සීයට 6.5 දක්වා කුඩා අඩු වීමකි. ඒ අනුව, සමස්ත ණය ගෙවීම ඩොලර් බිලියන 18.32ක් වනු ඇත. පළමුවැනියට කී ගිවිසුමට වඩා ඩොලර් මිලියන 240ක පමණ සුළු අඩුවීමක් සිදු වේ. ඒ අනුව, දෙවැනි පුරෝකථනය ක්‍රියාත්මක වුණත් ගෙවන්නට සිදු වන ණය ප්‍රමාණය දැන් තියෙන ඩොලර් බිලියන 16ක ණය කන්ද ඩොලර් බිලියන දෙකකින් වැඩි වීමකි.
ස්වර්ණමය නීතිය උල්ලංඝනය
මුලින් කී පුරෝකථනයට සාපේක්ෂව දෙවැනියට කී පුරෝකථනයේදී දළ දේශීය නිෂ්පාදිතය බිලියන අටකින් අඩු වනු ඇත. එහෙත්, අපට ලැබෙන සහන ඩොලර් මිලියන 240ක් පමණි. එනම්, අපගේ ණය ගෙවීමේ හැකියාව බරපතල ලෙස සීමා වන නමුත්, ලැබෙන සහනය නොසැලකිය යුතු තරම් කුඩාය.
ලෝක බැංකුවට අනුව 2023 අප්‍රේල් වෙද්දීත් රටේ ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුකමෙන් පෙළෙන මොහොතක ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යොමු වී සිටී. එවැනි පසුබිමක ඉහත ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අනුව රටේ ආර්ථිකය බේරාගැනීම වෙනුවෙන් සිදු කරන ණය ප්‍රතව්‍යුහගතකරණයෙන් පසු බරිත පොළී අනුපාතිකය දළ දේශීය නිෂ්පාදිතයේ මූර්ත අගය සීයට 2.7ක් වැනි ඉතා සුළු අගයකින් 2025- 2027 කාලසීමාව වර්ධනය වුණත් රටේ ආර්ථිකය බේරාගැනීමට යැයි කියමින් සිදු කරන ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු බරිත පොළී අනුපාතිකය මේ වර්ධනයෙහි වටිනාකමින් දෙගුණයකටත් වඩා වැඩිය. වර්ධනය 2.7ක් පමණි. 6.8ක් ගෙවන්නට පොරොන්දු වෙයි.
මෙය වොන් නියුමන් මෙන්ම මෑතකදී ප්‍රංශ ආර්ථික විද්‍යාඥ තෝමස් පිකෙටි විසින් ප්‍රවර්ධනය කරන ලදිස්වර්ණමය රීතිය‘ නම් වූ මූලධර්මය උල්ලංඝනය කිරීමකි. මෙම රීතියට අනුව ආර්ථිකයක මූර්ත වර්ධන වේගයට වඩා මූර්ත පොළී අනුපාතය ඉහළ අගයක පැවතියහොත් එහි පරතරයට සාපේක්ෂව ආදායම් බෙදී යෑමේ විෂමතාව ඉහළ යන අතර ආර්ථිකයේ අසමතුලිතභාවය උත්සන්න වේ. ඒ අනුව ප්‍රාග්ධනයට හිතකර ආකාරයට විෂමතාව වර්ධනය වේ. ඒ අනුව මේ ගිවිසුමෙන් රටේ ණය බර වැඩි කරනවා මිස අඩු කරන්නේ නැත. ඒ මදිවාට තව තවත් ආර්ථික කඩාවැටීමක සහ ඌන-සංවර්ධිත මට්ටමක රට සිර කරයි.
ණය සහනයක මිත්‍යාව
මේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ශ්‍රී ලංකාවට වාසියක් අත්වෙන බව පෙන්වා දීමට ශුද්ධ වර්ථමාන අගය හෙවත් එන්පීවී යන විශ්ලේෂණ ක්‍රමවේදය ඇතැම් ආයතන සහ විද්වතුන් යැයි කියන පිරිස් විසින් ප්‍රවර්ධනය කරයි. මෙය විශේෂයෙන්ම තුන්වැනි ලෝකයේ රටවල ණය ගැන විශ්ලේෂණය කිරීමට පාවිච්චි නොහැකි දුර්වල ක්‍රමවේදයකි.
ගණනය කිරීම යනු කුමක්ද? මේ ප්‍රතිව්‍යුහගතකරණ සැලසුමේ වාසිය හෝ අවාසිය සොයා බැලීමයි. එන්පීවී ක්‍රමවේදය යටතේ ණය කන්ද ගැන ගණනය කිරීමේදී සැලකිල්ලට නොගන්නා කාරණය වන්නේ ණය ගෙවීමේ සැලසුම් දෙක මත ණය ගෙවීමට ගන්නා කාලය එකිනෙකට වෙනස් බවය. කාල වකවානු වෙනස් වෙද්දී එන්පීවී ක්‍රමවේදය ඍජුව යොදාගත නොහැක. එයට ඊට වඩා සංකීර්ණ ක්‍රමවේද දෙකක් ඇත. මෙම ක්‍රමවේද දෙක අනුව ගණනය කිරීම සැබෑ තත්වයට ගැලපෙන ආකාරයේ සංකීර්ණ ක්‍රමවේද දෙකකි.
කෙසේ වෙතත් බැඳුම්කර කළඹ තුළ විවිධ අවුරුදුවල කල් පිරෙන බැඳුම්කර විශාල ප්‍රමාණයක් තිබෙන නිසා මෙම සංකීර්ණ ක්‍රමවේද දෙක පවා පාවිච්චි කිරීමේදී ගැටලු මතුවනු ඇත.
ඊටත් වඩා බරපතල කාරණය වන්නේ, එන්පීවී සූත්‍රය පාවිච්චි කිරීමට නම් එයට අදාල මුදල් ගලනයන්හිදී මූර්ත වටිනාකම වෙනස් නොවිය යුතු බවට වූ උපකල්පනයයි. එහෙත්, ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටක රුපියල් වැනි මුදල් ඒකකයක් ඩොලරයට වෙනස් වෙයි. එම නිසා එන්පීවී ක්‍රමවේදය යොදා ගැනීමෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණයන් හරහා තුන්වැනි ලෝකයට වාසි ලැබෙන බව සාවද්‍ය ලෙස ප්‍රකාශයට පත් වේ. ඔබ වාසි- අවාසි සෙවීමට යොදා ගන්නේ එන්පීවී ක්‍රමවේදය නම්, ඔබට ලැබෙන ප්‍රතිඵලය ව්‍යාජ එකකි. ණය කප්පාදුවක් ලැබුණායැයි දෑස් අන්ධ වුණත්, ඇත්තම තත්වය බිහිසුණුය.
උදාහරණයක් ලෙස ලංකාවට අදාලව එන්පීවී සූත්‍රය යොදාගත් අයට ප්‍රතිව්‍යුහගතකරණයෙන් වාසියක් ලැබුණායැයි පෙනේ. ඉහත විශ්ලේෂණයෙන් පෙනී යන්නේ ගෙවීමට සිදුවන සමස්ත ඩොලර් පිරිවැය විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත්, එමෙන්ම ඉදිරියේදී රුපියල අවප්‍රමාණය වීමට ඇති ඉහළ හැකියාව නිසා පියවීමට ඇති රුපියල් අගය තවත් විශාල ලෙසින් ඉහළ යෑමට නියමිත බවයි. මේ කියන පියවීම් සිදු කිරීමට නම් ඉදිරියේදී තවදුරටත් මහජනතාවගේ ගෙල මිරිකා වාණිජ බදු ඉහළ දැමීමට සිදුවනු ඇත.
මේ හේතූන් දෙක නිසා එන්පීවී ක්‍රමවේදය තුන්වැනි ලෝකයේ ණය ප්‍රතිව්‍යුහගතකරණයන් විශ්ලේෂණයට යෙදවීම සාවාද්‍ය ප්‍රවේශයක් වන අතර මෙය ණය හිමියන්ට අතිශයින් වාසිදායක වේ.
කොල්ලකරුවන්ට යට වූ ආණ්ඩුව
මෙය ණය කොල්ලයකි. මෙම ණය කොල්ලයේ තවත් උගුලක් වන්නේ, ණයවලට අදාල නීතිය වොෂිංටන් නීතියේ සිට එක්සත් රාජධානියේ නීතියට හෝ ඩෙලවෙයාර් නීතියට මාරු කිරීමය. අප පසුගිය කාලයක් තිස්සේ පෙන්වා ඇති පරිදි, ශ්‍රී ලංකාව වැනි රටවල පූර්ව ආණ්ඩු ලබාගත් ණය ජනතාව උදෙසා වියදම් කර නොමැති මෙහොතක, එම ණය නොගෙවා අවලංගු කරවාගැනීමට නීතිමය හැකියාවක් ඇත. ශ්‍රී ලංකාව ලබාගත් ණයවලින් විශාල ප්‍රමාණයක් මේ ගණයට අයිති වේ. වත්මන් ආණ්ඩුව මේ කරන්නේ, මේ ණය අවලංගු කරවාගැනීමට ඇති නීතිමය බලය හිතාමතාම අත්හැර දැමීමය. වත්මන් ආණ්ඩුව ඉදිරියේදී ණය විගණනයකට ලක් කරන බව කීවත්, මෙම ගිවිසුමට අත්සන් තැබීමෙන් එයින් පලක් සිදු නොවනු ඇත. එසේ වන්නේ විගණනයකින් හඳුනාගනු ලබන හොරකම් කරන ලද ණය ප්‍රමාණය නොගෙවා සිටීමට අපේ රටට ඇති හැකියාව ගිවිසුම හරහා අයින් කරගැනීම නිසාය.
ඊළඟට අපේ ආණ්ඩු මේ වෙද්දී ණය හිමියන්ගේ පදයට නටන බව තහවුරු කිරීමට ඇති තව සිදුවීමක් වන්නේ මෑතකදී ඝානාවේ සිදු කරන ලද ණය ප්‍රතිව්‍යුහගතරණයයි. ඝානාව ණය හිමියන්ගෙන් සීයට 90ක් සමඟ එකඟතාවකට පැමිණියේ සමස්ත ණය ප්‍රමාණය මෙන්ම පොළී ප්‍රමාණයත් ගෙවා දැමීමට ඇති හැකියාව කප්පාදු කරගනීමිනි. ඝානාව සීයට 37ක ණය කප්පාදුවක් ලැබීය. බැඳුම්කර උදෙසා ඔවුන් ගෙවිය යුතු පොළී ප්‍රමාණය සීයට 6ක උපරිමයකට යටත් විය. නමුත් ශ්‍රී ලංකාව උපරිම පොළිය සීයට 9.75 දක්වා යෑමට කැමැත්ත පළ කර ඇත. ඇත්තටම ලංකාව පැත්තෙන් ඉදිරිපත් කළ සැලැස්ම ලංකාවටම ඉතා අවාසිදායක එකකි. එහෙත්, ඝානාව සම්පූර්ණයෙන් ණය හිමියන්ගේ සැලැස්මට විරුද්ධ වී නව සැලැස්මක් දිනා ගත්තේය. ලංකාවටත්, ඝානාවටත් දෙකටම මූල්‍ය උපදෙස් දුන්නේ ලසාර්ඩ් ආයතනයයි. සමස්තයක් ලෙස ඝානාව ලැබූ ණය සහනය ඩොලර් බිලියන 4.4කි. එහෙත් ශ්‍රී ලංකාව දැන් කර ඇත්තේ ඩොලර් බිලින 2.3ක් වැඩිපුරත් ණය ගෙවීමය. එයින් ශ්‍රී ලංකාවේ රටවැසියන්ට වාසිදායක ගිවිසුමක් දිනාගැනීමට හැකියාව තිබියදීම එය අපරාධකාරී ලෙස පැහැරහැර බවත්, ණය හිමියන්ගේ අභිලාෂ වෙනුවෙන් කටයුතු කර ඇති බවත්ය. මේ ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම් දූෂිත ගනුදෙනුවක් බවත්, දූෂණය පිටුදැකීමට යැයි කියමින් බලයට පැමිණි ජාතික ජන බලවේගය මේ මොහොතේ මේ ගිවිසුම කර මත තබාගෙන යන බවය.
whatnews.lk