ඇමරිකාව නමැති තිරිසනාට එරෙහිව ලෝකයා නැගී සිටිය යුතුයි . සම්බාධක නිසා කියුබාවට වෛද්‍ය ආධාර සැපයීම නවතියි.

ඇමරිකාව විසින් කියුබාවට එරෙහිව පනවා ඇති සම්බාධක හේතුවෙන් කියුබාව වෙත ගුවන් මගින් ඒවා තිබෙන වෛද්‍ය උපකරණ තොගයක් ලබා ගැනීමට නොහැකිවී වී ඇති බව වාර්තා වේ. මෙම වෛද්‍ය උපකරණ තොගය ඒවා ඇත්තේ චීන ජාතික ව්‍යාපාරිකයෙක් වන අලිබබා නිර්මාතෘ ජැක් මා විසිනුයි. මේ වෛද්‍ය උපකරණ තොගය අතරට මුඛ ආවරණ, කොරෝනා පරීක්ෂණ උපකරණ, ස්වසන ආධාරක අයත්වන බව වාර්තා වේ. කියුබානු ජනාධිපතිවරයා සඳහන් කර ඇති පරිදි ඇමරිකානු සම්බාධක හේතුවෙන් එම උපකරණ තොගය කියුබාව වෙත ලැබී නැත. ජනාධිපතිවරයා මෙම සිදුවීම සඳහන් කර ඇත්තේ කියුබානු ජනතාවට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසයි.

ජැක් මා විසින් ලතින් ඇමරිකානු කලාපයේ ආජන්ටීනා, බ්‍රසීලය, චිලී, කියුබා, ඉක්වදෝර්, ඩොමිනිකන් රිපබ්ලික්, සහ පේරු යන රටවල්වලට වෛද්‍ය උපකරණ ලබාදෙන බවට පසුගිය මාර්තු 22වනදා නිවේදනය කර තිබුණි.

නමුත් කියුබාවට එරෙහිව ඇමරිකාව විසින් පනවා ඇති Helms-Burton Law නම් ඇමරිකානු නීතිය හේතුවෙන් කිසිදු සමාගමකට කියුබාව සමඟ වෙළඳාම කටයුතු කිරීම කළ නොහැක.

ජැක් මා විසින් ලතින් ඇමරිකානු රටවල් වලට අමතරව ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, කාම්බෝජය, ලාඕසය, මාලදිවයින, මොන්ගෝලියා, මියන්මාර්, නේපාලය, පකිස්ථානය යන රටවලටද වෛද්‍ය උපකරණ ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

කියුබාව තුළ මේවනවිට කොරෝනා රෝගීන් 186දෙනෙක් වාර්තා වී ඇති අතර කොරෝනා යයි සැක සහිත රෝගීන් 2837ක් සිටින බව වාර්තා වේ. ඒ අතරම කියුබාව ලෝකයේ රටවල් 14කට වෛද්‍ය ආධාර සපයමින් සිටියි.

Share post:

Popular

More like this
Related

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...

පාදුක්ක සිදුවීම ගැන පොලීසියෙන් ‘බබා පාට්’

පාදුක්ක ප්‍රදේශයේදී නිල අංක තහඩුව සවි කර නොතිබූ අලුතින්...

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට අද(04) ගෙන තිබේ. හිටපු අමාත්‍ය...