ඔහු නමින් චාමින්ද සමන්ත රාජකරුණා නම් විය. සර්වෝදය සංගමයේ විධායක අධ්‍යක්ෂකවරයා විය. පසුගිය දා අමෙරිකාවේ පැවැත්වීමට නියමිත ව තිබූ සම්මේලනයකට සහභාගී වීමට යමින් සිටියදී කිලෝමීටර් දහස්ගණනක් ඉහළ අහසේදී ඔහුට සිය අවසන් හුස්ම වළාකුළු අතර ර`දවන්නට සිදු විය. ඒ හදිසියේ ඇති වූ හෘදයාබාදයකිනි.
මා මේ ලියන්නේ සර්වෝදයේ විධායක අධ්‍යක්ෂකවයා ලෙස ඔහුගේ භූමිකාව පිළිබඳව නොවේ. මා ඒ ගැන කිසිවක්ම නොදනිමි. එහෙත් මිනිසෙක් ලෙස, මිතුරෙක් ලෙස මම ඔහු හොඳීන්ම හඳුනමි. මට කියන්නට අවශ්‍ය වන්නේ චාමින්ද රාජකරුණා නමැති මිනිසා පිළිබඳ මා දන්නා දේවල් කිහිපයකි.
ඔහුට ඔහුගේම දර්ශනයක් විය. එය සර්වොදයේ දර්ශනය නොවීය. එහෙත් සර්වෝදයේ දර්ශනය ක‍්‍රියාවට නැගීමේදී ඔහුට ඔහුගේ දර්ශනයෙන් බාධාවක් නොවීය. මන්ද යත් ඔහු වතුර වගේ මිනිසෙක් වීම නිසාය. දමන බඳුනේ හැඩය ගැනීමට ඔහුට තිබුණේ පුදුම හැකියාවකි. ඔහු සර්වෝදයේදී සර්වෝදයේ හැඩය ගත්තේය.
ඔහුගේ මරණය ද ඔහුගේ ජීවිතය මෙන්ම විය. ඔහු මරණයේදී දුක් වින්දේ නැත. ජීවිතයේදී ද ඔහු කිසිදා දුක් වින්දේ නැත. හිටි අඩියේ ඉහළ අහසේ අවසන් හුස්ම හෙළීය. ඔහුගේ අනෙකුත් සියලූ වැඩත් එසේමය. ඔහු ජීවත් වූයේ පොළොවේය. එහෙත් හිිිතින් අහසේය. ඒ ඔහුගේ හැටිය. ඔහු තුළ අභ්‍යන්තර ආලෝකයක් ද අභ්‍යන්තර ප‍්‍රීතියක් ද විය.
බොහෝ දේවල් ඔහු තේරුම් ගැනීමට උත්සාහ නොකළ මිනිසෙකි. ඒවා තේරුම් ගැනීමෙන් වැඩක් නැත. ඒ දේවල් ඔහුට තේරුම් ගැනීමට බැරි කම නොවේ. තේරුම් ගැනීමෙන් වැඩන් නැති බව ඔහු හො`දටෝම දන්නා නිසාය. ඔහු පුදුම තරම් ප‍්‍රායෝගික මිනිසෙකි. ඉතා වේගයෙන් ගමන් කළේය. වේගයෙන් වැඩ කළේය. එදා කළ යුතු දේ එදාම කළේය.
ඔහු පශ්චාත් උපාධි කිහිපයකට හිමිකම් කියූවෙකි. පැතුරුණු දැනුම සහිතය. එහෙත් කිසිවිටක පණ්ඩිතමානී නොවේ. ඔහු ඉන්නේ කිසිවක්ම නොදන්නා පුද්ගලයා ලෙසය. ඔහු සාර්ථක වන්නේ එහිදීය. පිටරට ශිෂ්‍යත්ව දිනා ගැනීමේ උපන් හැකියාවක් ඔහු තුළ විය. කොටින්ම වාසනාව ඔහු දෝත දරා ගත් මිනිසෙකි. ජර්මනියෙන් පිරිනමන සුප‍්‍රසිද්ධ ඩාඞ් පශ්චාත් උපාධි ශිෂ්‍යත්වයත්, එංගන්තය පිරිනමන කොමන්වෙල්ත් ශිෂ්‍යත්වයත් එසේම චෙව්නින් ශිෂ්‍යත්වයත් හිමිකර ගත්තෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කෘෂිකර්මය පිළිබඳ ප‍්‍රථම උපාධි ලැබුවෙකි. එසේම නීතීඥයෙකි. කෘෂි ඉංජිනේරු විද්‍යාව, ආර්ථික විද්‍යාව, නීතිය, කළමණාකරණය පිළිබ`ද එංගලන්තය, ජර්මනිය, බෙල්ජියම, නෝර්වේ ආදී රටවලින් පුහුණුව ලැබූවෙකි.
එහෙත් ඔහු ජීවත් වූයේ ඔහු ලබා ගත් උපාධිවලින් පුම්බා ගත් හදවතින් නොවේ. මහපොළොවේ ජීවත් වූ මිනිසෙකු ලෙසිනි. සියලූදෙනාම නංගි, මල්ලී, අක්කේ, අයියේ කියමින් සියල්ලන්ගෙන් ඔහු වැඩ ගැනීමේ දක්ෂයෙක් විය. එහෙත් කිසිදා කපටියෙක් නොවීය. කතා කළේ මුළු මුහුණිනි. මුලූ ඇෙ`ගනි. ඇස්වලිනි. මුලූ හදවතිනි. පුදුම තරම් ප‍්‍රියමනාප පුද්ගලයෙක් වන්නට ඔහුට හැකි වන්නේ එහෙයිනි. ඔහුගේ ඉංග‍්‍රීසි උච්චරණය ලස්සනය. සුද්දෙක් පවා වශීවන සුළුය. ඒ නිසා ඕනෑම දේශීය විදේශීය මානව කණ්ඩායමක් කතාවෙන් ආකර්ෂණය කර ගැනීමට ඔහු සමත්ය.
බොහෝ කම්මැලි මිනිසුන් අතර ඔහු කාර්යක්ෂම මිනිසෙක් විය. එහෙත් කිසිදා කිසිවෙකුට ඔහු බැන වදිනු මා අසා නැත. ඔහුගේ මුහුණේ සිනහව නැති මොහොතක් කිසිවෙකු දැක නැතිව ඇත. සෑම විටම හයියෙන් හිනා වීම ඔහුගේ ගුණයකි. කිසිවකින් ඔහු ආතතියට පත් නොවුණේ ඒවා ඒතරම් ලොකුවට ගණන් ගන්නා පුරුද්දක් ඔහුට නොවූ හෙයිනි. මූණ එල්ලා ගත් දවස්, දුකින් කල් ගත කළ දවස්, තරහා ගොස් සිටි දවස් වසර දොළහක පමණ අපගේ මිතුදම තුළ මා දැක නැත.
ණය වී හෝ ජේත්තුවට ජීවත් වූයේය. ලස්සනට ඇන්දේය. අත් දිග ෂර්ට් ඇ`ද ටයි දමා ඇපල් ලැප් එක හෝ ඇපල් ටැබ් එක රැුගෙන මීටින්වලට ගියේය.
‘‘අය්යේ උඹ ඔය ගත්ත ඒවාට ක්‍රෙඩිට් කාඞ් එකට ගෙවලා ඉවරද’’
‘‘පිස්සුද බං. ඒත් මිටින් එකට ගිහින් ඇපල් ලැප් එක දිගහැර ගත්තම තියන ගතිය උඹ දන්නවද? කාඞ්වලට ගෙවන්න තියන ගාන දන්නේ මං විතරනේ. ඕවා ගෙවා ගන්න කවදා බැරිද බං ’’
ඔහු කියයි. අනවශ්‍ය දේ ඔලූවේ දමාගෙන දුක් වි`දින පුරුද්දක් ඔහුට නැත. ඒ මොහොත ලස්සනට ගත කිරීම ඔහුගේ අරමුණයි. සැබවින්ම ඔහු ස්මාට් වන්නේ එහෙයිනි.
කිසිවෙකුට කිසිදා ඊරිසියා කිරීම, කුහක වැඩ කිරීම, කකුලෙන් ඇදීම වැනි කුණු වැඩ ඔහුගේ ළඟ නොතිබුණු ගුණාංගයන්ය. සෑම විටම අනෙකාට උදව් කිරීම වෙනුවෙන් ඔහු පෙනී සිටියේය. මෙවන් දහසක් දුර්ලබ ගුණාංගයන් නිසා ඔහු නික්ම ගියා හොඳටම ඉක්මන් වැඩිය. අදහා ගත නොහැකිය. ජීවිතයේ පනස් විය පිරුණේද නැත.
ඔහු සිතා සිටියේ දරුවන් සිටින්නේ ඔහුට පමණක් කියාය. ඒ තරම් දරුවන් පිළිබඳ ආඩම්බර වූ පූචානම් කියවූ තාත්තෙක් තවත් නැත. දරුවන් නම් ඔහුගේ ලෝකයයි. මේ කුඩා දරු පැටවුන්ට ඒ ආඩම්බරකාර තාත්තා අද අහිමිව ගොස් ඇත. මේ දරුවන්ගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් යමක් කිරීම තවදුුරටත් චාමින්ද රාජකරුණා නම් මනුදම් පිරිපුන් මිනිසා වෙනුවෙන් කිරීමට ඉතිරිව ඇති යුතුකම් අතර වෙයි.