ලංකාවෙ විදුලි බල පද්ධතිය ඉන්දියාවට සම්බන්ධ කිරීම මග එනවා – ඇමති සහතික වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම්බන්ධ කෙරෙන විදුලිබල පද්ධතිය ඉක්මනින් ක්‍රියාවට නංවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.

තම අමාත්‍යාංශ වියදම් ශීර්ෂය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අවසන් කරමින් අමාත්‍යවරයා පැවසුවේ දෙරට ඒ සඳහා කටයුතු කරමින් සිටින බවයි.

මෙම ව්‍යාපෘතිය සඳහා මුලින්ම යෝජනා ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය රනිල් – රාජපක්ෂ ආණ්ඩුව විසිනි. මෙම විදුලි බල පද්ධතිය හරහා රටේ බලශක්ති ස්වාධිපත්‍ය අහිමිවෙනු ඇති බවට විවිධ පාර්ශ්ව විසින් කරුණු සඳහන් කරමින් සිටියි.

රටක විදුලි බල පද්ධතිය වෙනත් රටක විදුලි බල පද්ධතිය සමඟ සම්බන්ධ කිරීම හරහා ඒ රටට අවශ්‍ය පරිදි අනෙක් රටට බලපෑම් කළ හැකි බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ.

එවැනි උදාහරණයක් බංගලාදේශය සම්බන්ධයෙන් දක්නට ලැබුණි. බංගලාදේශ අරගලයෙන් පසු ඉන්දියාව විසින් බංගලාදේශයට ලබාදුන් විදුලිය කප්පාදු කරන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...