විදෙස් ශ‍්‍රමිකයින් ගෙන්වා ගැනීමේ නව නීති සංසෝධනය 2022

Nuovo decreto flussi 2022: 2022 වසර සඳහා අවශ්‍ය ශ‍්‍රමිකයින් ඉතාලියට ගෙන්වා ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට අවධානය යොමුවී ඇතැයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු කමිටුවේ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අභ්‍යන්තර කටයුතු පිළිබඳ උප ලේකම් නිකොලා මොල්ටෙනි විසින් මැයි 23 දින නිවේදනය කරන ලදී. 2021 වසර අවසාන වන විට විදෙස් ශ‍්‍රමිකයින් ගෙන්වා ගැනීමේ නීති සංසෝධනය ඉදිරිපත් කල අවස්ථාවේම 2022 වසරට අදාලවද යුරෝ කලාපයෙන් එපිට රටවලින් ශ‍්‍රමිකයින් 69,700 ක් ගෙන්වා ගැනීමට අදාල අවසරයද සම්මත කෙරුණි. කෙසේ වෙතත් දැන් එම සංඛ්‍යාව වැඩි කිරීම අවශ්‍ය වන අතර මේ වන විට නිෂ්පාදන ක්ෂේත‍්‍රයෙන් ලැබෙන ඉල්ලීම් වලට ක්ෂණික හා විධිමත් ලෙස ප‍්‍රතිචාර ලබාදිය යුතු බව මොල්ටෙනි මහතා අවධාරණය කළේය. කෙසේ වෙතත් 2021ට අදාලව ලැබුන අයදුම්පත් වලින් මේ වන විට සලකා බලා ඇත්තේ ඉන් කොටසක් පමණකි. එනම් 20500කි. එනිසා පෙර ලබා දුන් කෝඨාවට අදාල ක‍්‍රියාපටිපාටිය තවමත් සිදු වෙමින් පවතින අතර තාවකාලික ?කියා වලට අදාල කෝටාවෙන් නිකුත් කර ඇත්තේද සියයට 20ක් පමනක් බවය. එබැවින් නව තත්වය සලකා බැලීම සඳහා මැයි 10 වන දින අග‍්‍රාමාත්‍යවරයා සිය උපදේශන සභාවට පවරා ඇත.

විශේෂයෙන්, කම්කරු අමාත්‍යාංශය, අදාල ක්ෂේත‍්‍ර හා ?කියා ඉල්ලූම අනුව අවශ්‍යතාවය තීරණය කිරීම සඳහා ප‍්‍රයෝජනවත් සමාජ උපදේශන ක‍්‍රියාවළියක්ද ආරම්භ කර ඇත.

මෙම හමුවේදී අග‍්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ හැකි ඉක්මනින් නව නියෝගය සම්මත කර ගැනීම සඳහා ඉදිරියට යා යුතු බවයි. එම ඉක්මන් මැදිහත්වීමක අවශ්‍යථාවය සංචාරක අමාත්‍ය වරයාද අවධාරණය කර සිටියේය. ඉතා ඉක්මනින් විදේස් ශ‍්‍රමිකයින් ගෙන්වා ගැනීමට කටයුතු නොකලහොත් මෙම සෘතුවට අදාල ශ‍්‍රමිකයින් සැපයීමේ විශාල ගැටලූවක් ඇතිවිය හැකි බවයි ඔහු ප‍්‍රකාෂ කලේ. ඉතාලියට මේ අවස්ථාවේ ශ‍්‍රමිකයින් 350000ක් අවශ්‍ය වුවත් එය සම්පූර්ණ කිරීමට නොහැකි වීමට කුමක් හෝ හේතුවක් බලපා ඇති බවද ඔහු ප‍්‍රකාෂ කලේය. එම නිසා ඉතා ඉක්මනින් විදෙස් ශ‍්‍රමිකයින් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කල යුතු බව අවධාරණය කල සංචාරක අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේ ලේගා ලොම්බාර්ද (ජාතිකවාදී විදෙස් සංක‍්‍රමණික විරෝධී* දේශපාලකයින්ගේ දෑස් ඉදිරිපිට පවා දැන් පැහැදිලි අවශ්‍යතාවයක් ලෙස මෙය මතුවී තිබෙන බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...