ඇමරිකාවෙත් තෙල් මිල ලංකාවට වඩා වැඩියි – අජිත් නිවාඩ් කබ්රාල්

ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව බොහෝ රටවල ඉන්ධන මිල ඉහළ මට්ටමක පවතින බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාර්ඩ් කබ්රාල් පවසා තිබේ.

නවතම ඉන්ධන මිල සංශෝධනයට හේතු වන කරුණු පැහැදිලි කරමින් ඔහු මේ බව පවසා තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අඛණ්ඩව පාඩු සිදුව ඇති බව රාජ්‍ය ඇමතිවරයා පවසයි.

අමාත්‍යවරයාට අනුව සිපෙට්කෝ සමාගමට මේ වසරේ මුල් මාස 4 තුළ පමණක් රුපියල් බිලියන 45 ක පාඩුවක් සිදුව ඇත. මෙය රටේ බැංකු අංශයට බලපානු ඇති අතර රටේ ආර්ථික ස්ථාවරත්වයටද ගැටලු ඇති කරන්නක් බව අජිත් නිවාඩ් කබ්රාල් පවසා තිබේ.

ඛනිජ තෙල් සංස්ථාවට සිදුවූ පාඩු සහ ලෝක බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් රජය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ නැංවීය.

අජිත් නිවාඩ් කබ්රාල් වැන්නන් ආණ්ඩුවේ ආර්ථික විශේෂඥයන් ලෙස පෙනී සිටිමින් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සාධාරණිය කරනු දක්නට ලැබේ. එහිදී ඔහු පවසන්නේ එම ක්‍රියාමාර්ග රටේ ආර්ථික සමෘද්ධිය උදෙසා ගන්නා ක්‍රියාමාර්ග බවයි. එහෙත් ඔහු මේ සඳහන් කරන්නේ කාගේ ආර්ථිකයද යන්න ගැන ප්‍රශ්නයක් මතුවේ.

ඉන්ධන මිල ඉහළ යාම යනු රටේ භාණ්ඩ සහ සේවා සියල්ලකගේ මිල ඉහළ යාමට බලපාන්නකි. දැනටමත් බස් රථ හිමියන්ගේ සංගම්, බේකරි කර්මාන්තකරුවන්, පාසල් වෑන් රථ සංගම් තම ගාස්තු ඉහළ දමන බව පවසා තිබේ. ඒ අනුව ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණය හරහා ජනතාවගේ ආර්ථිකයට තදබල ප්‍රහාරක් එල්ල වනු ඇති බව නිසැකය.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...