Day: September 24, 2022

  • රනිල්ගේ ඉවරයක් නොවන ‘එල්සබෙත් ප්‍රේමය’

    රනිල්ගේ ඉවරයක් නොවන ‘එල්සබෙත් ප්‍රේමය’

    මහජන මුදල් වියදම් කරමින් එංගලන්තය වෙත ගොස් එලිසබෙත් රැජිනගේ අවමගුලට සහභාගී වුවත් රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී ප්‍රේමය අවසන් වී නොමැති බව පෙනේ. පසුගියදා එළිසබෙත් රැජිනගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළකිරීම සඳහා පැවති පාර්ලිමේන්තු විවාදයේදී ද එම ප්‍රේමය දෝරේ ගලාඅ යනු දැකිය හැකිවිය.

    එම විවාදයේදී එළිසබෙත් මහ රැජින කිතුනු ලබ්ධිකයෙකු වුවද 1915 උඩරට ගිවිසුමෙන් පොරොන්දු වූ පරිදි බුදුදහම ආරක්ෂා කිරීමට කැප වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

    තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය, ශ්‍රී ලංකාවට ඇතුළු ථෙරවාදී බෞද්ධ රටවල් සමග එක්ව 2500 වැනි සම්බුද්ධ ජයන්තිය සැමරීම සඳහා ඇය පෙරමුණ ගැනීම බොහෝදෙනා නොදන්නා කරුණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    දෙවැනි එළිසබෙත් රැජිනගේ පාලනය යටතේ ශ්‍රී ලංකාව විශාල දේශපාලන පරිවර්තනයකට ලක් වූ බවත් එතෙක් ලංකාව ලෙසින් හැඳින්වූ අපේ රට ශ්‍රී ලංකාව නමින් හැඳින්වීම රැජිනගේ පාලන සමයේදී සිදු වූ අතිශයම වැදගත් වෙනස්කම බවත් ජනාධිපතිවරයා සඳහන් කරනවා.‍

    1956 මැතිවරණ ජයග්‍රහණය, වාර්ගික අර්බුදය උත්සන්න වීම, නිදහස් අධ්‍යාපනය, ආර්ථිකය රාජය පාලනයට නතුවීම, උතුරේ සහ දකුණේ ආයුධ සන්නද්ධ අරගල ඇතිවීම ඇයගේ පාලන සමයේ සුවිශේෂ සන්ධිස්ථාන ලෙස සැලකිය හැකි බවද රනිල් වික්‍රමසිංහ පවසනවා.

    තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය, ශ්‍රී ලංකාවට ඇතුළු ථෙරවාදී බෞද්ධ රටවල් සමග එක්ව 2500 වැනි සම්බුද්ධ ජයන්තිය සැමරීම සඳහා ඇය පෙරමුණ ගැනීම බොහෝදෙනා නොදන්නා කරුණක් බවයි.

    ශ්‍රී ලංකාව තුළ පමණක් නොව සමස්ත ලෝකයේම සිදු වූ පරිවර්තනය මහ රැජින නියෝජනය කරන අතර ලෝක දේශපාලන බලය බටහිරින් ආසියාවට සහ අප්‍රිකාවට විතැන් වීම, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසුරුවා හැරීම, බ්‍රිතාන්‍යය යුරෝපයට එක්වීම වැනි සන්ධිස්ථාන පිළිබඳව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. මහ රැජින ස්ථාවරත්වයේ සහ අනුවර්තනයවීමේ සංකේතයක් ලෙස හැඳින්විම වඩාත් නිවැරදි බවයි වික්‍රමසිංහ පවසන්නේ.

    විජය රජුගෙන් ආරම්භ වූ මෙරට රාජකීය පෙළපතේ අවසන් පුරුක වූ දෙවැනි එළිසබෙත් රැජිනට ශෝකය පළකිරීම සඳහා එක්වන්නැයි ජනාධිපතිවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

  • නැටවෙන රූකඩ

    නැටවෙන රූකඩ

    සෞදි අරාබියේ 92 වන ජාතික දිනය සැමරීමේ උත්සවය කොළඹ ෂැංග්‍රිලා හෝටලේය්දී ඊයේ (23) පස්වරුවේ උත්සවාකාරයෙන් පැවැත්විණි.

    මෙම ජාතික දින උත්සවයේ විශේෂ අවධානයට ලක්වූයේ මැති ඇමතිවරුන්ට අමතරව බොදු බල සේනා සංවිධානෙය් මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි විශේෂ ආරාධිතයෙක් ලෙස මෙම අවස්ථාවට එක්ව තිබීමයි.

    මුස්ලිම් අන්තවාදයක් රට තුළ ක්‍රියාත්මක බව පවසමින් ඒ පිලිබද දැඩි ලෙස ක්‍රියාකල හා විවේචනය කළ ඥානසාර හිමිගේ පැමිණීම සමාජ මාධ්‍ය තුළ විශේෂ කතා බහකට ලක්ව තිබේ.

    බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිළධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ ද විශේෂ ආරාධිතයකු ලෙස මෙම අවස්ථාවට සහභාගී වී තිබිණ. අග්‍රාමාත්‍ය දිනේෂ ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අෙබ්වර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් මීට එක්ව සිට තිබේ.

    වසරකට ඇමෙරිකා ඩොලර් බිලයන 6ක ඉන්ධන වසර පහක කාලයක් සඳහා අඛණ්ඩව ණය පදනම යටතේ ලබාදීමට සෞදි අරාබි රාජ්‍ය මූලික එකඟතාවය පළ කර ඇතැයි පසුගියදා වාර්තා විය. ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස සෞද අරාබි රාජ්‍යයේ සංචාරයක නිරත වූ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් ශ්‍රි ලංකාවේ ආයෝජනය කරන්නැය ද එරට බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

    කෘෂිකර්මික, පොහොර නිෂ්පාදනය ඛනිජතෙල් ගබඩා පහසුකම් ඉදිකිරීම ඉන්ධන සැපයුම් ස්ථාන පිහිටුවීම පිරිපහදුව නවීකරණය සහ පුළුල් කිරීම ඛනිජ සම්පත් අවස්ථා සහ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවාර්ධනය කිරීම සඳහා සෞදි ආයෝජන ශ්‍රි ලංකාවට ලබා ගැනීම පිළිබඳව එහිදී සකච්ඡාකර ඇතැයි වාර්තා විය. ඒ අනුව රටක් ලෙස ආර්ථික අර්බුදයෙන් බැට කන අවස්ථාවක සෞදි රාජ්‍යයේ මැදිහත්වීම අපේ රට කෙරෙහි තීරණාත්මකව බලපානු ඇත. ඒ සඳහා ලංකා රජයට සෞදි අරාබිය ශේප් කරගැනීම අවශ්‍යව තිබෙන්නට ඇත.

    ගලබොඩඅත්තේ හිමිට ජාතිය අමතක වී ඇත්තේ ඒ නිසා වියහැකිය යන සැකය බොහෝ දෙනා මතුකරමින් සිටියි.

  • සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාවය අතරතුර 61ක් අත්අඩංගුවට

    සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාවය අතරතුර 61ක් අත්අඩංගුවට

    සමාජවාදී තරුණ සංගමයේ පාගමන අවස්ථාවේ එම සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. ‘මර්දනයට එරෙහිවත් තාරූණ්‍යයේ සිහින වලදැමූ පාලකයින්ට එරෙහිවත් අරගලයට නව ජවයක්!’ තේමාවෙන් සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කර තිබූ විරෝධතා රැලිය පැවැත්වෙන ලිප්ටන් වටරවුම දෙසට තරුණ තරුණියන් විරෝධතා පෙළපාලියකින් ගමන් කරමින් සිටිදී පොලිස් කැරලි මර්දන ඒකකය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

    පහර දීම අතරතුර අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් 61 දෙනෙකුගේ පිරිසක් මරදාන පොලීසියේ රඳවා තිබෙන බව වාර්තා වේ.