රාජපක්ෂලාට එරෙහිව නඩු දැමූ ජූලියන් බෝලිං CIDට කැඳවයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 7 පිහිටි පුද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව ව්‍යාපාරික ජොනතන් මාර්ටෙන්ස්ටයින් සහ පිහිනුම් ශූර ජූලියන් බොලිං ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

ඒ අනුව ඔවුන් දෙදෙනා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියා.

ජුලි මස 09 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔවුන් කැඳවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් අද පෙරවරු 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී අතර මෙම ප්‍රශ්න කිරීම පස්වරු 5.00 දක්වා පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ විදේශ ණය දරා ගත නොහැකි තත්ත්වයට පත් වීම, විදේශ ණය ගෙවීම පැහැර හැරීම සහ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වයට මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල් සහ එස්.ආර්. ආටිගල යන අය ඇතුළු වගඋත්තරකරුවන් 6 දෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම් කිහිපය අතරින් එක් පෙත්සමක් ගොනුකර ඇත්තේ ජූලියන් බෝලිං විසිනි.

ඒ අනුව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල් යන අයට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කර තිබුණි.

ජූලියන් බෝලිංට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දනවන්නේ මෙවැනි තත්ත්වයකදීයි.

ජූලියන් බොලිං යනු ජාත්‍යන්තර තරඟ සඳහා තම රට නියෝජනය කර ඇති ශ්‍රී ලාංකික පදක්කම්ලාභී පිහිනුම් ක්‍රීඩකයෙකි. ඔහු 1984 සිට 1991 දක්වා දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම් 15 ක් දිනා ගත්තේය. ඔහු ඔලිම්පික් ක්‍රීඩා තුනේදී ද ශ්‍රී ලංකාව නියෝජනය කළේය, පළමුව 1984 ලොස් ඇන්ජලීස් (ඇමරිකා එක්සත් ජනපදය) හිදී, පසුව 1988 දී සෝල් (දකුණු කොරියාව) සහ අවසානයේ. 1992 දී බාර්සිලෝනා (ස්පාඤ්ඤය) හිදී.

 

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...