ඖෂධ හිඟයට අමතරව ඉන්ධන හිඟයත් රෝහල්වලට බලපායි

ඖෂධ හිඟයට අමතරව ඉන්ධන අර්බුදයත් සමග රෝහල් රැසක දෛනික කටයුතු අඩාලවී ඇතැයි වාර්තා වේ.

කොළඹ ජාතික රෝහලේ හදිසි නොවන ශල්‍යකර්ම සීමා කර ඇති අතර හදිසි ශල්‍යකර්ම පමණක් සිදු කෙරෙන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ සඳහන් කර ඇත.

මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ දෛනික කටයුතුද ඉන්ධන අර්බුදය හමුවේ අඩාල වී තිබේ.

අපේක්ෂා රෝහලේ, විශේෂඥ ශල්‍ය වෛද්‍ය, කනිෂ්ක ද සිල්වා පවසන්නේ, ඉන්ධන අර්බුදය හේතුවෙන් වෛද්‍යවැරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට සේවයට පැමිණීමේ ගැටලු මතුව ඇති බවයි.

වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලය සඳහා ඉන්ධන ලබා ගැනීමේ නිසි වැඩපිළිවෙළක් නොවුණහොත් ඉදිරියේදී තවදුරටත් රෝහල් කටයුතු අඩාල විය හැකි බව ද ඔහු පෙන්වා දෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...