Breaking News

තෙල් මිල වැඩිකළ යුතු ප්‍රමාණය IOC තීරණය කරයි ?

ගෝලීය බොරතෙල් මිල ඉහළ යෑමත් සමගම ඉන්ධන මිල ඉහල දැමීම සඳහා ශ්‍රී ලංකා ඉන්දියන් ඔයිල් කෝපරේෂන් සමාගම රජය වෙත ඉල්ලීමක් සිදුකර තිබේ.

LIOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා සඳහන් කලේ පවතින මිල ගණන් යටතේ අවම වශයෙන් ‍ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහල දැමීමට අවසර ඉල්ලා ඇති බවයි.

එමෙන්ම පෙට්ට්‍රල් ලීටරයක මිලද රුපියල් 15-16කින් ඉහල දැමිය යුතු බවට ඉල්ලීම් සිදුකර ඇති බවයි.

දැනට LIOC සමාගම දැනට පාඩු ලබන බැවින් එම තතත්ත්වය මග හරවා ගැනීමට මෙම මිල ඉහළ දැමීම සිදුකලයුතු බවයි එම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා සඳහන් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලබන හෙයින් ඉන්ධන මිල වැඩි කිරිමට සිදුවෙන බවත් ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවදානයට යොමු කිරීමට ඇමති උදය ගම්මන්පිල කටයුතු කර ඇති බව වාර්තා විය.

මේ පිලිබඳ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වී ඇති අතර එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ඉන්ධන මිල අද හෙට වැඩි නොකරන්නැයි දැනුම් දී ඇති බවයි “ලංකාදීප වෙබ් අඩවිය” වාර්තා කර සිටියි.

ලංකාව තුළ දැනට සිදුවෙමින් පවතින භාණ්ඩවල මිල ගණන් ඉහළ නැංවීම ගැන තීරණ ගන්නේ සමාගම් විසින් බවට දක්නට ලැබෙන තත්ත්වයකි. සහල්, කිරිපිටි, ගාස යන සියලු කාරණාවලදී එය සිදුවිය.

දැන් තෙල් මිල ගැන තීරණය කරන්නේද ඉන්දියානු තෙල් සමාගමයි.

leave a reply