තෙල් මිල වැඩිකළ යුතු ප්‍රමාණය IOC තීරණය කරයි ?

ගෝලීය බොරතෙල් මිල ඉහළ යෑමත් සමගම ඉන්ධන මිල ඉහල දැමීම සඳහා ශ්‍රී ලංකා ඉන්දියන් ඔයිල් කෝපරේෂන් සමාගම රජය වෙත ඉල්ලීමක් සිදුකර තිබේ.

LIOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා සඳහන් කලේ පවතින මිල ගණන් යටතේ අවම වශයෙන් ‍ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහල දැමීමට අවසර ඉල්ලා ඇති බවයි.

එමෙන්ම පෙට්ට්‍රල් ලීටරයක මිලද රුපියල් 15-16කින් ඉහල දැමිය යුතු බවට ඉල්ලීම් සිදුකර ඇති බවයි.

දැනට LIOC සමාගම දැනට පාඩු ලබන බැවින් එම තතත්ත්වය මග හරවා ගැනීමට මෙම මිල ඉහළ දැමීම සිදුකලයුතු බවයි එම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා සඳහන් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලබන හෙයින් ඉන්ධන මිල වැඩි කිරිමට සිදුවෙන බවත් ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවදානයට යොමු කිරීමට ඇමති උදය ගම්මන්පිල කටයුතු කර ඇති බව වාර්තා විය.

මේ පිලිබඳ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වී ඇති අතර එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ඉන්ධන මිල අද හෙට වැඩි නොකරන්නැයි දැනුම් දී ඇති බවයි “ලංකාදීප වෙබ් අඩවිය” වාර්තා කර සිටියි.

ලංකාව තුළ දැනට සිදුවෙමින් පවතින භාණ්ඩවල මිල ගණන් ඉහළ නැංවීම ගැන තීරණ ගන්නේ සමාගම් විසින් බවට දක්නට ලැබෙන තත්ත්වයකි. සහල්, කිරිපිටි, ගාස යන සියලු කාරණාවලදී එය සිදුවිය.

දැන් තෙල් මිල ගැන තීරණය කරන්නේද ඉන්දියානු තෙල් සමාගමයි.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...