Breaking News

ස්මාර්ට් වී තිබෙන විදෙස්/රාජ්‍ය සේවයේ පගා ගැහිල්ල

තීමස් විජිත්

කථාව ආරම්භ කරන්නේ කොතනින්දැයි ගැටලූවකි. ඒ තරමට ප‍්‍රශ්න ගොඩගැසී ඇත. කොරෝනා වසංගත තත්වයක් තුල පවා ගසා කන්නේ කෙසේදැයි මාන බලනවුන් හැම තැනමය. එයට හේතුව බල්ලො මරා හෝ මුදල් සෙවිය යුතු බව සිතන සමාජයක සහ ඉහල සිට පහලට ¥ෂණය ඉහවහ ගිය රාජ්‍යයක අප ජීවත් වීමයි. ඉතින් එවන් පාලනයක් තුල කාර්යක්ෂම පිරිසිදු රාජ්‍යසේවයක් බලා පොරොත්තු වීමද මුලාවකි. එහෙත් එසේ කියා නිහඩවීම තරම් නොවන නිසාත් අරගලයෙන් තොර ජයක් නොමැති නිසාත් මෙම කරුණු ගෙනහැර පෑම මෙසේ ආරම්භ කරමු.

විදේශගත ලාංකිය ශ‍්‍රමිකයා මැදිවී සිටින ගැටලූ අතරට එක්වන තවත් ගැටලූවක් ගැන කරුණු ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණයි. මෙය කොරෝනා වසන්ගත කාලයට පෙර සිටම සිදු වෙමින් පවතින සහ මේ මොහොතේත් සිදුවන කටයුත්තකි. මේ කථාව තානාපති කාර්යාල තුලින් සහ ආගමන විගමන කාර්යාලය තුලින් සිදුවන අකටයුතුකම් ගැනය.

එක් පසෙකින් තානාපති කාර්යාල කටයුතු තුලින් පීඩාවට පත්වනවාට අමතරව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාක්කන්ටද දොලපිදේනි පුදන්නට ඇතැමුන්ට සිදුවී ඇත. ඉතාලියේ රෝම නගරයේ හා මිලානෝ නගරයේ තිබෙන ශී‍්‍ර ලංකා තානාපති සේවයට බාරදෙන ගුවන්ගමන් බලපත‍්‍රය උප්පැන්න සහතික පුරවැසි සහතික ඇතුලූ ලිපි ලේඛණ බොහෝ අවස්ථාවන් වලදී නිසි කලට නොලැබේ. එවිට අදාල ඉල්ලූම් කරුවන් ලංකාවේ අදාල ආයතන වලට කතා කිරීමට හෝ දන්නා කෙනෙකු යවා ඒ පිළිබඳ විමසීමට පෙළඹේ. අවස්ථාව පෑදෙන්නේ එතැන් සිටය. අදාල කාක්කන් ක‍්‍රියාත්මක වී තත්වය අධ්‍යයනය කර අදාල දොල ඉදිරිපත් කරයි. රස්තියාදුවට අකමැති කල් ගත වනවාට අකමැති අය මුදල් ගෙවා තම කටයුත්ත අවසන් කර ගැනීමට පෙළඹේ. ඊට බලපාන තවත් හේතුවක් වන්නේ එම ලිපිලේඛණ වල අඩුපාඩු තිබෙන නිසා ඒවා සම්පූර්ණ කිරීමට නොහැකි බවට අදාල ඉල්ලූම් කරුවන් විසින් බිය වැද්දීමයි.

අප මේ ඉදිරිපත් කිරීමට සැරසෙන නිශ්චිත කාරණයට පසුබිම හැදෙන්නේද මේ ආකාරයටය. නාපෝලියේ වාසය කරන කෙනෙකු රෝමයේ තානාපති කාර්යාලයට අලූතින් ගුවන්ගමන් බලපතක් ලබා ගැනීමට අදාල ඉල්ලූම් පත බාරදෙයි. සාධාරණ කාලයක් ගතවීත් තම පොත ලැබී තිබුනේ නැත. ඒ අතරවාරයේ දිනක ඔහුගේ බිරිඳගේ දුරකථනයට ඇමතුමක් ලැබී ඇත. ඒ රෝමයේ තානාපති කාර්යාලය සමග ගනුදෙනු කරන ඒජන්සි කරුවකුගෙනි. ඉන් කියවී තිබුනේ පාස්පෝට් එකට අදාල ලිපි ලේඛණ වල ගැටලූ ඇති බවත් යුරෝ 2000ක මුදලක් ලබා දෙන්නේනම් ලංකාවේ පුද්ගලයෙකු හරහා ඉක්මනින් පොත හදා දීමට හැකි බවයි. ඒ තොරතුරත් සමග ලංකාවේ සිටින බිරිඳගේ සොහොයුරාට මේ බව දැනුම් දුන් ඔහු ආගමන විගමන කාර්යාලයට යවා පොත ගැන විමසීමේදී අදාල සම්බන්දතාවය ගොඩනැගී ඇත. ඒ අනුව අදාල නිලධාරියාට රුපියල් එක්ලක්ෂ පනස්දාහක් ලබාදී ඇති අතර ඉක්මනින් රෝමයේ තානාපති කාර්යාලයට ගුවන් ගමන් බලපත එවා ඇත. ඒ අනුව ඔහුගේ කටයුත්ත හමාර කරගෙන තිබෙන්නේ දොල පිදේනි පූජා කිරීමෙන් පසුවය.

අප කතානායක වරයාද තම ගුවන් ගමන් බලපත‍්‍රය අවසන් වී අලූත් පාස්පෝට් එකක් රෝමයේ තානාපති කාර්යාලය හරහා ඉල්ලූම් කර ඇත. ඒ 2020 ජනවාරි 31 වනදාය. කාලය ගත වුවත් තම ගුවන් බලපත‍්‍රය නොලැබුන නිසා දහ දොලොස් වතාවක් රෝමයේ තානාපති කාර්යාලයට ගොස් විමසීමට ඔහුට සිදුවිය. එය ලැබීම කල්යෑමෙන් ඔහුගේ බොහෝ කටයුතු ඇනහිට තිබූ නිසා ඔහු පසුවූයේ දැඩි පීඩනයකය. මුදල් වියදම් කරගෙන නිවාඩු ගෙන රස්තියාදු වුවත් තානාපති කාර්යාලයේ පිළිතුර වී ඇත්තේ ලංකාවෙන් තවම එය නොලැබුන බව හා එහෙන් එවනතුරු තමන්ට ඊට කලහැකි යමක් නොමැති බවයි. දිගින් දිගටම ලැබෙන්නේ එකම පිලිතුර නිසා උරණවූ ඔහු විමසා ඇත්තේ ඔවුන්ට ඒ පිළිබඳ වගකීමක් ඇත්තේම නැතිද යන්නයි. ඊළග වතාවේ එහි ගියවිට ඔවුන් පවසා ඇත්තේ පොත හැදෙන්නැති හේතුව ලංකාවට පැමින දැනගන්නා ලෙසට ආගමන විගමන කාර්යාලයෙන් ඊ මේල් පණිවිඩයක් තමන් වෙත එවා ඇති බවයි. මෙය තරමක් හතරබීරි කතාවක් නිසා එසේනම් එය තමන් හට පෙන්වන්නයැයි ඉල්ලූවිට එවැන්නක්ද ඔහුට පෙන්වා නැත. එවිට පැනනගින ගැටලූව වන්නේ කෙනෙකු තානාපති කාර්යාලයට බාරදුන් කටයුත්තක් ගැන අවසාන වගකීමක් ඔවුන්ට නැතිදැයි කියාය. යම් ගටලූවක් හෝ අඩුපාඩුවක් ඇත්නම් ඒ බව අදාල පුද්ගලයාට දැනුම් දිය යුතු නොවේද එය දැනුම්දිය යුත්තේ අදාල තානාපති කාර්යාලය මාර්ගයෙන් නොවේද

මෙම තත්වය හමුවේ ඒ පිළිබඳ විමසීමට ආගමන විගමන කාර්යාලයට ලංකාවේ තම යාලූවෙකු යොමු කලත් නිසි පිළිතුරක් එහිදී ඔහුට ලැබෙන්නේ නැත. නැවත තම පියාද ආගමන විගමනයට යවා ඒ ගැන විමසා සිටි අවස්ථාවේ එහි නිළධාරියෙකු පියාහට පවසා ඇත්තේ එය සැදෙමින් තිබෙන බවත් තව සති දෙකකින් පමන වැඬේ ඉවර වන බවත්ය. ඒ අතර ඔහුගේ දුරකථන අංකය පියා වෙත ලබාදී පුතාට තමන් හට කතා කරන්නට යැයිද පවසා ඇත.

ඒ අනුව අදාල අංකයට ඔහු ඉතාලියේ සිට කතා කල විට පවසා ඇත්තේ අදාල ලිපිගොනුව වසා ඇති බවත් එය උඩට ගැනීමට නම් කීප දෙනෙකුටම ගෙවිය යුතු හෙයින් රුපියල් ලක්ෂයක් එකහමාරක් වැයවන බවයි. ඊට කැමතිනම් තමන්ට එම කටයුත්ත කර දිය හැකි බවද පවසා ඇත. තම කටයුත්ත කර ගැනීමට ඇති වුවමනාව නිසාම ඊට කැමැත්ත පල කරන ඔහු අදාල නිළධාරියා සමග එකගතාවයට පැමිනෙන අතර ඒ අනුව මුදල් එවීම සඳහා ගිණුම් අංකයක්ද ඔහු වෙත ලබාදී ඇත. සති කීපයකට පසුව නැවත තම තාත්තාව යවා වැඬේ කෙරෙනවාද යන්න විමසා ඇති අතර එවිට අදාල නිළධාරියා විසින් පොත පෙන්වා පවසා ඇත්තේ ලබන සතිය වන විට පොත යැවිය හැකි බවත් ගනුදෙනුව ඉක්මන් කරන ලෙසත්ය. ඒ අනුව ඉතාලියේ සිට ඔහු අමතන අප කතා නායකයා පවසා ඇත්තේ මුදල් ගෙවීමට පොතේ කොපියක් තමන් හට එවන ලෙයසි. එම ඉල්ලීමට අනුව ඔහුවෙත එහි කොපියක්ද වට්ස්අප් කර එවයි. ඉන්පසු ලංකාවේ සිටින පොලිසියේ සේවය කරන තම යාලූවෙකු යවා අදාල නිළධාරියාට සද්දයක් දැමූ පසුව රෝමයේ තානාපති කාර්යාලය වෙත අදාල ගුවන්ගමන් බලපත‍්‍රය එවා තිබුනි. ඒ අනුව වසරකටත් වැඩි කාලයක් ගතවීමෙන් පසු 2021 පෙබරවාරි 18 දින රෝමයට ගොස් එය ලබා ගැනීමට අප කතා නායකයාට හැකිවිය.

එතනින් මේ කතාව අවසන් යැයි සිතුවත් අදාල නිළධාරියා නැවත නැවත කතා කරමින් දැන් වැඬේ අවසන් නිසා මුදල් ගෙවන ලෙසට බලකරමින් සිටී.

තානාපති කාර්යාලයේ වගකීම් විරහිත ක‍්‍රියාවන් නිසා අපහසුතාවයට ලක්වී ඇති තවත් පවුලක් පිළිබඳ කරුණක් සඳහන් කල යුතුය. තම දරුවා ඉපදීමෙන් පසු රෝමයේ තානාපති කාර්යාලයෙන් උප්පැන්න සහතිකය සහ පුරවැසි සහතිකය ඉල්ලූම් කලත් වසර 5ක් ගතවීත් තවමත් පුරවැසි සහතිකය ලැබී නැත. ලැබී ඇත්තේ උප්පැන්න සහතිකය පමනි. ඒ ගැන විමසන හැම අවස්ථාවකදීම ලැබෙන්නේ තානාපති කාර්යාලයේ සුපුරුදු පිළිතුර වූ ලංකාවෙන් තමන් වෙත තවම එය ලැබී නැති බවයි. ඉන් ඔබ්බට කිසිදු වගකීමක් තානාපති කාර්යාලයට නැතිද ඒ අනුව මොවුන්ටද සිදු වන්නේ තවත් කාක්කෙකු හට හසු වන්නටය. නැතහොත් ලංකාවට ගොස් තම කටයුත්ත කර ගැනීමට කාර්යාල ගානේ රස්තියාදු වන්නටය. එහිදීත් අනිවාර්යයෙන්ම ඔවුන්ට දොල පිදේනි දීමට සිදුවනු ඒකාන්තය. බැලූ බැල්මට මෙතරම් කල් ගතවූ ගැටලූවක් විසඳීමට පිදේනි තට්ටුවක් නොමැතිව කිසිවකු ඉදිරිපත් නොවනු ඇත.
විදෙස්ගත ලාංකීය ජනයා පෙළෙන තවත් ගැටලූවක් මෙහිදී මතුකල යුතුය. එම අකටයුත්ත සිදු වන්නේ කොළඹ තිබෙන ඉතාලි තානාපති කාර්යාලයෙන්ය. විශේෂයෙන්ම මෙම ගසා කෑමට ලක්වන්නේ ෆැමිලි වීසා ඉල්ලූම් කරුවන්ය. එක් පසෙකින් අදාල ලිපි ලේඛණ සැකසීමේදී හා සහතික කර ගැනීමේදී ඔවුන්ගේ ඒජන්සියක් වෙත යොමුවිය යුතුය. තානාපති කාර්යාලයට සම්බන්ද වන්නේ ඉන් පසුවය. එම ඒජන්සි ක‍්‍රියාවළිය අතිශය පීඩාකාරී එකකි. යම් හෙයකින් ෆැමිලි වීසා ඉල්ලූම් කරන්නේ දෙවන කසාදයට අදාලව නම් තත්වය තවත් බරපතලය. එහිදී එය ඇත්ත කසාදයක් බවට ඔප්පු කිරීම සඳහා ඔවුන් විසින් ඉල්ලා සිටින දෑ කිසිසේත්ම පහසුවෙන් ලබාදීමට නොහැකි කාරණාය. තවම ඉල්ලා නැත්තේ පලමු රාත‍්‍රියේ සාක්ෂි පමනි. කෙසේ හෝ ඒජන්සි කඩ ඉම පැන තානාපති කාර්යාලයේ වීසා අංශයට ගිය විට ඊලග කඩඉම හමුවේ. එනම් එවන් අය ගසාකෑමේ ඒජන්තයින් වීසා අංශයේද සිටින නිසාය. ඔවුන් හා කටයුතු කරන අතරමැදියන් සිටින අතර මෙහිදී කරලියට පැමිනෙන්නේ ඔවුන්ය. සූක්ෂ්ම ලෙස එවන් ඉල්ලූම් කරුවන් වෙත ලගාවෙන ඔවුන් පවසන්නේ රුපියල් ලක්ෂ තුනක් තුනහමාරක් වියදම් කරන්නේනම් තම වීසා එක ලබාදීමට තමන්ට හැකි බවයි. එසේ නොවුනහොත් වීසා එක පිළිබඳ ආශාව අතහරින්නට සිදුවනු ඇති බවයි. ඒ මොහොත වන විට සමහරුන්ගේ විවාහය දෙදරා යන තත්වයන්ට පත්වූ අවස්ථාද ඇත්තටම එසේ කල්ගතවීම නිසා හෝ සැකයන් හෝ වෙනත් සබඳතා ගොඩ නැගීම යන කාරණා මුල්කරගෙන විවාහයන් කඩා ඉහිරී ගිය අවස්ථා පිළිබඳ අත්දැකීම්ද අප සතුව ඇත.

තවත් අතුරු කාරණයක්ද මීට එක්කල යුතුය. ඒ ඇත්තටම ෆැමිලි වීසා කටයුත්ත ජාවාරමක් කරගත් කොටස්ද සිටින බවයි. ඔවුන් එය කරන්නේ මුදල් ඉපයීමට නිසා සහ බොහෝ විට ව්‍යාජ ලේඛණ සකසා බැවින් එම කටයුතු ලෙහෙසියෙන් හා පහසුවෙන් ගොඩදා ගැනීමට මුදල් ගෙවා අදාල කටයුතු කරවා ගනී. ඒ අනුව මුදල් ගෙවා වැඩකරවා ගැනීමේ පසුබිමක් නිර්මාණය කර ගෙන තිබෙන අතර ඉන් ඇත්තටම අපහසුතාවයන්ට ලක් වන්නේ ඇත්තටම තම ස්වාමියා හෝ බිරිඳ ගෙන්වා ගැනීමට බලාපොරොත්තු තබා කටයුතු කරන අයවලූන්ය. එය කිසිසේත්ම අනුමත කල නොහැක. එමෙන්ම වංචා කරුවන් ¥ෂිතයින් සිටිනවායැයි කියා සියලූදෙනාවම සැක කරමින් සියල්ලන්වම අපහසුතාවයන්ට ලක්කිරීමද අප අනුමත නොකරමු.

මේ මොහොතේත් මෙම ජාවාරම ක‍්‍රියාත්මක වෙමින් ඇත. අප දන්නා මිලානෝ සිටින කාන්තාවක් ගෙන් අදාල තැරැුව්කරුවන් විසින් මුදල් ඉල්ලමින් සිටී. ඇත්තටම ඇයගේ පලමු කසාදය අසාර්ථක වීමෙන් පසු ඇය වෙනත් කසාදයක් කරගනී. අදාල නීතිමය කටයුතු සියල්ල නිසි පරිදි සිදු කර තිබෙන තත්වයක් තුලදීත් ඇයට වීසා ලබා දීම පමා කරමින් වෙනත් විදිහකට ගසා කෑමකට ඇතුලේ පිරිස්ම කටයුතු කරමින් සිටී. ඊට පෙර එසේ මුදල් ගෙවා ගොඩ දමාගත් අවස්ථා ගනනාවක්ද අප දනිමු. එක් අවස්ථාවකදී කොළඹ ඉතාලි තානාපති කාර්යාලය විසින් ෆැමිලි වීසා ඉල්ලූම් පතක් ප‍්‍රතික්ෂේප කල අතර අවශ්‍ය නම් ඊළග පියවර ලෙස දක්වා තිබුනේ රෝමයේ උපරිමාධිකරණය වෙත ගොස් නඩුපැවරිය හැකි බවයි. එය ලිඛිතව ඉල්ලූම්කරු වෙත දන්වා සිටි අතර එවන් තත්වයකදී පවා ලක්ෂ තුනහමාරක් ගෙවා එම වීසා ගැටලූව ගොඩ දමාගත් බව අප දනිමු. අපගේ පැනය මෙම අකටයුතුකම් මෙසේ දිගින් දිගටම සිදුවීමට ඉඩදී බලා සිටිමුද නැතිනම් ඊට එරෙහිව අරගල කර අයිතීන් දිනා ගැනීමට පෙල නොගැසිය යුතුද යන්නයි.

පසු සටහන
මෙහිදී අවශ්‍යනම් අපට මෙම වංචනිකයින් නීතියේ රැුහැනට කොටුකර දිය හැකිය. එවන් කීප දෙනෙකුගේ රැුකියාව අහිමිකල හැක. එතනින් මේ ගැටලූවට විසඳුමක් ලැබෙන්නේද නොඑසේනම් එතැනට වෙනත් කීපදෙනෙකු ස්ථානගත වන්නේ නැතිද හරියට අපි කලින් කලට ආණ්ඩු මාරු කරනවා වාගේ. එකම සිස්ටම් එකක් ඇතුලේ පුද්ගල මාරුවකින් අත්වන්නේ තාවකාලික විසඳුම් පමනක්ය යන්න හොඳින්ම අතිවිඳි ජාතියක් නොවන්නේද අප. ඒ නිසා ප‍්‍රතිසංස්කරණ දිනා ගන්නට පෙළගැසෙන අතර එය අවසන් ජයග‍්‍රහණය ලෙස සලකා කටයුතු නොකර එවන් තත්වයන් දිගින් දිගටම මතුවන ඇත්ත හේතුව තේරුම් ගෙන ඒ දක්වා අරගලය ගෙනයා යුතුය. එනම් ප‍්‍රතිසංස්කරණ ජයග‍්‍රහණ අතරමැදි ජයග‍්‍රහණ පමනක් යන්න තේරුම් ගෙන එම අතරමගින් නොනැවතී අවසන් ජයග‍්‍රහනය තෙක් පෙළ ගැසීමයි.

තීමස් විජිත්

Click to access 1vivarapituwa.pdf


leave a reply