ණයට ගත් සල්ලිවලින් ‘නිදහස’ සමරමු

ආණ්ඩුව 75 වන නිදහස් උළෙල සැමරීමට ලක ලැහැස්ති වෙමින් සිටියි. නිදහස් උළෙල සඳහා වියදම ලෙස කෝටි 20ක් වැයවන බවටද ගණන් බලා තිබේ.

මේ සමඟම වාර්තා වූ පුවතකින් කියවුනේ ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය අඩු කිරීමට හැකි ඉක්මනින් එකඟ වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

එයට හේතුව ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන ගණනක සමස්ත ණය ප්‍රමාණය අඩු කිරීමට චීනය සහ ඉන්දියාව පළමුව එකඟ වන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිතව ඇති ණය ලබාදීමට එකඟ නොවීමයි.

චීනය විසින් ශ්‍රී ලංකාවට දී ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 7ක් පමණ වන අතර ඉන්දියාවට ඩොලර් බිලියන 1ක් පමණ ශ්‍රී ලංකාව ණය වී තිබේ.

නමුත් ඉන්දියාව සහ චීනය අවසානයේදී ශ්‍රී ලංකාවට ඇති ඔවුන්ගේ සමස්ත ණය ප්‍රමාණය අඩු කිරීමට එකඟ වුවහොත්, රටේ විදේශ ණයවලින් 40%කට හිමිකම් කියන පෞද්ගලික ණය හිමියන්ගේ පාර්ශවයෙන් ගැටලුවක් මතු වීමේ හැකියාවක් පවතින බව BBC වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

අපේ රටේ ආර්ථිකය එසේ නොමැතිනම් ජනතාව කන්නේ බොන්නේ කෙසේදැයි තීරණය වීමට නියමිතව ඇත්තේ මෙම ණය ගණුදෙනු මතයි. වෙන විසදුමක් ආණ්ඩුවට නැත.

ඒ අතර ණය කපා දමන ලෙසට සහ ණය ලබා දෙන ලෙස විදෙස් රටවල් ඉදිරියේ පින්සෙන්ඩු වෙමින් සිටියදී නිදහස් උත්සවය නම් දෙයක් සඳහා කෝටි 20ක් වැය කිරීමද ආතල් වැඩකි. විදෙස් රටවල්වලට අපේ ජීවිත ගැන තීරණය කරන්නට ඉඩදී අපි නොලැබූ නිදහසක් සමරමු. ඒ සැමරුමට ණය ගත් මුදල් වියදම් කරමු.

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...