කෝපි රස…

වැහි බිංදු කොඳුරමින්
දුර ගමන් යන හවසක
අපි අපට අහිමිදැයි
ඇසූ බව
ඇත රිදුනු මතකෙක..
මාරුවට තොල තැබූ
උණු කෝපි බඳුනක
දියවෙලා තිබුනු බව
මතකයි
දෙකම්මුල් තෙමූ
ලුණු රස..

විදුලි එලි නැහැවෙන
පහන් කණු පසුකර
නුඹ පසු පසම එන සිත
බැඳලමින් රැහැනක
නොපතාම සැඳෑවට
දොරකඩ හිඳ
හිනැහෙනා බිරිඳක
දියකර හරිමි
උණුසුම් හාදුවක රස
සීතල රත්පැහැ
මධුවිතක..

තබාගෙන උර මත
දිවි බරින් අඩක්
යනවිට වංකගිරියක
අදත් වැහි බිඳු
කොඳුරනව ඇති
නුඹ පයෙහි හැපෙමින්
අඳුරුබර සැඳෑ වල..
ඉසිඹුවකට ගොඩ වැදී
අඩ අඳුරු
අවන්හල් පිලකට
දෙතොල් මත ඉඩ
තියේවිද තවමත්
උණුසුම්
කෝපි රස බිඳකට..

 

Share post:

Popular

වෙනත් පුවත්

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...