පානදුර වෙරළට ගොඩ ගැසූ තලමසුන් යළි මුහුදට – ගොඩබිමට පැමිණීමට හේතුව නාවික අභ්‍යාස බවට සැකයක්

පානදුර වෙරළට තල්මසුන් පැමිණීමට හේතුව ඉන්දියාව, ඇමරිකාව, ජපානය හා ඕස්ට්‍රේලියාව ඊයේ(02) එක්ව සිදුකළ “මලබාර්” නම් නාවික අභ්‍යාසයේ දී නිකුත් කළ අධි සෝනාර් (Sonar) ක්‍රියාකාරිත්වය හේතුවෙන් විය හැකි බවට මත පළවේ. පරිසරවේදී නයනක රන්වැල්ල පවසා ඇත්තේ මෙම තල්මසුන්ගේ ගමන් මාර්ගය වැරදුණු බව සිතිය හැකි බවයි.

තම facebook ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ,

“ලංකාවේ බස්නාහිර වෙරළට ඊයේ දහවල් කාලයේ දී pilot whale නමින් හැදින්වෙන විශේෂයේ ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන තල්මසුන් 60කට වැඩි රංචුවක් හදිසියේ ම පැමිණියා. එම තල්මසුන් සමග ඩොල්ෆින් කෙනෙකු ද පැමිණ තිබුණා. ඇත්තටම මේ සතුන් මේ ආකාරයට පැමිණියේ ඉන්දියාව ඇමරිකාව ජපානය හා ඕස්ට්‍රේලියාව ඊයේ(02) එක්ව සිදුකළ “මලබාර්” නම් නාවික අභ්‍යාසයේ දී නිකුත් කළ අධි සෝනාර් (Sonar) ක්‍රියාකාරිත්වය හේතුවෙන් විය හැකියි.

ඒ නිසා මේ සතුන්ගේ ගමන් මාර්ග වැරදුන බව තමයි අපට හිතන්න වෙන්නේ. මේ තල්මසුන් සමග ඩොල්ෆින් කෙනෙකු පැමිණිමෙනුත් එය ඔප්පු වෙනවා.මේක ඉතාම බරපතල අපරාධයක්.”

පානදුර මුහුදු වෙරළට ඊයේ ගොඩ ගැසූ තල්මසුන් (Pilot whales) රංචුවෙන් සියල්ලන් පාහේ නැවතත් මුහුදට තල්ලු කර යැවීමට හැකි වී ඇති බව අද උදෑසන වාර්තා විය.

ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය, ධීවර අමාත්‍යාංශය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වෙච්ඡා සේවකයින් රැසක් එක්වී සිට ඇත.

අවසන් වශයෙන් ඉතිරිව සිටි තල්මසුන් 18 දෙනා මුහුදට ඇදගෙන යාම සඳහා බෝට්ටුවක් යොදා ගැනීමට සිදු වී තිබේ.

පරිසරවේදී නයනක රන්වැල්ල සඳහන් කර ඇත්තේ මෙම මෙහෙයුමේදී තලමසුන් 4 දෙනෙකු මිය ගිය ගොස් ඇති බවයි. කෙසේවෙතත් 50කට වැඩි තල්මසුන් පිරිසකගේ දිවි බේරා ගැනීමට හැකියාව ලැබීම ඉතා සාර්ථක තත්ත්වයක් බව ඔහු සඳහන් කර තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...