Breaking News

ආණ්ඩුවේ තවත් ජාතිවාදී තීරණයක් – කොවිඩ් මරණ භූමදානයට කොළඹ සිට 300km දුරින් පිහිටි දූපතක්

ශ්‍රී ලංකාවේ කොවිඩ් හේතුවෙන් මියයන මෘතදේහ භූමදානය සඳහා කිලිනොච්චියේ ඉරණතිවු ප්‍රදේශයේ භූමදානය කිරීමට සුදානම් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා තිබේ.

මේ වන විට සිදුවෙමින් පවතින සතිපතා අමාත්‍යමණ්ඩල තිරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයාගෙන් විමසූ පැනයකට පිළිතුරක් වශයෙන් ඔහු මේ බව පවසා ඇත.

තවද භූමදානය කිරීමට නියමිත කොවිඩ් මෘත දේහ ඉරණතිවු බලා ගෙන යාම සම්බන්ධයෙන් වන වියදම් රජය විසින් දරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර සිටියා.

කෙසේවෙතත් මුස්ලිම් ජනතාව පවසන්නේ භූමදානය සඳහා ආණ්ඩුව අවසර දුන්නත් මෙම තීරණය හරහා නැවතත් තම ජාතිවාදී බව පෙන්වා දී ඇති බවයි. මෙම දූපත කොළඹ නගරයේ සිට 300km දුරින් පිහිටා තිබීම නිසා තමන්ට අවශ්‍ය වූ විට ගෞරව දැක්වීමේ දුෂ්කරතාද මතුවන බව මුස්ලිම් ජනතාව පවසමින් සිටියි.

ඊට අමතරව සමාජ විචාරකයන් පවසන්නේ මෙවැනි දුරකට කොවිඩ් මරණ ගෙනයාම අධික වියදමක් දැරීමට සිදුවන කටයුත්තක් බවයි. එම ප්‍රවාහන වියදම රජය දරන්නේ නම් එය ගෙවනු ඇත්තේ ජනතා බදු මුදල් වියදම් කිරීමෙනි.

මීට අමතරව මේ දුපත් යුගලයේම ප්‍රමාණය වර්ග කිලෝමීටර 6ක් පමණ වන බවත් දැනට එහි පවුල් 300-400ක් අතර ප්‍රමාණයක් පදිංචිව සිටින බවද පැවසේ. 1992 සිවිල් යුද තත්වය තුළ සිවිල් ජනයාගෙන් නාවික හමුදාව උදුරා ගත් මේ දිවයින නැවත සිවිල් ජනයා පදිංචි වී ඇත්තේ වසර 26කට පසුව 2018 වසරේ අප්‍රේල් මාසයේදීය. ඒ දිගුකලක් තිස්සේ කරන ලද අරගලයකිනි.

leave a reply