” සාහිත්‍ය” වූ කලි මනා කොට කියන ලද්දේ වෙයි. නැතහොත් මනා කොට ලියන ලද්දේ වෙයි. නිදහස් කවිය විරිතෙන් තොර වන අතර විරිතට වඩා කවියේ පද සංඝඨනාව මගින් නැගෙන අරුත වඩා වැදගත් වන බව සියවස් ගණනකට එපිට කවියන්ගේද අදහසයි.
ඒ අනුව ඡන්දසින් තොර කාව්‍ය ඕනෑම රසික ප්‍රජාවක් ඉක්මනින් ග්‍රහණය කරගන්නා තැනට වර්තමාන කඩිමුඩි සමාජ ක්‍රමය පෙළඹී ඇති බව අපට පෙනී යන සත්තාවකි.නූතන පරපුරේ කිවිඳියක වන රසිකා මුහන්දිරම්ගේ ස්ත්‍රීත්වයට එල්ල වන විවිධාකාර අභියෝග හැලහැප්පීම් ඉතා සරළ භාෂා වහරකින් අප හමුවේ ගෙන තබයි. ඒ ” ගෑණු හිටියෙම හිනාවීගෙන ” කාව්‍ය කෘතියෙනි. ඇගේ නිර්ඡන්දස් කාව්‍යයන් අර්ථ පූර්ණය, ධ්වනිපූර්ණය. එම කවි බොහොමයක් පාඨකයා තුළ සංකල්ප රූප ජනිත කරයි.
සර්වකාලීන සමාජ සත්තාවන් වස්තු විෂය කරගනිමින් කාව්‍ය රචනයේ නියැලෙන ඇගේ මේ කෘතිය ජනගත කරන දා ඊට සහභාගී වන්නට මම වරම් නොලදිමි. එහෙත් ආදරෙයෙන් මා අත පත් කළ මේ කෘතිය එක හුස්මට කියවාගෙන ගියෙමි. ව්‍යංගාර්ථය හා උත්ප්‍රාසයෙන් ලියැවී ඇති එකී කවි සමාජය කෙරේ විවෘත මනසකින් බලන නිදහස් නිර්භය කාන්තාවක් අතින් ලියවුන බවට දෙස් දෙයි.
ඇගේ කවි සමහර ඒවා පිටු දෙක තුන දීර්ඝ වුවද එය පාඨකයා තුළ කියවීමේ රුචිය නොනසා පවත්වාගැනීමට තරම් ඈ සමත් වන්නීය.
තනිකඩ පද්මලතා දෙකඩ වූ හැටි සමාජය විසින් ඈ නැවත පෙර තත්වයට ඇද දැමූ හැටිත් ඈ පද්මලතා නම් වූ කවියෙන් මනාව ප්‍රකාශනය කොට ඇත.
” පද්මලතා සතුටු වුණා
මම තනිකඩ නෑ
හැමෝම මම ගැන අවධානයෙන්
මෙච්චර දවස් ඒක නොතේරුණු එක ගැන
ඈ ඈටම බැන්නා…
“පියසිරිටත් බැනල ෆෝන් එක බ්ලොක් කළා”
සමාජ සම්මුතීන් විසින් හුදකලා කරන ගැහැණිය ඒ අවට සමාජය විසින්ම ඇගේ හුදකලාව කාංසිය නිවාගත් , දුක බෙදාගත් ජීවිතයද ඈට අහිමි කරයි. එහිදී ඈට උපදෙස් දෙන ඇතැමුන් පිළිබඳ සෝපාහාසයෙන් දකින ඈ හාමුදුරුවන්ට රෑට වළදන්න මනිපිට්ටු ගෙන යන හේමසිකා ගැනද පවසයි. ඕ තොමෝ පද්මලතාට බනින්නී තුන්වෙනි සිල්පදේ කඩනවද කියලා යනුවෙනි. ඈ මේ බොහොම කවි හරහා පියරු ගෑ සමාජ මුවට අතුල් පහර එල්ල කරන්නීය . ඒ ඉතා සියුම්වය.මුල සිට අගට ඒ කවි කියවන්නැයි මම ඔබට ආරාධනා කරමි.
” අපරාදෙ අම්මෙ අලුත් යට සාය”
යන සිරසින් යුතුව ඈ ලියූ කාව්‍යය හෘදය කම්පා කරවන සුළුය.
” රබර් ගස් මණ්ඩිය
නාකි රබර් ඇට පිපිරෙන
පිට පොතු පලාගෙන…
ගිය මාසෙ පඩියෙන්
” අම්මේ, මම ගත්ත අලුත්ම යට සාය….”
” කිරිවරපු රබර් ගස් වල කොහෙද උණුවෙන හිතක්
බිම දිගේ දුවන
කැකිල්ල ළපටි ගැන…….
එහිලා ඈ වයසින් මුහුකුරා ගිය පිරිමියෙකු පිළිබඳව ඔහුගේ අතවරයට ලක්වන කුඩා දැරියක පිළිබඳවත් ඉඟි දෙයි.
නාකි රබර් ඇට පිපිරෙන
පිට පොතු පලාගෙන වශයෙන් ඈ පවසා ඇත්තේ තාරුණ්‍ය ඉක්මවා ගිය නමුත් පිරිමියෙකුගේ කාය ශක්තියත් කාමුක හැඟීම් වලත් ප්‍රභලත්වය විය යුතුය.
ඉපල් උල්නිය කෝටු
විසල් කඳ
උමතුවෙන් ඍජු වුණු
යටකරන් ළපටි
කැකිල්ල නටු
පොළවම කාගෙන පොළවට පතිත වුණු…..
මේ කාමාතුරයකුගේ හැඩිදැඩි සිරුරකට යට කරගත් කුඩා ගැහැණු දරුවකුගේ ශෝකාලාපය ඈ කියාපාන්නී මේ සිදුවීමේ හරයක් නොදැන ඈ යට සාය වෙනුවෙන් කම්පා වන අයුරු දක්වයි. එය ප්‍රභල ව්‍යංගාර්ථයකි .
ඈ ගැලවෙන්නට උත්සාහ දරා ඇත.
” ඉලාස්ටික් ඉන පටිය අම්මේ
තදින් අල්ලන් හිටියා සුදු රෙද්දෙන්”
මම දැක්ක අම්මෙ
ගල් ගැහිච්ච කිරි බිංදුවක් ඉහිරුණ”
” අපරාදෙ අම්මෙ මගෙ අලුත් යටසාය” මේ යටසායෙන් ඈ නිරූපණය කරන්නේ ඇගේ කුමරි බඹසරයි. දරිද්‍රතාවය විසින් අසරණ කර ඇති ඇගේ යොවුන් විය ඛේදනීය වනු ඇත. ඈ පරිස්සම් කරගත් සුදු රෙද්දේ කිරි ගෑවී ඇත. රබර් කිරි සුදු පැහැති නමුදු ඒවා වියැලෙන්නේ කහට පැල්ලම් ඉතිරි කරමිනි. විවිධාකාර සමාජ ආර්ථික , සදාචාරාත්මක කාරණාවන් පිළිබඳ ඈ පාඨක අවධානය යොමු කරවයි. ඇගේ කවි බලාපොරොත්තු සහගත බවකින් දිස් වෙයි. ඒවා කියවන්නැයි මම ඔබට නැවත ආරාධනා කරමි. මන්ද එහි අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතයද කොතැනක හෝ සැඟවී.තිබිය හැකිම නිසාවෙනි.රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨයේ කථිකාචාර්ය වරියක ලෙස සේවයේ නියුතු රසිකා මුහන්දිරම්ගේ සහෘද කිවිඳියේ නුඹට ආදරයෙන් සහ හෘදයාංගමව සුබපතමි.
සුරංගි ලියනපතිරණ