Breaking News

House Of Paper – la casa de papel – la casa di carta

සංජිව සෙනවිරත්න (NO NAMES Collective )

මැතකදි නිර්මාණය වු Money Heist ( la casa de papel ) ලොව වැඩියෙන් ජනප්‍රිය වු නිර්මාණයක් බවට පත්වෙනවා .. එය අප විශ්වාස කරන ලොකයේ සදාචාර පැතිකඩ යන් සහ බල අධිකාරයන් වල තත්වයන් නව මානයකින් පොදු ප්‍රෙක්ෂකාගාරයකට ගෙන්වන්න දරණ උත්සහය හරි අපුරුයි ..

ඒ ගොල්ලො රතු ඇදගෙන , සැල්වදෝර් ඩාලිගේ වෙස්මුහුණ දාගෙන , ඉතාලියේ වැඩවසම් සමාජ පසුබික සිට නිර්මාණය වු පළවන සහ දෙවන ලොක යුද්දෙදි නව ආරකින් භාවිතා වු බෙලා චාවෝ ගීතය (Bella ciao) ගායනා කරමින්, මොකද්ද කරන්න ගියේ?.. Money Heist ( la casa de papel ) නිර්මාණයේ ඇත්ත නමේ පරිවර්තනය House Of Paper,ඇත්තටම ,මේ නිර්මාණය දිහා බලන් ඉද්දි ඇත්තටම කවුද හොරු කියලා තමන්ගෙන්ම අහගන්න හිතෙනවා..
ඒ වගේම නිත්‍යානුකුල හොරු සහ නිත්‍යානුකුල නොවන හොරු කියලා දේපාර්ශවයක් සිටින බව පැහැදිලි වෙනවා, මේ නිර්මාණය, පවතින ක්‍රමයේ නිරුවත වඩාත් උපක්‍රම ශීලිව හෙලි කරනවා..එකටත් ප්‍රධාන වස්තුවිෂය කරගන්නෙ හොරකමක් ..ඉතින් අපි මෙක බලලා නිරුවත් වුනා.

මෙම නිර්මාණයට බෝහෝ දෙනා අශාක්ත වෙන්න බලපාන කාරණා බොහෝ තියෙනවා .. ඒ අතරින් ලෝකය අනිත් පැත්ත ගහලා ,එහෙමත් නැත්නම් කැලි කිහිපයකට ඉරලා වෙන හැඩයක් පෙන්විම .. මෙහි ප්‍රාධාන ලක්ෂණයයි.. එනම් මංකොල්ල කරුවන් පිරිසකට ප්‍රබල ජන ප්‍රසාදයක් ලැබිමත් එය නවත්වන්න උත්සහ කරන නීතියට ,රජයට ප්‍රබල ජන විරෝධයක් ලැබිම මෙහිලා ප්‍රධාන වශයෙන් දක්වන්න පුළුවන් ..සාමාන්‍යයෙන් කතාවක් ගත්විට අප දකින්නෙ මංකොල්ල රුවන් අල්ලාගෙන ,ප්‍රාණ ඇප කරුවන් මුදා ගෙන ජනතාවගේ ප්‍රසාදය, රජය ,නිතීය සහ අදාළ ව්‍යවස්ථාපිත තත්වයන්ට ලැබිමයි .. එසේත් නැත්නම් තිබෙන ක්‍රමයට විරුද්ධව නැගි සිටිමක් .. නමුත් මෙහිදි එසේ නොකරණ la casa de papel නිර්මාණ කරුවා ලොකය මෙසේ අනිත් පැත්ත ගසමින් පෙන්වන අරුත සහ සාරය ප්‍රෙක්ෂ්කයා දැඩි උද්යෝගයකින් නිර්මාණය මත ඇද බැද තබා ගන්නවා .පවතින ක්‍රමයේ තිබෙන දුෂමාන තත්වය .ප්‍රෙක්ෂකය ඉදිරියේ තබන්නෙ බොහොම පොහොසත් විදිහට..

ප්‍රධාන කලා ධාරව පෝෂණයෙහිලා විකල්ප කලා ප්‍රකාශණයන් ගොඩාක් ඉවහල් වෙලා තියෙනවා.. මේ නිර්මාණය තුළට හොදින් කිමිදිලා බලන විට Surrealism ප්‍රකාශන ශෛලියේ හැඩයන් මෙම නිර්මාණය පුරාවට මා අත්වින්දා. ඉතාලියේ Andre Robert Breton ගෙ කවි වලින් ආරම්භ වු මෙම ප්‍රකාශන ශෛලියට එකතු වු සැල්වදෝර් ඩාලි , ඉතාමත් දියුණු තැනකට මෙම ප්‍රකාශන ශෛලිය රැගෙන යනවා .. ඇත්තටම එය ප්‍රකාශන ශෛලියක් ලෙස හදුන්වනවාට වඩා ඒ අදාළ සමාජ ක්‍රමයට හමුවේ කළ විප්ලවීය මැදිහත් විමක් ..ඇත්තටම එය පොදු සමාජය ක්‍රමයේ පිළිවෙළ වෙනත් පිලිවලකින් දකින්නට සමාජයට යොජනා කළ සමාජ ව්‍යාපාරයක් ..එහිදි සැල්වදෝර් ඩාලි ගේ හැසිරිම ලොකු මෙහෙයක් කරනවා … මොවුන් නිරන්තරයෙන් පැවසුවේ මිනිසාගේ අවිඤාණයේ ඇති දේ රැගෙන නව යාථාර්තයක් මවන බවයි..එය සරලව කියන විට මට දැනෙන්නෙ ලොකය අනිත් පැත්ත ගහලා, ,කැලි ඉරලා නව යථාර්තයක් ලොකයට පෙන්වන්න හදන කලා මදිලියක් ලෙසයි .. ඇත්තටම එය ටයි සුට් ඇදගෙන එකල සමාජයට කළ දාර්ශණික ,දේශපාලන,,විප්ලවයක් කිව්වොත් තව පැත්තකින් නිවැරදියි .. . .. මෑත ඉතිහාසයේ මෙවැනි සමාජ මොහොතක් තෙරුම් ගෙන ඒ සඳහා කළ විප්ලවීය නිර්මාණ අතර සාර්ථකත්වය වුන නිර්මාණයක් ලෙස Money Heist ( la casa de papel ) නම් කරන්න පුළුවන්. ඒ වගේම රතු ඇදුමේ සෑබෑ තත්වය දන්න අයට ,සැල්වදොර් ඩාලි ගැන දන්න අයට ,තුවක්කු ගැන දන්න යට මෙම නිර්මාණය පහසුවෙන් කියවගන්න පුළුවන් කියලා මම හිතනවා ..

නිර්මාණය පුරාවට විප්ලවීය තැනකට අපි කැන්දන් යනවා ..එය දේශපාලන ,ආර්ථික තත්වයන් වලට පමණක් නොව ,සමාජ සංස්කෘතික ,තත්වයන් වලට වෙන සදාචාර තත්වයන් ටිකක් ඔවුන් කරලීයට ගෙනවා එහිදි වංචනිකයකූ අතින් ගැබ් ගන්නා ගර්බණි ප්‍රාණ ඇප කාරණියක් සමග මංකොල්ල කරුවෙකු ප්‍රෙමයෙන් වෙලිම ,එපමණක් නොව ප්‍රධාන පොලිස් පරික්ෂක වරිය ,මකොල්ලයේ මහා මොලකරු සමඟ ප්‍රෙමයෙන් වෙලිම ,ඔහු ඇයව එක දෙබසකින් දෙකකින් නිරුවත් කරනවා “මෙක මොනවත් නෙමෙයි රකෙල් , නිකන් පෙපර් එකක් විතරයි.. This is Nothing Raquel, This is paper මේ දෙබස,ඇගේ නියම ප්‍රෙමය ඔහුට හිමිවෙන්න සමත් වෙනවා..ඒවගේම පරමාදර්ශී චරිත පෙන්වනවාට වඩා හොඳ මෙන්ම ඔවුනගේ පාදඩ ගති ලක්ෂණයන්ද එලියට ගෙනවා ,දුර්වලතා එළියට ගෙනවා ..එය මෙම නිර්මාණයෙහි ගුණය ශක්තිමත් වෙන්න බොහෝ බලපන ලද කාරණායක් .. එමෙන්ම මනුස්ස ගතිය ,මනුෂ්‍යත්වය යන්න පරමාදර්ශී තැන්කට මෙහි නිර්මාණ කරුවන් ඇදගෙන යන්නෙ නෑ ,එනම් සෑබෑ මනුස්සයා හොඳ මෙන්ම වැරදි කරන ,ශිලාචාර මෙන්ම අශිලාචාර තත්වයන් තිබෙන පුද්ගලයන් බව නිරන්තරයෙන් මතුකරනවා ..තවත් පැහැදිලි තත්වය වන්නෙ පවතින ක්‍රමය මගින් අනාථ වුන මිනිසුන්ගේ සම්බන්ධයෙන් හරි අපුරුවට සිත්තම් කිරිමයි ..එය සංකේතයම වශයෙන් ඔවුන් භවිතා කරන විදිහ අති විශිෂ්ටයි .උදාහරණයක් වශයෙන් විවිධ ඛෙදාන්තයන් , ඛෙදවාචකයන් වලට ගොදුරු වු ලොව ප්‍රධාන නගර මංකොල්ල කරුවන්ගේ නම් ලෙස භවිතා කිරිම .මෙහිලා පෙන්වා දිය හැකියි.

බල අධිකාරයන් , විසින් මුදල් සංසරණ පද්ධතියක් සැකසිම් එය හරහා සියලු සිතුම් පැතුම් ඉෂ්ඨ සිද්ධ කරගැනිමට බලකිරිම කෙතරම් සදාචාර සම්පන්නද ?එය මාර්ගයෙන් එක තැනකට පමණ ක් මුදල් රැස්කිරිම සමස්ථ මානව ක්‍රියාකාරකම් නොමඟ යවන සුළුද ? උදාහරණයක් වශයෙන් google අපට ඈත සිට බලන කල්හි පෙනෙන්නෙ සමස්ථයට අවස්ථාව ලැබෙන එකක් බවයි නමුත් ඔබ සිතුවාද එය මෑත ඉතිහාසයේ පහළ වු ප්‍රබල මුදල් සංසාරණ පද්ධතිය සහ එක පාර්ශවක් ලාභ ලබා ගනිද්දි තවත් පාර්ශව උන්මත්තකයන් වෙලා ,අපරාධකරුවන් වෙලා,, .මෙයම තවත් පැතිකඩකින් බලන විට මුදල් කියන වස්තු විෂය මිනිහෙකුගේ සාර්ථකත්වය මනින මිනුම් දණ්ඩ වෙලා ..ඔහුගේ අනෙකුත් වටිනාකම් වලට කිසිදු ඉඩක් නෑ .. ඒ වගේම මෙම නිර්මාණයේ එන අර්තුරෝ රොමාන් වැනි ප්‍රතිපත්තියක් නැති ,වගකිම් විරහිත ,මිනිසුන් බිහිවෙලා..තුත්තිරි ගස් , ගස් වෙලා ඇත්තටම් එය කෙතරම් සදාචාර සම්පන්නද ? යන්න Money Heist නිර්මාණයේ නිරන්තරයෙන් ප්‍රශ්න කරනවා..එය ඇත්තටම අපව නිරුවත් කරනවා..

මේ ලිපිය මා ලියන්නට කෙටි සාකච්ඡාවන් පැවැත්තුවා ,ඔවුන් සමඟ ඇතිවු කතිකාව මා දිරි ගැන්නුවා මේ ලිපිය ලියන්න..
(අංජලි සකුන්තලා ,රංජිත් සිංහරාජ ,සංඛ මල්වත්ත )

සංජිව සෙනවිරත්න (NO NAMES Collective )

leave a reply