යොවුන් නව කතාව නාගරික පැල්පත්වාසී යොවුන්විය පිළිබඳ ව දිගහැරෙන අපූරු කතන්දරයකි.
යොවුන් සාහිත්‍ය කෘතිවල බහුලව හමුවන “ජනප්‍රිය වීරත්වය” පිණිස කායික මානසික ශක්තිය මුදාහරින ප්‍රධාන චරිතය මෙහි මුණ නොගැසුණි.ඒ වෙනුවට තමා අයත් අවවරප්රසාදිත පරිසර පද්ධතිය ගිලගනිමින් පවතින සමාජවිරෝධී විෂමාචාරවලට ගොඳුරු නොවීම පිණිස “දසුන් සමරතුංග” නව යෞවනයාට මුදා හැරීමට වන සුවිශේෂී ශක්තිය , ප්‍රගුණ කිරීමට වන කුසලතාවය මෙහි එන සෙසු චරිත හා සිදුවීම් වටා සියුම් ලෙස මතු කර ඇත.එය අද වනවිට කොළඹ හයට පමණක් නොව මුළු මහත් සමාජයේ වරප්රසාදිත හෝ අවවරප්රසාදිත හෝ කිසිඳු බේදයකින් තොරව යොවුන්වියට එළැඹෙන්නෝ විසින් මතුකරගත යුතු ව ඇති වීරත්වය බව නොකිවමනා ය.
එසේ වුවද එය මතු කිරීම උදෙසා මෙහි චරිත කළු හෝ සුදු වශයෙන් වර්ණාලේප නොකරන කතුවරයා සුභූති පුර පීඩිත මිනිසුන් වෙත දසුන් හා එහි වෙසෙන සමවයස් දරුවන් හරහා හෙළන මානුෂික බැල්ම කෘතිය පුරා දැකිය හැක. මෙම කවිපෙළෙහි ද ඇත්තේ එම සහකම්පනයෙන් යුතු ලිවීමයි.
විභූති පුර
එක පෙළට තෙරපෙන
පැල්පත් අතර රජවෙන
ගිනියම් අව්වට කරවෙන
දුගී දුප්පත්කම
ජංගි කොට දවටගෙන
අකුරු නැති පුංචි
දරු කැළ
රඟන සෙල්ලං චරිත බල බල
වැහි මාර අතු නැමී
සෙමින් හිස පිරිමදින…
ගිනි වතුර පෝලිමක
දියවෙලා යන පිරිමිකම
පහන් කණු යට
අඳුරු මුලුවල
වැලපෙනාවිට
ගැහැණු හදවත
මත් රකුසු පරපුර ම
යෞවනය වටකර
වැහි මාර මල් වැටී
මග දෙපස සැරසුව ද
දෙව්රමට යන පාර
අමතක ද මිනිසුනේ…
අවසානයේ, සුභූති පුර පරිසරය හා නොඇලී නොගැටී එයම සුබවාදී ලෙස හසුරුවාගනිමින්
ඔපමට්ටම් වන දසුන්ගේ පරිකල්පන ප්‍රතිභාව උත්කර්ෂයට නංවන අපූරු සිදුවීමකින් කතාන්දරය නිම වෙයි.
අශෝක කුලතුංග සහෝදරයා “කොළඹ 6 ” සමඟ යොවුන් නවකතා ක්ෂෙත්රයෙහි සිය පළමු පියවර එසවීම අගය කරන අතර එ මගෙහි සාර්ථක ගමනකට සුබ පතමි…!