මී අඹ පළුව

වට වක්කලං
නිම්න තැනිතලා
ගුල් ඈගුල්
මත දැවටෙමින්
දිය සෙවෙල්
මඩ තරල මත ලිස්සමින්
බලු දං පදුර යටට විත්
පීලලෙන් දොවන
නාරි රූ හැඩ රටා
රහසේ බැලූ මට
අයිති කර ගන්න එකම මග
එරූ
මීඅඔ පළුවක කැටයම් කිරීමය

ගංජා මිටියකුත් වීසි කොට බලු දං පදුරට
ග්රාමසේවක මා කොටු කළා පොලීසියට

හිරේකට අරගෙන යන්න පුළුවන් ද
වැඩ අවසන් නොකළ නාරි රූපයක්

ඉතිරි අඩ
හිතෙන් අඔ අඔ
තාත්තට කීවා අතින් අඹන්නට

සිහිනිග වටොර
වසාරොද රැලි මත
තාත්තාගේ අතේ ගැස්සුම්
නියං පාරය

මගේ උඩු කය
තාත්තාගේ යටි කය
නොපෑහේමය

නිදහස ලද දිනම
රෑ එලිවන තුරා
නියං තල මුවාත් කර කර
පොර බැදූවෙමි
එරූ නිමහම් කරන්නට

සදත් මිය ඇදෙන තුන්යම
තාත්තා මැරී හිටියා
බෙල්ල වැල දාගෙන
මී අඹ අත්තක

හැමදාම
දඩු අඩුවට හිර කොට ගනිමි
උබෙි ළය පසාරු කරන්නට හිතෙන
බුරුම සිත

කාරා කෙළ ගසමි යබොරෙට
කර කුට්ටන්ව ගිය මහ පොළොවට
හත් දවසෙ දානෙට
පින්වතුන් පිරිපහදු කළ බුලත් විට

දිලීප් කුමාර ලියනගේ

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...