2050 දී අවසන්වීමට නියමිත සනතෝරියා වැඩසටහන

පසුගිය මාස 6 ටම සර්ජෝර්නෝ ලබා දීමට අදාල ලේඛනගත කටයුතු සිදු කොට ඇත්තේ අයදුම්පත් වලින් 0.71% ක් පමණයි.

මීට මාස 6 කට පෙර ඉතාලියේ නීත්‍යානුකූල නොවන ලෙස රැුඳී සිටි විදේශිකයින් සඳහා වීසා ලබාදීමේ පොදු සමා කාලයක් ලබා දුන් අතර ඒ අනුව ලක්ෂ දෙකකට වැඩි ප‍්‍රමානයක් ඉල්ලූම්පත් යොමුකර තිබුනි. එසේ ඉදිරිපත් වූ අයදුම්පත් 207,000 අතරින් රැකියා ගිවිසුම් අත්සන් තබා ඇත්තේ 1,480 ක් සඳහා පමනි. එනම් 0,7%කි. මේ වන විටත් ප්‍රෙෆෙත්තූර ආයතන (ප‍්‍රාන්ත) 40 ක අයදුම් කරුවන් දැනුවත් කිරීම පවා ආරම්භ කර නැත. මේ වේගයට අනුව ඇස්තමේන්තු කල හොත් මිලානෝහි සියලූම ලිපිගොනු පරීක්ෂා කිරීමට වසර 30 ක් ගතවනු ඇත. මේ තත්වය හමුවේ ක්ෂණික ක‍්‍රියාමාර්ගයක් අවශ්‍යය බව එරෝ ස්ත‍්‍රනියෙරෝ (සංක‍්‍රමණිකයෙකුව සිටියෙමි* සංවිධානය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වෙත අභියාචනයක් මගින් ඉල්ලා සිටී. නො එසේනම් මෙම සනතෝරියා වැඩසටහන සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට සිදුවනු ඇතැයිද ඔවුන් රජයේ අවධානයට යොමුකර සිටී.

ඒ බව මෙම දත්ත දෙස බැලීමේදී වුවද පැහැදිළි වේ. යථාර්ථය නම් තවමත් ලක්ෂ 2 කට අධික පිරිසක් ඔවුන්ගේ අයදුම්පත සාර්ථක වේදැයි දැන ගැනීමටවත් නොහැකිව බලා සිටින බවයි. ඉදිරිපත්වූ අයදුම්පත් ප‍්‍රමානය 207,708 කි. මේ වන විට කැඳවා ඇති අයදුම් කරුවන් ගනන 13,244 කි. ඉන් සර්ජෝර්නෝ සඳහා ඉල්ලූම් කල පිරිස 10,701 කි. ප‍්‍රතික්ෂේප කිරීම් 923 ක් වන අතර අතහැර දැමූ ඉල්ලූම්පත් ගනන ඉන් 440 කි. කුඩා නගරවලට අදාල තත්වය යම් ආකාරයකට සතුටුදායක නමුත් විශාල නගරවල තත්වය ඉතා සෝචනීය වේ. මේ යන වේගය අනුව සලකා බලන විට රෝමයට වසර 5කුත් මිලානෝ වලට වසර 30කුත් ගතවනු ඇත.

ඒ අතර සනතෝරියා මගින් කලින් වීසා තිබී පසුව අහෝසිවූ අයට නැවත ඉල්ලූම් කිරීමට ලබා දුන් අවස්ථාවට අනුව කෙලින්ම ක්වෙස්තූර ආයතන වෙත ඉදිරිපත්කල ඉල්ලූම් පත් සලකා බැලීම වඩා හොඳය. ලැබී ඇති අයදුම්පත් 12,986 ක්වූ ප‍්‍රමානයෙන් මේ වන විට වීසා 8,887 ක් ලබා දී ඇති අතර එය සියයට 68 කි.
මෙම දැවැන්ත ප‍්‍රමාදයන්ගේ ප‍්‍රතිවිපාක බල පාන්නේ ඉල්ලූම් කර ඇති අයගේ ජීවිතවලට පමණක් නොව, කෝවිඞ් පාලන එන්නත් කිරීමේ ව්‍යාපාරය දෙස බලන විට තත්වය තවත් බරපතල ලෙස පෙනේ. මේ සියල්ල සලකා බලා ඉක්මන් මැදිහත්වීමක් මේ වෙනුවෙන් යොමුවිය යුතුම බව නැවත නැවත අවධාරණය කරමු.

තීමස් විජිත්

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...