Breaking News

2050 දී අවසන්වීමට නියමිත සනතෝරියා වැඩසටහන

නිලධාරිවාදය පොදු සමා අවස්ථාව (සනතෝරියා) අවහිර කරයි.

පසුගිය මාස 6 ටම සර්ජෝර්නෝ ලබා දීමට අදාල ලේඛනගත කටයුතු සිදු කොට ඇත්තේ අයදුම්පත් වලින් 0.71% ක් පමණයි.

මීට මාස 6 කට පෙර ඉතාලියේ නීත්‍යානුකූල නොවන ලෙස රැුඳී සිටි විදේශිකයින් සඳහා වීසා ලබාදීමේ පොදු සමා කාලයක් ලබා දුන් අතර ඒ අනුව ලක්ෂ දෙකකට වැඩි ප‍්‍රමානයක් ඉල්ලූම්පත් යොමුකර තිබුනි. එසේ ඉදිරිපත් වූ අයදුම්පත් 207,000 අතරින් රැකියා ගිවිසුම් අත්සන් තබා ඇත්තේ 1,480 ක් සඳහා පමනි. එනම් 0,7%කි. මේ වන විටත් ප්‍රෙෆෙත්තූර ආයතන (ප‍්‍රාන්ත) 40 ක අයදුම් කරුවන් දැනුවත් කිරීම පවා ආරම්භ කර නැත. මේ වේගයට අනුව ඇස්තමේන්තු කල හොත් මිලානෝහි සියලූම ලිපිගොනු පරීක්ෂා කිරීමට වසර 30 ක් ගතවනු ඇත. මේ තත්වය හමුවේ ක්ෂණික ක‍්‍රියාමාර්ගයක් අවශ්‍යය බව එරෝ ස්ත‍්‍රනියෙරෝ (සංක‍්‍රමණිකයෙකුව සිටියෙමි* සංවිධානය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වෙත අභියාචනයක් මගින් ඉල්ලා සිටී. නො එසේනම් මෙම සනතෝරියා වැඩසටහන සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට සිදුවනු ඇතැයිද ඔවුන් රජයේ අවධානයට යොමුකර සිටී.

ඒ බව මෙම දත්ත දෙස බැලීමේදී වුවද පැහැදිළි වේ. යථාර්ථය නම් තවමත් ලක්ෂ 2 කට අධික පිරිසක් ඔවුන්ගේ අයදුම්පත සාර්ථක වේදැයි දැන ගැනීමටවත් නොහැකිව බලා සිටින බවයි. ඉදිරිපත්වූ අයදුම්පත් ප‍්‍රමානය 207,708 කි. මේ වන විට කැඳවා ඇති අයදුම් කරුවන් ගනන 13,244 කි. ඉන් සර්ජෝර්නෝ සඳහා ඉල්ලූම් කල පිරිස 10,701 කි. ප‍්‍රතික්ෂේප කිරීම් 923 ක් වන අතර අතහැර දැමූ ඉල්ලූම්පත් ගනන ඉන් 440 කි. කුඩා නගරවලට අදාල තත්වය යම් ආකාරයකට සතුටුදායක නමුත් විශාල නගරවල තත්වය ඉතා සෝචනීය වේ. මේ යන වේගය අනුව සලකා බලන විට රෝමයට වසර 5කුත් මිලානෝ වලට වසර 30කුත් ගතවනු ඇත.

ඒ අතර සනතෝරියා මගින් කලින් වීසා තිබී පසුව අහෝසිවූ අයට නැවත ඉල්ලූම් කිරීමට ලබා දුන් අවස්ථාවට අනුව කෙලින්ම ක්වෙස්තූර ආයතන වෙත ඉදිරිපත්කල ඉල්ලූම් පත් සලකා බැලීම වඩා හොඳය. ලැබී ඇති අයදුම්පත් 12,986 ක්වූ ප‍්‍රමානයෙන් මේ වන විට වීසා 8,887 ක් ලබා දී ඇති අතර එය සියයට 68 කි.
මෙම දැවැන්ත ප‍්‍රමාදයන්ගේ ප‍්‍රතිවිපාක බල පාන්නේ ඉල්ලූම් කර ඇති අයගේ ජීවිතවලට පමණක් නොව, කෝවිඞ් පාලන එන්නත් කිරීමේ ව්‍යාපාරය දෙස බලන විට තත්වය තවත් බරපතල ලෙස පෙනේ. මේ සියල්ල සලකා බලා ඉක්මන් මැදිහත්වීමක් මේ වෙනුවෙන් යොමුවිය යුතුම බව නැවත නැවත අවධාරණය කරමු.

තීමස් විජිත්

leave a reply