වරාය මුල් කරගෙන ආණ්ඩු විරෝධී මහා රැල්ලකට ඉඩ තියන්න එපා – පූජ්‍ය බෙංගමුවේ නාලකහිමි

කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමක් වන ආදානි සමාගමට විකිණිමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කිරීමට බලවේග එකරාශි වී පුළුල් සන්ධානයක් ගොඩ නගා කිණීමේ ක්‍රියාවලිය පරාජයට පත් කරන්න අවශ්‍ය කරන පියවර ගනිමින් තිබේ. මේ අතර ආණ්ඩු පාර්ශවයේ පුද්ගලයන් විවිධ අවස්ථාවලදී විවිධ මත පළ කරමින් කොළඹ වරාය විකුනන්නෙ නැති බව සමාජගත කිරීමට පරස්පර විරෝධී අදහස් එළි දක්වමින් ඉන්නවා. පහත සඳහන් අමාත්‍යවරුන් දෙදෙනාගේ ප්‍රකාශ ඊට උදාහරණ සපයනවා.

එස් එම් චන්ද්‍රසේන ඉඩම් අමාත්‍යවරයා පවසන්නේ කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට නොදී තබා ගැනීමෙන් ඉන්දියාව වෙනත් ක්‍රියාමාර්ගවලට යනකොට අපිට වෙන්නේ අපේ වරාය බල බලා ඉන්න , එනිසා අපේ රටේ දේපොළ සුරක්ෂිතභාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඉන්දියාවට ලබා දීමසිදුකළ යුතු බවයි.

නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියේදී අපි පැහැදිලිවම කිව්වා රටේ ජාතික සම්පත් විශේෂයෙන්ම අපේ රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණන්නේ නැහැ කියලා. ඒ ස්ථාවරයේ අපි අදත් ඉන්නවා එදත් හිටියා ජනාධිපතිතුමත් පහුගිය සතියේ පැහැදිලිව මේ කාරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා.

ජාතික සංවිධාන සම්මේලනයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලකහිමි ආණ්ඩුවේ මෙම දෙබිඩි පිළිවෙත හෙළා දැක තිබේ.එහිදී අදහස් දක්වමින් උන්වහන්සේ අසා සිටි ඒ ආණ්ඩුව සිතා සිටිනවා ද අපිව රවට්ටන්න පුළුවන් කියලා,මේ ආදානි කොම්පැනිය කියන්නේ මහා භයානක කොම්පැනියක්.ඉන්දියාවේ ජාතික වරායක් වන ජවහල්ලාල් නේරු වරාය කටයුතු කරලා ඔවුන්ගේ වරායවල් මතු කර ගත්තු කම්පැනියක් මේක.කොළඹ ඉඳලා කිලෝමීටර්ඒ අයත් දැන් හදලා තියෙනවා.එහෙම කොම්පැනියක් මේ සීයට 49 ලබාගෙන හිතනවද අපට හිතවත්ව වැඩ කරයි කියලා.ඒ නිසා අපි කියන්නේ මේ වරාය මුල් කරගෙන ආණ්ඩු විරෝධී මහා රැල්ලකට ඉඩ තියන්න එපා යයි උන්වහන්සේ පවසයි .

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...