වරාය මුල් කරගෙන ආණ්ඩු විරෝධී මහා රැල්ලකට ඉඩ තියන්න එපා – පූජ්‍ය බෙංගමුවේ නාලකහිමි

කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමක් වන ආදානි සමාගමට විකිණිමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කිරීමට බලවේග එකරාශි වී පුළුල් සන්ධානයක් ගොඩ නගා කිණීමේ ක්‍රියාවලිය පරාජයට පත් කරන්න අවශ්‍ය කරන පියවර ගනිමින් තිබේ. මේ අතර ආණ්ඩු පාර්ශවයේ පුද්ගලයන් විවිධ අවස්ථාවලදී විවිධ මත පළ කරමින් කොළඹ වරාය විකුනන්නෙ නැති බව සමාජගත කිරීමට පරස්පර විරෝධී අදහස් එළි දක්වමින් ඉන්නවා. පහත සඳහන් අමාත්‍යවරුන් දෙදෙනාගේ ප්‍රකාශ ඊට උදාහරණ සපයනවා.

එස් එම් චන්ද්‍රසේන ඉඩම් අමාත්‍යවරයා පවසන්නේ කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට නොදී තබා ගැනීමෙන් ඉන්දියාව වෙනත් ක්‍රියාමාර්ගවලට යනකොට අපිට වෙන්නේ අපේ වරාය බල බලා ඉන්න , එනිසා අපේ රටේ දේපොළ සුරක්ෂිතභාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඉන්දියාවට ලබා දීමසිදුකළ යුතු බවයි.

නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියේදී අපි පැහැදිලිවම කිව්වා රටේ ජාතික සම්පත් විශේෂයෙන්ම අපේ රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණන්නේ නැහැ කියලා. ඒ ස්ථාවරයේ අපි අදත් ඉන්නවා එදත් හිටියා ජනාධිපතිතුමත් පහුගිය සතියේ පැහැදිලිව මේ කාරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා.

ජාතික සංවිධාන සම්මේලනයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලකහිමි ආණ්ඩුවේ මෙම දෙබිඩි පිළිවෙත හෙළා දැක තිබේ.එහිදී අදහස් දක්වමින් උන්වහන්සේ අසා සිටි ඒ ආණ්ඩුව සිතා සිටිනවා ද අපිව රවට්ටන්න පුළුවන් කියලා,මේ ආදානි කොම්පැනිය කියන්නේ මහා භයානක කොම්පැනියක්.ඉන්දියාවේ ජාතික වරායක් වන ජවහල්ලාල් නේරු වරාය කටයුතු කරලා ඔවුන්ගේ වරායවල් මතු කර ගත්තු කම්පැනියක් මේක.කොළඹ ඉඳලා කිලෝමීටර්ඒ අයත් දැන් හදලා තියෙනවා.එහෙම කොම්පැනියක් මේ සීයට 49 ලබාගෙන හිතනවද අපට හිතවත්ව වැඩ කරයි කියලා.ඒ නිසා අපි කියන්නේ මේ වරාය මුල් කරගෙන ආණ්ඩු විරෝධී මහා රැල්ලකට ඉඩ තියන්න එපා යයි උන්වහන්සේ පවසයි .

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...