අපි ලිංගිකමය වෙනස්කම් සහිතය.එසේම ආකල්පමය,රුචි අරුචි,හැකියා ආදී බොහෝ අංශයන්ගෙන් අපි වෙනස්කම් පෙන්වනු ඇත.
එසේම අප අතර සිදුවන වෙනස්කම් ස්වාභාවිකයක.එය සිදුවෙමින් පවතින අනවතර තත්ත්වයකි.
ගැඹුරු අර්ථයෙන් ගත්කළ වෙනස්කම් ස්වභාවිකය. නෛසර්ගිකය.
එනයින් ගත්කළ වෙනස්කම් අප අනෙකාගෙන් සුවිශේෂීව හඳුනා ගැනීමට,අනන්‍යතා සාධනයට,මානව වර්ගයාගේ පැවැත්මට ආලෝකයක් සපයන තත්වයකි.
වෙනස නිසා අප එකිනෙකා කෙරෙහි බැඳෙයි.ආකර්ෂණීය වෙයි.එකිනෙකා අතර හුවමාරු කරගනියි.එකිනෙකාගේ අඩුපාඩු සපුරා ගනියි.කොටින්ම අප එක්ව ජීවත් වන්නේ හැමවිටම අපිට වඩා වෙනස් ලෝකයන් සමඟයි.සමාන ලෝකයන් හා ගණුදෙනු කළානම් විචිත්‍රවත් බව යනු හීනයක් පමණි.
ජීවිතයේ හැම මොහොතම අප වෙනස්කම් ඉල්ලන්නේ එහි ඇති වෙනස් රසය නිසාමය.
එහෙත් විභේදනය වෙනස්කමට සපුරා පටහැනිය.ලිංග,පංති,වර්ග,කුල,වර්ණ,ආගම්,වාර්ගික,ප්‍රාදේශීය ආදී වශයෙන් අපි අතර විභේදන රැසකි.
එහෙත් විභේදනයේ අවුල එය ස්වභාවිකත්වයට සම්පූර්ණ පටහැනි කෘතීම නිර්මිතයක් වීමයි.
විභේදනය තුළ උස්පහත්කම් ඇත.එනිසාම ඒ තුළින් ස්වායත්ත බව සිඳ පරායත්ත භූමිකා නිර්මාණය කරයි.එතුළින් දුක,පීඩාව,පෙළීම,මර්දනය,යටත්කරගැනීම වැනි මානවවාදයට පටහැනි ක්‍රියා රැසක් උපදී.පුද්ගල අනන්‍යතාවයන්ට තර්ජනය කරන අතර ඒකාබද්ධතාවයට තර්ජනය කරයි.
මේ අනුව ලිංග,ජාති,වර්ග,කුල,ආගම්,වර්ණ,භූමීය විභේදන යනු විකෘතියකි.ස්භාවිකත්වයට පටහැනි වූවකි.
එය උදාහරණයකින් කිවහොත් ස්ත්‍රී – පුරුෂ ව්හේදනය තුළ ගැහුණු ගති හා පිරිමි ගති ආරෝපිතය.ගැහැණිය මෘදුය.පිරිමියා රළුය.එකී විභේදනය සමාජ නිර්මිතයකි.බැරිවෙලාවත් පිරිමියා මෘදු වුවහොත් එය විකෘතියක් ලෙස විග්‍රහ කෙරෙනු ඇත.එහෙත් මේ නිර්මිතය නිසා ගැහැණිය සදාකාලිකව පිරිමියාගේ රළු ගති දරාගත යුතු අතර පිරිමිකම රැකගැනීමට පිරිමියා රළුවිය යුතුය.
එකී ව්භේදනය බොහෝවිට සමාජමය රිදුම් පිපිරුම් ලෙසින් උසාවි ගානේ රස්තියාදු වන්නේ ඒ නිසාය.
එසේනම් විභේදනයට යටත් වීමත් වෙනසට ගරු නොකිරීමත් අප දැනටමත් බොහෝ වැරදි ගමන් රැගෙන ගොස් අවසන් ය.