වැලි – පස් කැණීම සඳහා රජයෙන් තවත් සහන දෙයි

වැලි ඇතුළු ඛනිජ ප්‍රවාහනය සඳහා පනවා තිබූ සීමා තවදුරටත් ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව වැලි ප්‍රවාහනය කරන වාහනයේ අංකය සහ වැලි ප්‍රවාහනය කරන ගමනාන්තය අයත් පොලිස් බල ප්‍රදේශය ප්‍රවාහන බලපත්‍රයේ අනිවාර්යෙන් සඳහන් කිරීම අවශ්‍ය නොවන බව භූ විද්‍යා සමීක්ෂණ සහ  පතල් කාර්යාංශය පවසයි.

ඒ අනුව වැලි කැණීම් සිදු කරන ස්ථානය පමණක් බලපත්‍රයේ සඳහන්ව තිබීම ප්‍රමාණවත් වේ. මීට අමතරව දවසේ ඕනෑම වේලාවක වැලි ප්‍රවාහනය සඳහා අවස්ථාව ලබා දීමටද රජය තීරණය කර තිබේ.

මෙම නීති ලිහිල් කිරීම ලබන 11 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ  වැලි සහ පස් බලපත්‍ර නොමැතිව ප්‍රවාහනයට අවසර ලබාදීම හේතුවෙන් විශාල වශයෙන් පරිසර විනාශයක් සිදුවෙමින් පවතියි.

මේ වනවිට ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලකයන් ඇතුළු එක් එක් ප්‍රදේශවල ප්‍රබලයන් මීට පෙර හොර රහසේ කරමින් සිටි වැලි ජාවාරම එළිපිට කිරීමට පටන් ගෙන ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...