රනිල්ගේ විකුනොමික්ස් – R.M. Parks Inc. සහ ෂෙල් සමාගමට ඉන්ධන වෙළඳාමට අවස්ථාව

ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩාකිරීම, බෙදාහැරීම සහ විකිණීම සඳහා මෙරට රජය R.M. Parks Inc. සහ ෂෙල් සමාගම සමඟ දිගු කාලීනව ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

අද (08) ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊට අත්සන් තැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ මත එම ගිවිසුමට එළැඹ ඇති බව සඳහන්.

අද අත්සන් කල ගිවිසුම අනුව වසර විස්සක කාලයක් සදහා එම සමාගමට ඉන්ධන ආනයන කිරීමේ, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ අවසරය හිමිවේ. එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ගිවිසුම්ගත වී ඇති ඉන්ධන පිරවුම්හල් 150ක් මගින් එම ව්‍යාපාර ආරම්භ කරන අතර තවත් නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමේ අවසරයද ඔවුනට ලැබෙනු ඇති බව බලශක්ති ඇමතිවරයා පවසයි .

මේ පිළිබඳව ප්‍රචාරණයක් ලබාදෙමින් ආණ්ඩුව පවසන්නේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම වෙනුවෙන් ආයෝජන ගලා එන බවයි. නමුත් තෙල් සංස්ථාව ව්‍යාපාර වෙනත් සමාගම්වලට විකිණීම ආයෝජනයක් වන්නේ කෙසේද යන්න බොහෝ පිරිසක් ප්‍රශ්න කරමින් සිටියි. එම පිරිස් පවසන පරිදි මේ හරහා සිදුවන්නේ රටේ ආර්ථිකය ඉහළ නැංවීම කෙසේවෙතත් රජයට ලැබෙන ආදායම තවත් අඩුවීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...