රනිල්ගේ විකුනොමික්ස් – R.M. Parks Inc. සහ ෂෙල් සමාගමට ඉන්ධන වෙළඳාමට අවස්ථාව

ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩාකිරීම, බෙදාහැරීම සහ විකිණීම සඳහා මෙරට රජය R.M. Parks Inc. සහ ෂෙල් සමාගම සමඟ දිගු කාලීනව ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

අද (08) ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊට අත්සන් තැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ මත එම ගිවිසුමට එළැඹ ඇති බව සඳහන්.

අද අත්සන් කල ගිවිසුම අනුව වසර විස්සක කාලයක් සදහා එම සමාගමට ඉන්ධන ආනයන කිරීමේ, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ අවසරය හිමිවේ. එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ගිවිසුම්ගත වී ඇති ඉන්ධන පිරවුම්හල් 150ක් මගින් එම ව්‍යාපාර ආරම්භ කරන අතර තවත් නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමේ අවසරයද ඔවුනට ලැබෙනු ඇති බව බලශක්ති ඇමතිවරයා පවසයි .

මේ පිළිබඳව ප්‍රචාරණයක් ලබාදෙමින් ආණ්ඩුව පවසන්නේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම වෙනුවෙන් ආයෝජන ගලා එන බවයි. නමුත් තෙල් සංස්ථාව ව්‍යාපාර වෙනත් සමාගම්වලට විකිණීම ආයෝජනයක් වන්නේ කෙසේද යන්න බොහෝ පිරිසක් ප්‍රශ්න කරමින් සිටියි. එම පිරිස් පවසන පරිදි මේ හරහා සිදුවන්නේ රටේ ආර්ථිකය ඉහළ නැංවීම කෙසේවෙතත් රජයට ලැබෙන ආදායම තවත් අඩුවීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...