වානේ තලන්න තලන්න පන්නරය ලබනවා වගේ මර්දනය ඉදිරියේ ජනතාව නැගී සිටිනවා – වසන්ත මුදලිගේ

ආණ්ඩුව ජනතාව වෙත මර්දනය කැඳවන්න කැඳවන්න ජනතාව නැගී සිටින සිටින බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි. ඔහු පැවසුවේ වානේ තල්ලන්න තලන්න ශක්තිමත් වන්නා සේ ජනතාවත් මර්දනයට මුහුණ දෙමින් නැගී සිටින බවයි.

ඔහු මේ බව පැවසුවේ අද මර්දනයට එරෙහිව කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එසේම හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අන්තරේ විරෝධතාවයට පහරදීමට පැමිණි පිරිස ගැන නොදන්නවා නම් ටිරාන් අලස්ගෙන්, දේශබන්ධු තෙන්නකෝන්ගෙන් ඒ ගැන විමසන ලෙසද වසන්ත මුදලිගේ පවසයි. ඔහු පවසන්නේ විරෝධත්වයන්ට පහරදීමේ මෙහෙයුමක් ගෙනියන්නේ ඔවුන් බවයි.

වෘත්තීය සමිති, සිවිල් ක්‍රියාකාරීන් ඇතුලු පාර්ශව රැසක සහභාගිත්වයෙන් පැවති මෙම විරෝධතාවය කදුලු ගෑස් ඝාතනවලට, කුරුදු පොලු හමුදාවට, පාසල් දරුවන්ටත් කදුලු ගෑස් ගැසීමට, සරසවි තුලට පොලිස් කඩා පැනිමට එරෙහිව පවත්වන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...