1948 පසු ලක් ඉතිහාසයේ දේශපාලන බල පෙරළියේ උච්චතමය පසුගිය ජනපතිවරණය ලෙස අපට සැලකිය හැකි ය.
එය රටේ ජනතාවගේ පැතුම් මල් ඵල ගැන්වීමක් ලෙස අපට නිර්වචනය කළ හැක. දැන් අප ඉතා තීරණාත්මක මැතිවරණයකට එනම් මහ මැතිවරණයකට මුහුණ දෙමින් සිටී.
ජනපතිවරණයේදී ජාතික ජන බලවේගයට බලය විතැන්වීම පිළිබඳ අප යම් ආනන්දයකට පත් වූයේ මැතිවරණ වේදිකා කතා නිසාවෙනි. එහෙත් ඒවා එසේම සිදුවනාවාද යන්න උගන්ඩා කතාව වැනි කතා හරහා අපගේ එම ආනන්දයට යම් සෙලවීමකට පත්ව ඇත.
රටේ ඉතිහාස දේශපාලය හැදැරීමේදී ජනපතිවරණයට පසු මහ මැතිවරණ ජය, බලය ලැබූ පක්ෂයට හිමිවන බව නිරීක්ෂණය කළ හැක.
එසේනම් මෙවර ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන බව අපට නිගමනය කළ හැක. හොරු ඇල්ලීමට තුනෙන් දෙකක බලය ඉල්ලා සිටින රජය අප බලාපොරොත්තු සුන් කරමින් මේ අල්ලන්නේ පසුගිය රජයන් ඇල්ලූ අඩව්ව ම ද යන අනියත බියෙන් අප තැති ගන්වා ඇත.
දේශපාලනය හෝ ඉතිහාසය නොදත් ඝෝඨාභය එපා වී, කර කියා ගත හැකි දෙයක් නොමැතිව අනුර සහෝදරයාට මනාපය දී අද උඩ පනින සමහරුන් සිතනුයේ තමන් නියම ජවිපෙ සහෝදරවරුන් ලෙස ය.
එහෙත් අදටත් පක්ෂයට දරදිය අදින නියම සහෝදරවරුද පක්ෂය අද ගමන් කරනා ගමන් මඟ ගැන යම් නිහඬ විවේචනයක බව අප නොදන්නවා නොවේ.
මෙහි අති භයානකම පැතිකඩ මේ අඩුපාඩු මතින් පැරණි හොරුන් නැවත පාර්ලිමේන්තු බලය සියතට ගැනීමේ කුමන්ත්‍රණයක නියැලවීම ද?
ඔවුන් සියල්ල එකට සන්ධාන ගත වීමට ඇති ඉඩ කඩ බොහෝ විට වැඩි අතර එසේ නොවූවද ජාතික ජන බලවේග රජයක යම් වරදක් පෙන්වා දීමට තරම් බුද්ධිමත් කෂේරුකා ඇති උන් විපක්ෂයේ සිටිනවා ද යන්නයි.
විපක්ෂයක් නැති රටක පාලකයා අයාලේ යන බව අප පැවසිය යුතු නැත. එසේනම් රටක විපක්ෂයේ කාර්ය භාරය අති විශාල ය.
ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ සහෝදරවරු පවා අද පිළිගන්නා කාරණය, පක්ෂය දකුණට බරව ගමන් ගන්නා බවයි.
පසුගිය දිනක සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා පැවසූයේ, අතීතයේ අප ජනතා විමුක්ති පෙරමුණේ වැඩ කරන සමයේ කියා ය. එසේනම් ඔවුන් දැන් දැන් වම අත හැර ඇත.
ඒ කෙසේ වෙතත් පුරවැසියන් හැටියට අපට මූලික විය යුත්තේ පක්ෂයක් හෝ පුද්ගලයෙකු නොව රටකි.
යම් හෙයකින්, ජාතික ජන බලවේගය රටට අහිතකර තීන්දු තීරණ ගැනීමේදී පාර්ලිමේන්තුව තුළ ඊට එරෙහි වීමට හැකි, ශක්තිමත් මන්ත්‍රීවරු කිහිප පලක් හෝ සිටිය යුතු ම ය. එසේම ඔවුන් එයට සුදුසු විය ද යුතු ම ය.
අද රටේ එවැනි සුදුසු පුද්ගලයන් සිටිනුයේ ජන අරගල සන්ධානයේ බව පුන පුනා කිව යුතු නොවේ.
ඔවුන් කුඩා කණ්ඩායමකි. අප නිරීක්ෂණය කළ අන්දමට තවමත් ඔවුන්ගේ ප්‍රචාරණ ශක්තිය හා සංවිධාන ශක්තිය කුඩා ය. එයට හේතුව කිසිදු ප්‍රතිලාබයක් නොකතා තම දහඩිය කඳුළ මෙන්ම කාලය ද පක්ෂයට කැපකරන සහෝදරවරුන්ට රටේ බොහෝ ධනපතියන් මෙන්ම ඔවුගේ සුහච කීකරු මාධ්‍යය පවා ඉඩක් ලබා නොදෙන නිසා වෙනි.
සමාජ මාධ්‍යය හරහා පවා ඔවුන්ට සහය වන්නන්ට මෙන්ම ඔවුන්ගේ ප්‍රචාරණ ක්‍රියාවලිය අවහිර කිරීමට බොහෝ බත් බැලයන් වලිකන හැටි අප දිගින් දිගට ම දුටුවෙමු.
එය ම ඔවුන්ටද අවස්ථාවක් ලබා දිය යුතු බව අපට පෙනෙනා කාරණාවක් මැ යි. පාර්ලිමේන්තුව තුළ ඔවුන්ට බහුතර විපක්ෂය වීමේ හැකියාවක් නැත. එහෙත් අප ඔවුන්ගේ පක්ෂයට ආසන දෙකක් හෝ තුනක් ලබා දී ඔවුන්ගේ හැකියාවන් සහ කැපකිරීම් කොපමණදැයි බලා ගත යුතු ය.
අද රටේ බලය ලැබු NPP ය වටා පවා හොරුන්, පාදඩයන් එක්වෙමින් යම් යම් ප්‍රතිලාබ ලබා ගැනීමට වෙර දරණ සැටි අපට පෙනෙමින් ඇත.
ඒ අනුව කිසිදු ප්‍රතිලාභයක් නොතකා ඉදිරිපත්ව ඇත් දේශපාලන පක්ෂය ජන අරගල සන්ධානය ලෙස පෙනී යන නිසා ඔවුන්ගේ ශක්තිය උරගා බැලීමට මෙය කදිම අවස්ථාවකි.
මෙහිදි අප ජනඅඑගල සන්ධානයේ කිහිප දෙනෙකු විපක්ෂයට පත්කල යුතු බව අපගේ හැගිමයි.ඒ සදහා අන් සියල්ලන්ට වඩා
පුබුදු ජාගොඩ (කොළඹ)
ලහිරු වීරෙස්කර (ගාල්ල)
වසන්ත මුදලිගේ (ගම්පහ )
යන තිදෙනා සුදුසු බව අපේ හැගිමයි.එයට හේතුන් ලෙස රටේ දේශපාලනික අත්දැකීම් ඇති ශිෂ්‍ය ව්‍යාපාර අරගල අදියෙහි සක්‍රීය වෙමින් අත්දැකීම් බහුල සැබෑ ජවසම්පන්න තරුණයන් වීමයි.
රජය පෙරලීමට නොව පවතින රජය රැකගෙන ඔවුන් යන ගමන් මඟ නිවැරදි දිශාවක් කරා ගෙන යාමට පැරණි පක්ෂ නායකත්වයට නොහැකි බව අප පැවසිය යුතු නැත.
එසේනම් පාර්ලිමේන්තු යැවිය ම යුත්තේ ජාතික ජන අරගල සන්ධානයේ කිහිප දෙනෙකි. ඒ ඉහත සඳහන් තිදෙනා වුවහොත් ඔව් ඔබගේ මනාපය ගැන හෝ විපක්ෂ කාර්යය භාරය ගැන හෝ බිය විය යුතු නැත.
එසේ නොවුණ හොත් අනාගතයේ ඔබේ කතිරය ගැන ඔබට ම පසුතැවිලි වීමට සිදුවනවා නිසැක ය.
රටේ ජයග්‍රහණය සඳහා ඔබේ මනාපය මෙවර ජාතික ජන අරගල සන්ධානයට ලබා දීමයි මේ කිසිදු වරදක් නොමැති බවත්,පාර්ලිමෙන්තුව තුල ජාතික ජනබල වේගයේ රජයක් පිහිටවු කල ජාතික ජන අරගල සන්ධානයේ කිහිප දෙනෙකු විපක්ෂයට රිංගවා ගත හැකිනම් එය රටේ ජයග්‍රහණයක් ලෙස සඳහන් කරන්නේ එනිසාවෙනි.