Breaking News

ඉන්දියාවේ අනුකම්පාව ලංකාවේ සෞඛ්‍ය ඔඩොක්කුවේ දමා ගැනීමට ද?

සැත්කම් සඳහා අත්‍යවශ්‍ය කරන බෙහෙත් සැපයුම්කරුවන්ගේ ප්‍රමාදයක් හේතුවෙන් හිග වූයේ යැයි පවසමින් ඊයේ දිනයේ දී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිදුකිරීමට නියමිතව තිබූ සැත්කම් නවතා දමන බවට නිවේදනයක් නිකුත් කර තිබුණා. පේරාදෙණිය ශික්ශන රෝහල් වාර්තා කරන ආකාරයට අත්‍යවශ්‍යම සැත්කම් හැර අනෙකුත් සැත්කම් තමයි මේ විදිහට නවතා දැමීමට තීරණය කර තියෙන්නෙ. පේරාදෙණිය  ශික්ෂණ රෝහලේ සැත්කම් නවතා දමන බව සමාජ මාධ්‍ය ජාල හරහා පැතිර යෑමත් සමගම ඉන්දියාව මේ ප්‍රශ්නය විසඳන්නට මැදිහත් වෙන බව ප්‍රකාශ කර තිබුණා.

මේ අර්බුද නිරාකරණය කර ගැනීමට ඉන්දියාවේ මැදිහත්වීම පිළිබඳ  දැනුම්දෙමින් එරට අභ්‍යන්තර කටයුතු ඇමති Dr. S. Jaishankar  තමන් මෙයට සහය දෙනබව ට්විටර් පණිවිඩයක් දන්නවා තිබුණා. ඒ අනුව ඉන්දියානු මහ කොමසාරිස්වරයා ද මැදිහත් වේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වගකිවයුතු නිලධාරීන් සමඟ කතාබහ කොට අවශ්‍ය බෙහෙත් ලබාදීම සඳහා වූ එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

අද දිනේ දී පේරාදෙණිය ශික්ෂණ රෝහල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නැවත සියලු සැත්කම් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෙනකු අවිශ්වාසය පළ කරමින් සිටින බව දැක ගන්නට පුළුවන්. විශේෂයෙන්ම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ඇතුළු ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ණය ගැනීමට හැකි යැයි සිතන සියලුම රටවල් වලින් ණය ආධාර ඉල්ලමින් සිටින අතරතුර මෙම ණය ආධාර වලට හිලව් වීම සඳහා  රටට හෙළි නොකළ ගිවිසුම් අත්සන් කරමින් සිටිනවා. එමෙන්ම ඉන්දියාව ලොව විශාලතම ඖෂධ නිෂ්පාදනය කරන සමාගම් හිමි රට ද වෙනවා.අතිරික්ත වෛද්‍ය හා හෙද සේවක සේවිකාවන් වැඩිම පිරිසක්ද  ඉන්දියාවේ සිටින අතර  රන්තරයෙන ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඉන්දියාවේ බලපෑම එල්ල වෙමින් තිබුණි. මේ හේතුවෙන් ණය අර්බුදයේ සිර වී සිටින ශ්‍රී ලංකාව ගොඩ ගැනීමට යැයි පවසමින් විවිධ ආකාරයෙන් ණය ලබා දෙමින් ඉන්දියාව සූක්ෂම ලෙස සෞඛ්‍යය  ක්ෂේත්රය තමන් අතට ගැනීමට ගිවිසුම් සකසා සිටින්නේ ද යන්න පිළිබඳව කාගේත් අවධානය යොමු වී තිබේ.

leave a reply